iPhone භාවිතාකරන පරිශීලකයන්ට මුහුණු ආවරණ ඉවත්නොකර දුරකතනය Unlock කිරීමේ පහසුකම නුදුරේම ලැබීමට නියමිතය.නමුත් එයට දුරකතනය‌ට අමතරව අතිරේක Apple උපාංගයක් අවශ්‍යවනු ඇත.

Apple විසින් මේ සදහා නව IOS මෘදුකාංගයක් අත්හදා බලමින් සිටින අතර ඒ මගින් ඇපල් ඔරලෝසුවක් පැළඳ සිටියහොත් ඔවුන්ගේ iPhone Face unlock කිරීමේ හැකියාව ලබාදීම මෙහි අරමුණයි.

Image : Thenextweb.com

මෙම මෘදුකාංගය Beta පරීක්ෂාකිරීමක් වන අතර එය ඉතා ඉක්මනින් සංවර්ධනය වීම සිදුවේ.මෙහිදී Face Id භාවිතාකිරීමට දුරකතනය ඔසවන විට sync වී ඇති Apple Watch සමග සම්බන්දවී ස්වයංක්‍රීයවම Unlock වීම සිදුවේ. Apple නිවේදනය කරන්නේ මෙම පහසුකම පරිශීලකයින් තෝරාගත යුුුුතු බවයි. තවමත් මුහුණු ආවරණ පැළදසිටින අය සදහා Apple Pay,  App Store , iTunes භාවිතා කිරීමට මුරපද ටයිප් කිරීමට සිදුවේ.‌

Image:usatoday.com

මෙම නවතම යාවත්කාලීන කිරීම covid වසංගතය හමුවේ මුහුණු ආවරණ පැළදීමට සහය වීමක් මෙන්ම Apple Smartwatch සදහා පාරිභෝගිකයින් නැඹුරුකර ගැනීමටත් Apple සමාගම අපේක්ෂාවවී ඇත.Apple සතු නවතම මෙහෙයුම් පද්දතිය සැප්තැම්බර් මසදී දියත් කල අතර මේ වන විටත් Bug Fix කිරීම් හා නව විශේෂාංග හඳුන්වා දීම නිරන්තරයෙන් සිදුවේ.‌

මේ පිළිබදව වැඩිදුර තොරතුරු සදහා CNN හෝ Wired වෙබ් අඩවියට පිවිසෙන්න.CNN Business හි පළවූ ලිපිිියක් ඇසුරෙනි.