අඟහරු ජීවයේ ඇගිලි සලකුණු සොයාගත් Perseverance

Space Oct 10, 2021

පර්සෙවරන්ස් රෝවර් යානය ගොඩබස්වා ඇති ස්ථානයේ ඇති පැරණි ගංගා ඩෙල්ටාවක් මත අගහරුගේ අතීත ජීවය පිළිබදව සාක්ෂි ලබාගත හැකිබව නාසා ආයතනය අනූමාන කරයි. භූ විද්‍යාඥයින් පවසන්නේ නාසා ආයතනයේ පර්සෙවරන්ස් රෝවරය මගින් අධාල ගංගා ‌‌ඩෙල්ටාවේ නිශ්චිත කලාප වලින් අගහරු ජීවීන්ගේ ‌‌පොසිල ලබාගත හැකි බවයි.

අප සිනමාවේ දකින පිටසක්වල ජීවීන් විද්‍යාඥයින් මෙම පොසිල වලින් බලාපොරොත්තු නොවේ. ඔවුන් මෙම පොසිල පර්යේෂණ වලින් බලාපොරොත්තු වන්නේ ජීවය පැවතිය හැකි බවට සාක්ෂි සපයන කාබනික සංයෝග ආදියයි.

අගහරු මත සැරිසරන පර්සි - image:wlord.org

පසුගිය දිනක පර්සෙවරන්ස් රෝවර් යන්ත්‍රය පෘතුවියට එවන ලද ඡායාරූප වලින් වසර බිලියන ගණනකට ඉහත දී අඟහරු ග්‍රහයා මත ජලය ගලා ගිය ආකාරය හෙලිකර ගැනීමට ඔවුන්ට හැකි විය. මෙම අධ්‍යනයේ අධ්‍යනයේ ප්‍රධානියා වන ප්‍රංශයේ Nantes විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥයෙකු වන ආචාර්ය Nicolas Mangold පැවසුවේ අතීතයේ එක්තරා යුගයක අගහරු මත ජලය ගලාගිය ආකාරය අප දැන් දන්නා නමුත් ඒ කුමන කාලයේද යන්න අප තවමත් නොදන්නා බවයි. අප අනුමාන කල ආකාරයට අගහරු යනු අතීතයේ සිට වියලි ලෝකයක් නොවේ. එය පෘථිවියේ මෙන් බොහෝ නැවුම් ගංගා සහ විල් වලින් මීට වසර ගණනක සිට වැසී තිබුණි. පසුකාලීනව යම්කිසි හේතුවක් නිසා අගහරුගේ සියුම් වායුගෝලය අතුරැදහන් විය. එම නිසා H2O වියලි ගිය අතර අගහරු දැන් දක්නට ඇති තත්වයට පත්විය.

perseverance-delta-view
ජෙසෙරෝ - Image : NASA/JPL-Caltech/MSSS/JHU-APL

අගහරු මත අතීතයේ ජලය පැවතීම හා එය එකවර විනාශ වීමට හේතුව සෙවීම සදහා නාසා ආයතනය පර්සෙවරන්ස් නම් නොපසුබට උත්සාහය අගහරු වෙත යැව්වේ ඒ නිසාය. වඩාත් නිශ්චිතවම, ඔවුන් රෝවරය යැව්වේ ජෙසෙරෝ නම් විශාල ආවාටයට ය. ජෙසෙරෝ ආවාටය තුල පැරණි ගංගා ඩෙල්ටාවක් ඇත. එය තුල නිසැක වශයෙන්ම ජීවයේ පොසිල ඇති බව පර්යේෂකයින් අනුමාන කරයි. ඩෙල්ටාවක් යනු ගගක් ගලායන විට පාෂාණ හා අපද්‍රව්‍ය මගින් නිර්මාණය කරන ලද භූ ආකෘති ය. එම දියපහරක බොහෝවිට කාබනික අණු සහ බැක්ටීරියා ගමන් ගන්නා අතර එයින් අදහස් කරන්නේ ජෙසෙරෝගේ ඩෙල්ටාවේ එවැනි ද්‍රව්‍ය එකතු වීමක් පහසුවෙන් අඩංගු විය හැකි බවයි. Nicolas Mangold පවසන්නේ පර්සෙවරන්ස් රෝවරය අවාසනාවන්ත ලෙස තවමත් එම ‌‌ඩෙල්ටාවෙන් බොහෝ ඈතින් සිටින බවයි.

"අපගේ බලාපොරොත්තු සුන්වීම මධ්‍යයේ වුවද, අපි පර්සිගේ හොඳම කැමරා උපයෝගී කරගනිමින් දුර සිට ඩෙල්ටාව දෙස බැලීමට උත්සාහ කළ අතර එය ඇත්තෙන්ම අපූරු ප්‍රතිඵල ලබා දුන්නේය." - Nicolas Mangold

Kodiak ගෙන් හෝඩුවාවක්.

පර්යේෂකයන්ට ජෙසෙරෝගේ ප්‍රධාන ඩෙල්ටාව විශ්ලේෂණය කිරීමෙන් පමණක් වටිනා ප්‍රදේශ සොයා ගැනීමට නොහැකි විය නමුත් ඔවුන්‌ට ඒ අසල Kodiak ලෙස නම් කරන ලද පර්වතයක් නිරීක්ෂණය කිරීමට හැකිවිය. Kodiak යනු ඩෙල්ටාවේ තරමක් ඈතින් පිහිටි කොටසකි. ගංගාව ගලායාමේදී භූමියේ තිබූ සමහර කොටස්  ඛාදනය විය. නමුත් මෙම පර්වතය එයින් ආරක්ෂා විය.

ජෙසෙරෝ ආවාටය තුල පැරණි ගංගා ඩෙල්ටාව - Image :NASA/JPL-Caltech/MSSS/JHU-APL

කොඩියැක්හි ස්ථිති විද්‍යාව අවබෝධ කර ගැනීමෙන්, ඩෙල්ටාවේ ලක්ෂණ පිළිබඳ භූ විද්‍යාත්මක නිරූපණයක් පර්යේෂකයින්ට ලබාගත හැකිය. Kodiak විසින් ගංගාවේ ජලකද කොතරම් උස්ව පවතින්නට ඇතිද යන්න පිළිබඳ අවබෝධයක් පර්යේෂකයන්ට ලබාදුනි. Mangold පවසන්නේ එය මීටර් 2500 පමණ උස්වූ ජලකදක් බවයි. පසුව මෙම ජලකද විලක් බවට පත්වූ බවට මෙම සාක්ෂි පෙන්නුම් කරන බවයි.

අවසානයේ මෙම සොයාගැනීම් අගහරුගේ ජීවය සොයන ස්ථාන පැහැදිලිව තවදුරටත් හුදකලා කරගැනීමට උපකාරී විය. තවදුරටත් Kodiak මත වැලි හා මඩ පැවතිය හැකිය. මෙවැනි පරිසර පද්දතිවල ජීවයේ පැවතිය හැකි බවට ඔප්පු කල හැකි කාබනික සංයෝග පැවතිය හැකිය. පර්සෙවරන්ස් හැකි ඉක්මනින් ඒ වෙතට ලගාවනු ඇත.

සිදී ගිය ගංගා ‌ඩෙල්ටාව - Image:NASA/JPL-Caltech/MSSS/JHU-APL

Via : cnet / Wikipedia ,  Cover : Nasa / JPL

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.