Adobe සමාගම විසින් ඉතා සරල Photoshop සහ Illustrator සදහා web version එකක් හදුන්වා දෙයි.

News Nov 14, 2021

Adobe සමාගම විසින් Photoshop සහ Illustrator සදහා web version හදුන්වා දෙන බවට හෙලි වෙයි, මෙයින් ඔබට software download කර software එක open කිරීමකින් තොරව cloud Computer එකක host කර ඇති document වල වෙනස්කම් සිදු කිරීමට ඔබට ඉඩ සලසයි.

උදාහරණයක් ලෙස WhatsApp Web, Telegram Web වැනි websites, WhatsApp සහ Telegram App වල web version වේ.

මෙම software දෙක සඳහා එය ආකර්ශනීය ඉදිරි පියවරකි, නමුත් එය දැනට ඉතා කුඩා එකක් වේ: මේවා Photoshop සහ Illustrator හි සම්පූර්ණ විශේෂාංග සහිත versions නොවේ. ඔබට මෙහිදී layers navigate කර හැකිය, තවද annotations කිරීම සහ comments දැමීම, eraser එක,  spot healing brush එක සහ selection lasso වැනි tools භාවිතයෙන් basic edits සිදු කළ හැකි බවද වාර්තා වෙයි. නමුත් මෙහිදී ඔබට සමහර tool නොලැබෙන නිසා සමහර අවස්තා වලදි ඔබට software දෙක භාවිත කිරීමට සිදුවේ.

Abode Illustrator Web Version

"අපි පළමු දිනයේ සියලුම විශේෂාංග ගෙන එන්නේ නැත, නමුත් අපට සැබවින්ම අවශ්‍ය වන්නේ ඔබ වැඩ කරන ඕනෑම අයෙකු සමඟ browser එක හරහා වඩාත් හොඳින් සිදු කර ඇති basic edits සියල්ල මෙම web version එකට ලබාදීමයි" යනුවෙන් Adobe සමාගමෙහි ප්‍රධාන නිෂ්පාදන නිලධාරි Scott Belsky පැවසීය. The Verge podcast decoder එක මත Belsky විසින් Photoshop හි web version එක ගැන විස්තර කරමින් කියා සිටියේ සැබෑ PSD" files සමඟ ක්‍රියා කරන "light level එකේ editing ලබාගත හැකි version එකක් ලබා දෙන බවයි.

Via : The Verge / Images : Adobe

Tags

Movindu Bandara

Proud To Be An Anandian ❤

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.