Content delivery network න‍ොහ‍ොත් අන්තර්ගත බෙදාහැරීමේ ජාලය වර්තමානය වන විට අන්තර්ජාලයේ විශාල පෙරලියක් ඇති කිරීමට සමත් වී තිබේ. අන්තර්ජාලයේ වෙබ් අඩවි පරිශීලනය කිරීමේදී ඇතිවන ගැටලු රාශියක් මෙම CDN මගින් නිරාකරණය කර දෙනු ලබයි.තදබදය වැඩි ජනප්‍රිය වෙබ් අඩවි වල තද බදය නිසා ඇතිවන බිද වැටීම් , මන්දගාමී වීම් හා ඉල්ලීම් ක්‍රියාත්මක නොවීම ඇති විය හැකිය. එනිසා HTML පිටු, ජාවාස්ක්‍රිප්ට් ලිපිගොනු, ස්ටයිල් ෂීට්, පින්තූර සහ වීඩියෝ ඇතුළු අන්තර්ජාල අන්තර්ගතයන් වෙබ් පරිශීලකයාට ඉක්මනින් Load කර දීම මෙම CDN හි ප්‍රධාන අරමුණයි. එමෙන්ම DoS ප්‍රහාර අවහිර කිරීම සදහාද මෙම CDN ජාල වැදගත් වේ. මෙම‍ හේතු නිසා FACEBOOK,NETFILX,TWITTER,YOUTUBE වැනි ප්‍රධාන පෙ‍‍ල වෙබ් අඩවි මෙම CDN සේවා භාවිතා කරනු ලබයි.

වෙබ් සර්වර් සහ CDN සර්වර්

CDN සේවාදායකයක් යනු වෙබ් සේවාදායකයක ක්‍රියාකාරීත්වයටම සමාන උපාංග ජාලයකි. නමුත් CDN ස‍ේවාදායක වෙබ් සේවාදායක මෙන් ස්ථීරව දත්ත ගබඩා කර නොගනී.ඒ වෙනුවට CDN ස්ථාවර වෙබ් සර්වර් මගින් දත්ත ලබාගන තාවකාලිකව දත්ත ගබඩා කර තබා ගනී.(Caching)ඉන්පසු ගබඩා කරගත් දත්ත බෙදා හැර සුලු වෙලාවකින් එම දත්ත පැකට්ටු මකා දමනු ලබයි.මේ ආකාරයට දිගින් දිගටම වෙබ් සර්වරය සහ CDN අතර කාර්යය සිදුවේ.

CDN හි ක්‍රියාකාරීත්වය

මුලින් සදහන්කර පරිදි CDN යනු හැකි ඉක්මණින්, ලාභදායී, විශ්වසනීය හා ආරක්ෂිතව අන්තර්ගතය ලබා දීමේ අරමුණ සමඟ සම්බන්ධිත සේවාදායක ජාලයකි. වෙබ් අඩවිය හොස්ට් කර ඇතිි සර්වරය පිහිටන ස්ථානය හා ග්‍රාහකයා සිටින ස්ථාන අනුව වෙබ් අඩවිය ග්‍රාහයාට Load වීම සදහා විශාල කාලයක් ගත වනු ඇත. උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ කැලි‍‍ෆෝනියා ප්‍රාන්තයේ දත්ත මධ්‍යස්ථානය‍ේ ඇති ෆේස්බුක් වෙබ් අඩවිය ශ්‍රී ලංකාව වැනි දුරින් වැඩි රටක ග්‍රාහකයෙකුට දර්ශනය වීමට විශාල කාලයක් ගනු ඇත.ඒ ශ්‍රීි ලාංකීය අන්තර්ජාල සම්පාදකයෙකු හරහා ගෝලිය ජාලය ඔස්සේ Facebook.com ඩොමේනය වෙතට ඉල්ලීමක් යවා ඒ ඉල්ලීම සදහා ප්‍රතිචාර ලබාදීමට ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර ඇති විශාල දුර පරතරය අනුව සැලකිය යුතු කාලයක් ගත වන බැවිනි.එමෙන්ම එම ආකාරයට ලොවපුරා මිලියන ගණනක් පරිශීලකයන් එම සර්වරය හා සෘජුව එක්වී සිටියි. එම නිසා ඇතිවන අධික තදබදය නිසා වෙබ් සර්වරයට තනිව එම තත්වය‍ට ඔරොත්තුදීමේ හැකියාවක් නැතිවී යයි. එමනිසා සේවාදායකය බිද වැටී යනු ඇත.

එම තත්වයට පිළියමක් ලෙස ශ්‍රී ලංකාව පිහිටන ආසියානු කලාපයේ CDN සර්වරයක් ස්ථාපනය කරනු ලබයි.ඉන්පසු එම CDN සර්වරය ඇමරිකානු ෆේස්බුක් සර්වරයේ ඇති දත්ත වල තාවකාලික පිටපතක් සෘජුව ලබා ගනී ඉන්පසු එම දත්ත තම සේවාදායකයේ පරිශිලකයන්ට බෙදාහරිනු ලබයි (වර්තමානයේ ආසියානු කලාපයේ CDN සර්වර් සිංගප්පූරුව වැනි රටක ස්ථාපනය කරනු ලබයි. ) එවිට ඇමරිකාවට ඇති දුරින් විශාල දුරක් ශ්‍රී ලාංකික පරිශීලකයන්ට සිංගප්පූරුව සමග සම්බන්ද වී‍‍මේදී ඇති දුර ඉතා අඩුය . එම නිසා දැන් ශ්‍රී ලංකාවේ සිට FACEBOOK වෙත පිවිසීමේදි අදාල ඉල්ලීම ඇමරිකාවට නොගොස් එය සිංගප්පූරුවේ පිහිටි Facebook CDN එකක් වෙත යොමු කරයිි. ඉන්පසුව පරිශීලකයාට ඉක්මනින් වෙබ්අඩවිය ලබාදීම අදාල CDN ස්වරය මගින් සිදුකරයි. එමෙන්ම ලොව කුමන ස්ථානයක සිට වෙබ් අඩවියට ලොග් උවත් ‍ලොව පුරා රටවල ඇති CDN ජාලය මගින් වේගය ඒකාකාරීව තබාගනී. එමෙන්ම ප්‍රධාන සර්වරයක් වෙනුවට ලොව පුරා කලාපීයව ඇති සර්වර් නිසා තදබදය අවම වී යයි. Bandwidth ධාරිතාවයද අවම වී යයි.

මෙම ‍තාක්ෂණය නිසා ලොව පුරා පරිශීලකයින් අධික වෙබ් අඩවි සියල්ලම CDN භාවිතා කරනු ලබයි.එමෙන්ම ජාලයේ එක් CDN සර්වරයක් බිද වැටුන‍හ‍ොතත් එම සර්වරයේ ඉල්ලීම් මීලග ආසන්න සර්වරට ලබා‍දේ එම නිසා ජාලයේ බිද වැ‍ටීම් සිදුනොවේ.ප්‍රධාන සර්වරය බිද වැටීමකදීත් ජාලය Caching මගින් ස්ථාවර වේ.

ලොව ජනප්‍රිය CDN සේවාවන්.

  • 1. MaxCDN
  • 2. Sucuri
  • 3. Cloudflare – Free
  • 4. StackPath
  • 5. KeyCDN
  • 6. Rackspace