ගූගල් සමාගම ලබාදෙන AdSense සේවාව සියලුම වෙබ් අඩවි සදහා සහය දක්වන්නේ නැහැ. භාෂාව , අන්තර්ගතය වැනි හේතුන් නිසා බහුතරයක් වෙබ් අඩවි සදහා AdSense ලබා දීම ප්‍රතික්ෂේප වනවා. එහෙත් ඔබට ඇති එකම තේරීම AdSense නොවේ. ඔබට වෙබ් අඩවියෙන් මුදල් ‍ඉපයීමට වෙනත් විකල්ප කිහිපයක්ම තිබෙනවා.

පහත දක්වා ඇති වෙබ් අඩවි AdSense අභිබවා ගිය පහසුකම් හා විශේෂාංග සපයනවා.

1. Media.net

මෙය Bing සහ Yahoo විසින් මෙහෙයවන ඇඩ් සෙන්ස් සදහා අභියෝග කරන ජනප්‍රිය තරග කරුවෙකි.ලෝකයේ විශාලතම දැන්වීම් ජාලයකි. යාහු හෝ bing මගින් සෙවීම් කර ඔබගේ වෙබ් අඩවියට පරිශීලකයෙකු පැමිණේ නම් ඔබට විශාල ආදායමක් ඉපයිය හැකිය.

2. ylliX

ඔබ ඇඩ්සෙන්ස් විසින් කරන ගෙවීම් වලට සමානම ගෙවීම් සිදුකරන ජාලයක් සොයන්නේ නම් ඒ සදහා ylliX වඩාත් සුදුසුයි. පරිගණක , ජංගම දුරකතන වැනි ඕනෑම උපාංගයක් සදහා ගැලපෙන බැනර් , පොප් ඇඩ් ඔවුන් විසින් ලබා දෙනවා. ක්ෂණික ගෙවීම් , නොමිලේ භාවිත කිරීම් හා සාධාරණ ගෙවීම් නිසා එය වඩාත් ජනප්‍රියයි.

3. PopCash

මෙය පොපන්ඩර් දැන්වීම් සපයන මාසිකව මිලියන 850 ක පරිශීලකයන් පිරිසක් භාවිතා කරන දැන්වීම් ජාලයක්.ඔබගේ වෙබ් අඩවියට දිනකට 10000 අධික පරිශීලකයින් පිරිසක් පැමිණ‍ේනම් ඔබට දිනකට දළ වශයෙන් රු.1000 ආසන්න මුදලක් උපයාගත හැකියි. නිතරම Cilck වන අන්තර්ගත ඇති වෙබ් අඩවි සදහා වඩාත් සුදුසුයි. මෙය වෙනත් දැන්වීම් ජාලයක් භාවිතා කරමින් උවද භාවිතා කර හැකියි.

4. PropellerAds

මෙය ලොව විශාලතම දැන්වීම් ජාලයයි. පරිශීලකයින් බිලියනය ඉක්මවයි. බැනර්, අනුග්‍රාහක සබැඳි, Push දැනුම්දීම් වැනි දැන්වීම් ක්‍රම රාශියක් ඉදිරිපත් කරයි. භාවිතය ඉතාමත් සරල නිසාවෙන් වඩාත් ජනප්‍රිය වී ඇත. ඔවුන් සතුව automated ad optimization තාක්ෂණයක් ඇති බැවින් ඔබගේ වෙබ් අඩවියට අදාල දැන්වීම් පමණක් දර්ශණය කිරීම සිදු කරයි.

5. Monumetric

මෙය පූර්ණ සේවා දැන්වීම් හවුල්කාර ආයතනයක්වන අතර එමගින් වඩාත් හොද දැන්වීම් අන්තර්ගතයක් අමුත්තන්ට ලබාදේ. සාමාන්‍ය adsence ලබාදෙන ආදායමට වඩා විශාල ආදායමක් මෙම ආයතනය ලබාදෙන බව වාර්තා වේ. මුදල් සක්‍රීය කිරීමට ඔබගේ වෙබ් අඩවියේ නැරබීම් මසකට 10K ප්‍රමාණයට වඩා වැඩි විය යුතුය.

මෙවැනි දැන්වීම් සේවා විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ ක්‍රියාතත්මක උවද වඩාත් හොදින් ගෙවීම් කරන හා සෑම භාෂාවකම අන්තර්ගතයන්ටම සහය දක්වන හොදම දැන්වීම් සේවා පමණක් ඉහත දක්වා ඇත.