Apache

Apache යනු වඩාත් පැරණි ම‍ෙන්ම පැරණිතම නිදහස් සේවාදායකයයි. 1995 වසරේ දී හදුන්වාදුන් එය වර්තමානය වන විට වඩාත් ස්ථාවර මට්ටමක සේවාදායකයක් බවට පත්වී ඇත.එමෙන්ම ඉක්මනින් සංවර්ධනය වන සේවාදායකයකි. විශාල ධාරිතාවයේ ග්‍රාහකයන් පිරිසකට එකවර පිවිසීමට හැකියාව ලබාදෙන වෙබ් සේවාදායක වර්ගයකි.නමුත් වර්ථමානය වන විට ඇති වෙනත් සේවාදායක වර්ග වලට සා‍පේක්ෂව යම් කිසි පසුබැසීමක් Apache පෙන්නුම් කරයි. එමෙන්ම Apache සදහා වන යෙදුම් සංවර්ධනය කිරීම අනෙකුත් සේවාදායක වර්ගවලට වඩ‍ා පහසුය. Linux,Unix සේවාදායකයන් මත Apache ධාවනය වේ. එමෙන්ම වෙනත් සේවාදායකයන් සමග සැසදීමේදී තර්ජන වලට මුහුණ දීමේ හැකියාව තරමක් දුර්වලය. එමෙන්ම අනෙක් සේවාදායකයන්ට වඩා වැඩි වශයෙන් මතක ධාරිතාවක් ලබාගනු ලබයි. කෙසේ වෙතත් හැකියාවන් අතින් Apache අභිබවා යාමට වෙනත් සේවාදායකයන්ට හැකිවී ඇත.නොමිලේ ලබාගත හැකි නිසා Apache ජනප්‍රිය වී තිබේ. අන්තර්ජායේ දැනට පවතින වෙබ් අඩවි 52% Apache මගිින් ක්‍රියාත්මක වනු ලබයි.Apache Tomcat ලෙස තවත් සේවාදායක වර්ගයක් ක්‍රිියාත්මක වනු ලබයි.

NGINX

NGINX යනු 2004 දී හදුන්වාදුන් ජනප්‍රිය සේවාදායකයකි. එය Apache සේවාදායකවල හැකියාවන් ඉක්මවා ගිය සේවාදදායකයකි. නමුත් Apache සේවාදායක වලට වඩා හැසිරවීම අපහසුය. මොඩියුල එක් කිරීම අපහසුය.කෙසේ වුවත් Apache වලට වඩා තුන්ගුණයකින් පමණ වේගවත් බවින් ඉහලය. එමෙන්ම අනවශ්‍ය මතක ධාරිතාවක් පරිශීලනය ‍නොකරණු ලබයි.නමුත් පරික්ෂණ කිහිපයකින් හෙලි වූයේ Apache හා NGINX හි විශාල වෙනසක් නොමැති බවයි. HTTP, HTTPS, SMTP, POP3, සහ IMAP සදහා වඩාත් හොද නමශ්‍යශීලි බවක් ලබාදෙයි. PHP ධාවන කාල පරිසරය සේවාදායන් දෙකෙහිම සමානය. බර සැහැල්ලුකිරීමේ හැකියාව නිසා NGINX ජනප්‍රිය වී ඇත. TTFB පරික්ෂා කිරීමේදී අනෙක් ඒවාට වඩා තත්පර 0.1 පමණ වාසියක් ඇත. එකවර ඉල්ලීම් විශාල ප්‍රමාණයක් යැවීමේදී 50% පමණ ඉවතට දැමීම මෙහි ඇති දුර්වලතාවයකි.අන්තර්ජායේ 30% පමණ වෙබ් අඩවි NGINX භාවිතා කරනු ලබයි.එය නිදහස් විවෘත සේවාවකි.

LiteSpeed

LiteSpeed යනු වෙනත් සේවාදායකයන් හි හැකියාවන් ඉක්මවායන වඩාත් කාර්යක්ෂම සේවාදායක වර්ගයකි.http/2 සදහා සහය දක්වන පළමු සේවාදායකයයි.එමෙන්ම Caching මගින් ඉක්මනින් Load වීමක් සිදුවේ. එමෙන්ම මෙය අනෙකුත් සේවාදායකවලට වඩා හය ගුණයකින් වේගවත්ය. සමාන්‍යයෙන් ddos ප්‍රහාරයකදී අනෙකුත් සර්වර් සම්පූර්ණයෙන්ම අක්‍රිය වුවත් LiteSpeed සර්වරය අදාල කොටස පමණක් බිද වැටීමට තබා සේවාදායයේ අනෙක් අංශ සමාන්‍ය පරිදි තබා ගනී. එමෙන්ම මතක ධාරිතාවය ඉතාමත් අඩු මට්ටමක වුවත් අපහසුවකින් තොරව ධාවන වේ. එමෙන්ම එය SSL හැසිරවීමේදී Apache වලට වඩා තුන්ගුණයකින් වේගවත්ය. php ධාවනය අනෙත් සේවාදායක වලට වඩා 50% වේගවත් බවක් පෙන්නුම් කරයි. සේවාදායකය සහ පරිශීලකයන් අතර දුර වඩාත් ඉහල නම් LiteSpeed සේවාදායක භාවිත කිරීම වඩාත් සුදුසුය. මුදල්ගෙවා ලබාගත හැකිය.අනෙත් සියලුම සේවාදායකවලට වඩා සෑම අංශයකින්ම ඉහලින් සිටියි.