2022 වසරට ලංකාවේ අපිට ගැලපෙන හොඳම online shopping වෙබ් අඩවි කිහිපයක්

Articles Nov 16, 2021

1.Amozon

Amozon ගැන ඔබ අසා  ඇති.එය  දැනට ඇති විශාලතම online shopping store එක වේ.   ජාත්‍යන්තර විකුණුම්කරුවන් විශාල ප්‍රමාණයක් මේ සදහා සේවා සපයන අතර ඔවුන්ගෙන් ඔබට පොත්, ඇදුම්,  රූපලාවණ්‍ය නිෂ්පාදන, තාතාක්ෂණික උපකරණ ඇතුළු බොහෝ දේ ලබා ගන්න පුළුවන්.  Amozon තුළ ඇති විශිෂ්ට පාරිභෝගික සේවය, මුදල් ආපසු ගෙවීමේ සේවාව, Fast delivery වැනි සේවා නිසා බොහෝ දෙනා Amozon භාවිතා කරති.

2.eBay

ඔබ අරපිරිමැස්මෙන් මුදල් භාවිතා කරන්නෙක් නම් ඔබට eBay වැදගත් වනු ඇත.විවිධ මිල පරාසයන් යටතේ මෙහි භාණ්ඩ වර්ගීකරණය කරනය කර ඇති නිසා එය ඔබට තවත් පහසුවක්ය.   එසේම ඔබට අවශ්‍ය භාණ්ඩය පහසුවෙන් සොයා ගැනීම සදහා විවද tools මෙහි දී ඇත. Android පරිශීලකයන්ගෙන් 43% ක් ම මෙම යෙදුම භාවිතා කරති.

3.Etsy

Etsy යනු කලා හා අත්කම් සදහා වෙන් වූ online shopping වෙළෙඳ පොළකි.  ඔබ කලාත්මක ඇදුම් , නිර්මාණ වැනි දේ සොයන්නෙක්  නම් ඔබට ගැළපෙන ම online shopping store එක මෙයයි. එසේම ඔබ කලාත්මක නිර්මාණ කරන්නෙක් නම් ඔබට Etsy සමග එකතු වී ඔබේ භාණ්ඩ අළෙවි කර ගත හැක.

4.Snapdeal

ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් වෙළඳපල ලෙස සැලකෙන Snapdeal ඉතා උසස් තත්ත්වයේ භාණ්ඩ ලබා දෙන ආයතනයකි.ඇඳුම් පැළඳුම්, ගෘහ උපකරණවල සිට ඉලෙක්ට්‍රොනික උපකරණ සහ උපාංග දක්වා කාණ්ඩ 800කට අධික ප්‍රමාණයකින් ඔබට මෙහි දී දැක ගත හැක.මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව හා මිල අඩු ගනුදෙනු වලින් සමන්විත ඉතා උසස් තත්වයේ shopping app එකකි.

5.Aliexpress

AliExpress යනු Alibaba Group Holding Limited හි අනුබද්ධිත චීනය පදනම් කරගත් online shopping store  එකකි. එය චීනයේ සහ අනෙකුත් ස්ථානවල විවිධ කුඩා ව්‍යාපාරවලට ඔවුන්ගේ නිෂ්පාදන විකිණීමට උපකාර කර ඇත. එය ඉතා සහනදායී මිලට භාණ්ඩ සපයන ආයතනයක් වන අතර ශ්‍රීලංකාවේ බොහෝ දෙනාද මෙම app එක හරහා ගනුදෙනු කරති.

Cover Image: footwearnews

Tags

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.