Apple සමාගමේ දීර්ඝ නිළනොලත් ආරංචි වලින් පසුව දැන් නිළ වශයෙන් මාධ්‍ය වාර්ථාකරන ආකාරයට 2021 තුන්වන කාර්තුවේදී Apple පළමු  මෝටර් රථය (I Car) දියත් කිරීමට තීරණයකර ඇත.එය බොහෝවිට පූර්ණ ස්වයංක්‍රීය රථයක් වනු ඇත.

Topspeed.com

තායිවානයේ Economic Daily පුවත් සේවයට අනුව, ඇපල් සමාගම සිය පළමු මෝටර් රථය ලබන වසරේදී දියත් කරනු ඇත.මැක් රූමර්ස් වාර්ථාවලට අනුව තායිවානයේ නිශ්පාදකයින් ලබන වසරේ දෙවන කාර්තුවේදී Apple Care සංරචක නිශ්පාදනය වේගවත් කිරීමට සූදානමින් සිටින බවත් එම වාර්ථා වැඩිදුරටත් සදහන් කරයි.මේ වන විටත් සමාගමේ මූලාකෘති වාහන කැලිෆෝනියාවේ මාර්ගවල රහසිගතව භාවිතාකරන බව වාර්ථාවේ. 2017 දී ඇපල් සමාගමට කැලිෆෝනියාවේ DMV වෙතින් ස්වයං රියදුරු මෝටර් රථ පරීක්ෂා කිරීමට අවසරය හිමිවිය.එම දිනවල දී 2023 හෝ 2025 දී ඇපල් කාර් පැමිණෙන බවට සමාගම පැවසුවත් බලාපොරොත්තු වූ දිනවලට වඩා වසර දෙකකට පෙර නිශ්පාදන එලි දැක්වීමට නියමිතව ඇත.

Via-google.com

වසර ගනනාවක් පුරා Apple, අංගසම්පූර්ණ වාහානයක් නිපදවන්නේද නැතිනම්.පොදුවේ වාහන සඳහා කෘතිම බුද්ධිය සහ ස්වයංක්‍රීය රිය පැදවීමේ තාක්ෂණයන් සදහා මොඩියුල නිර්මාණය කරන්නේද යන්න පිළිබදව විශාල තෝරා ගැනීමක පසුවිය. මෑතකදී සමාගමේ කෘතිම බුද්ධි අංශ ප්‍රධානී ජෝන් ගියානාන්ඩ්‍රියාට මෙම ව්‍යාපෘතියේ නායකත්වය හිමි විය.

via-ijailbreak.com

Covid වසංගතය හමුවේ සමාගම විශාල ප්‍රමාදයකට මුහුණදී ඇති බැවින් මෙම දිනවලදීම නිශ්චිත වශයෙන් දියත්කිරීමට නොහැකිවනු ඇති බව මාධ්‍යයන් හි මතය වුවත් ව්‍යාපෘතියේ නියමුවා පවසන්නේ 2021 සැප්තැම්බර් මාසයේ නියතවශයෙන්ම දියත්කිරීම සිදුකරන බවයි.

Via - EconomicDailyNews,Gizmochaina,macrumors