ආසියාවේ සෙවුම් දැවැන්තයා Yandex

Articles Sep 29, 2020

Larry Page සහ Sergey Brin ගූගල් ආරම්භ කිරීමටත් පෙර Ilya Segalovich සහ Arkady Volozh විසින් yandex සෙවුම් යන්ත්‍රය දියත් කර තිබූ අතර එය රුසියාවේ සහ ජපානයේ වැඩිම පිරිසක් භාවිතා කරන සෙවුම් යන්ත්‍රයයි. මේවන විට විශාල වශයෙන් yandex වේබ් අඩවිය වටා ලොව පුරා පරිශීලකයන් සම්බන්ද වී සි‌ටින අතර. එය සීඝ්‍ර සංවර්ධනයක් ලගා කරගත් ආයතනයක් වී ඇත.එදා සිට ඔවුන් google වෙත ඇති ප්‍රධාන අභියෝගකරු වූ අතර. ඔවුන් මේ වන විට වසරකට $192 million ආදායමක් උපයන ආයතනයක්. සේවකයන් 9,854 පමණ ආයතනයට සේවය ලබා දෙනවා.

yandex කියන්නෙත් google වගේම සංකීර්ණ තාක්ශණික ව්‍යුහයක්. සෙවුම් යන්ත්‍රයක් ලෙස හැදින්වුනත් ඔවුන් විශාල සේවාවන් රැසක් පරිශීලකයන්ට ලබා දෙනවා.මෙතනින් බහුතරයක් සේවාවන් google ආයතනයට පෙර yandex හදුන්වා දුන්නා.

  • Yandex.Search
  • Yandex.Direct
  • Yandex.Disk
  • Yandex.Mail
  • Yandex.Browser
  • Yandex.Maps
  • Yandex.Market
  • Yandex.Eda
  • Yandex.Metro
  • Yandex.News
  • Yandex.Video
  • Yandex.Map editor
  • Yandex.Money
  • Yandex.Music
  • Yandex.Music
  • Yandex.Traffic
  • Yandex.Timetable
  • Yandex.Traffic
  • Yandex.Translate
  • Yandex.Taxi
yandex search

මේ අතරින් Yandex Disk සහ Yandex Mail ලංකවේ ඉන්න අපිට නම් ඉතාමත් ප්‍රයෝජනවත්.දැනටමත් yandex භාවිතා කරන කෙනෙක් නම් ඔබ මේ සේවාවන් අනිවාර්යෙන් භාවිතා කර තිබෙනවා. yandex කියන නම ඇතුලෙම ප‌‌ෞද්ගලිකත්වය කියන අර්ථය තිබෙනවා.ඒ නිසාම google කරනවා වගේ පරිශීලක තොරතුරු එයාල ලගතියාගන්නේ නැහැ. ඒ වගේම රුසියාවේ යටිතල පහසුකම් ඩිජිටල්කරනයෙන් කාර්යක්ෂම කිරීමට ඔවුන් විශාල දායකත්වයක් සපයනවා. ඒ වගේම ජපානයේ ජනතාව භාවිත කරන දෙයක් නම් yandex විශ්වසනීය දෙයක් කියන එක ලෝකය පිලිඅරන් තියෙනවා. ඔවුන්ගේ සාර්ථකත්වයට ඒකත් එක හේතුවක්.

yandex රුසියාවේ කුලීරථ සේවාව

ලංකාවේ yandex භාවිතා කරන අයට නම් yandex දෙන හැම සේවාවක්ම භාවිතා කරන්න බැහැ මොකද yandex ඉලක්ක කරන රටවල් කිහිපයක් තිබෙනවා. නමුත් ගෝලීයව භාවිතා කරන්න පුලුවන් හොද සේවාවන් කිහිපයක්ම තිබෙනවා.

yandex mail

gmail වලට වඩා හොද ඊමේල් සේවාවක් ලෙස yandex mail හදුන්වන්න පුලුවන්. ලංකාවෙ yandex ජනප්‍රියවෙලා තියෙන්නෙම මේ email සේවාව නිසා. [email protected] , [email protected] විදිහට අපිට ඊමේල් එකක් හදාගන්න පුලුවන් google වගේම yandex එකෙත් mail එක තමා හැම දෙයක්ම.

yandex mail

yandex disk

yandex වල වඩාත් සිත්ගන්නා සුලු දෙයක් තමයි මේ disk එක mail වගේම disk එකටත් අපිට නොමිලේ 10gb ඉඩකඩක් ලබාදෙනවා. 1tb ධාරිතාවක් 10$ මුදලකට මිලදී ගන්න පුලුවන්.ඒ වගේම google drive එකට වඩා ගොඩක් වේගවත් හා ආරක්ශිතයි. yandex එකේ හැම product එකකටම වෙන වෙනම mobile apps  තියෙනවා.ඒ වගේම disk එක පහසුවෙන් හසුරවන්න පරිගණක වලට නම් softwear එකක් එනවා.

YANDEX FOR PC

yandex Browser , Search වගේ  yandex නිශ්පාදන ඉතාමත් කාර්යක්ශමයි නමුත් බොහොමයක් සේවාවන් රුසියාව පමණක් ඉලක්ක කරගෙන පමණයි දියත් කර තිබෙන්නේ . සදාකාලිකව ඔබට google සේවාවන් වලින් ඉවත් වෙලා ඉන්න අවශ්‍ය නම් ඒ සදහා හොදම විකල්පය තමා yandex . රුසියානු ජාතිකයෝ එදිනෙදා ජීවිතයේ නැතිවම බැරි අංගයක් ලෙස මේ yandex පත්කරගෙන සිටිනවා. තවත් yandex ගැන විස්තර අපි ඉදිරියෙදි කතා කරමු.

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.