ස්මාර්ට් දුරකතන අංශයට දිනෙන් දින තරගකරුවන් විශාල පිරිසක් එකතුවන අතර. අපට හුරුපුරුදු apple , samsung යන විශාල වෙළද නාමයන්ගෙන් ඔබ්බට ගියහොත් අපට මීළගට ආසියානු කලාපයේ දැවැන්තයා ලෙස Huawei  සන්නාමය මතකයට පැමිණ‌ේ.නමුත් එක්සත් ජනපදය හා යුරෝපීය රටවල්  හුවාවේ තාක්ෂණය තහනම් කිරීම නිසා වර්ථමානයේ huawei දුරකතන සන්නාමයේ ස්ථාවරබවට අවදානමකට ලක්වී ඇත.ඒ වෙනුවට ස්ථාන ගත කල හැකි හොදම තරගකරුවා චීනයේ BBK Electronics සමාගමයි.

priteshpawar.com

BBK යනු චීන බහුජාතික සමාගමකි.headphones, Blu-ray players, සහ smartphones ඇතුළු විවිධ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික වෙළඳපොලවල් අතර ජනප්‍රිය වෙළඳ නාම ගණනාවකට ඔවුන් හිමිකාරීත්වය දරයි.ඔබගේ අතේ ඇති - oppo,vivo,realme සහ oneplus දුරකතනවල හිමිකරුවන් ඔවුන්ය.

BBK , 1990 දශකයේ සිට චීනයේ electronic කර්මාන්තයේ විවිධ අංශතුල නිශ්පාදනයන් සිදුකරන සමාගමකි.Duan Yongping විසින් ආරම්භකරන ලද bbk දැන් හෙක්ටයාර් 10 ක භූමි ප්‍රමාණයක සේවකයින් 17,000 පිරිසක් සේවය කරනු ලබයි.bbk ආරම්භවූයේ CD, MP3, DVD players හා ගෘහ විදුලි උපකරණ නිශ්පාදනය කිරීම සදහාය.පසුව 2004 දී ඔවුන් සිය පළමු ස්මාර්ට් දුරකතන සන්නාමය වන oppo ආරම්භ කරන ලදී.ගෘහ විදුලි උපකරණ අලෙවි කිරීමේ අත්දැකීම් මත ඔවුන් oppo වෙළදපොලට හදුන්වාදෙන ලදී.

Vivo යනු bbk සතු පළමු උපසමාගමයි.2009 දී එහි විධායක නිළධාරී ෂෙන් විසින් vivo ආරම්භ කරන ලදී. පළමු vivo ස්මාර්ට් දුරකතනය 2011 දී හදුන්වාදුන් අතර අතිශය සිහින් දුරකතන නිපදවීම ඔවුන්ගේ අරමුණ විය.පසුව vivo mid-range දුරකතන මාදිලියක් බවට පත් විය.

Realme යනු oppo මාදිලියේම වැඩිදියුණු කිරීමකි.මීට පෙර oppo හි උපසභාපති ලෙස කටයුතු කල Sky Li විසින් 2018 මැයි මස 4 දින ආරම්භ කරන ලදී.තරුණ සමාජය අතර විශාල ආකර්ශණයක් ලැබීමට real me සමත්වූ අතර ලොව වේගයෙන්ම අලෙවි වන ස්මාර්ට් දුරකතන සන්නාමය බවට පත්විය.realme දැරිය හැකි මුදලකට නවීන තාක්ශණය ඒකාබද්ධ කරන නිශ්පාදනයකි.

OnePlus යනු බටහිර රටවල් ඉලක්ක කරගත් BBK සන්නාමයකි. අනෙත් BBK සන්නාමයන්ට වඩා ඉහල මිල පරාසයක ඉදිරිපත් කරන oneplus යනු bbk සතු ඉහලම ගෝලීය පැතිකඩයි.හිටපු oppo උප සභාපති Pete Lau සහ එහි සම නිර්මාතෘ Carl Pei විසින් 2013 දී ආරම්භ කරන ලදී.එය තවමත් oppo හි අනුබද්ධිත කොටසක් වන නමුත් oppo හා vivo අනුගමනය කරන ව්‍යාපාර ආකෘතියට වඩා වෙනස් ආකෘතියකින් වෙළද පොලට පිවිසී ඇත.Oneplus මූලික වශයෙන් ඇමසන්වැනි මාර්ගත ව්‍යාපාර මගින් යුරෝපීය හා එක්සත් ජනපද වෙළදපොළට පිවිසීමට ඔවුන්ට හැකිවී ඇත.

oppo සහ vivo යනු චීන ස්මාර්ට් වෙළපොල තුල පමණක් නොව ජාත්‍යන්තර වෙළදපොළ තුලද විශාල තරගකරුවන් වී ඇත.එමෙන්ම oppo සහ vivo තුලින් ලගාවිය නොහැකි අරමුණු කරා realme සහ oneplus තුලින් ඉහලඅ අතිරේක වෙළද පොලක් කරා ලගාවීම ඔවුන් ගේ විවිධත්වයේ අරමුණයි.

එක්වරක් ඔවුන් xiaomi හි වර්ධන වේගයද පසුකර ගිය අතර apple හා samsung පවා ඔවුන්ගේ වෙළදනාමවල වර්ධනය පිළිබදව දැඩි අවධානයකින් පසුවේ.වසර කිහිපයකට පෙර ඔවුන් ikoo නමින් තවත් මාදිලියක් නිකුත් කල අතර කුඩා දරුවන් හා අධ්‍යාපනික අරමුණු මූලික කරගත් වෙළදනාමයක් බවට පත්වී ඇත.එකිනෙකට වෙනස් වූ මාදිලි නිකුත් කරමින් ඔවුන් විවිධත්වය මූලික කරගත් වෙළද අරමුණු මගින් විශාල පාරි‌‌භෝගික ආකර්ශණයක් ලගා කරගැනීමට හා චීන ආර්ථිකයේ මූලික ප්‍රභවයක් බවට පත්වී ඇත.