රටේ නම ජාත්‍යන්තරයට අරන් යන්නැතිව ඕනෑම දෙයක් Search කරන්නේ මෙහෙමයි.

Articles Dec 10, 2021

Google කියන්නේ ලොව වැඩිම පිරිසක් භාවිතා කරන Search Engine එක වුවත් එය පරිශීලක භාවිතයට හොදම Search Engine එක නෙවෙයි. ඒ වගේම ලොව වැඩිම පරිශීලක දත්ත එකතු කරන යෙදවුම් සියල්ල හිමිවන්නේත් Google සමාගමට. Google යෙදුමක් දුරකතනයට ස්ථාපනය කරගැනීමේදී උපාංගයෙන් 90% පමණ පරිශීලක දත්ත එකතු කිරීමේ හැකියාවක් ඔවුන්ට ලැබෙනවා. Google නිර්මාණය වීමේදි එය Search Engine එකක් වුවත් වර්ථමානයේදී එය වෙළද දැන්වීම් පදනම් කරගත් සමාගමක් පමණයි. පරිශීලකයා ඉලක්ක කරගත් වෙළද දැන්වීම් ලබාදීම සදහා ඔවුන් පරිශීලක දත්ත එකතු කරනවා.

ආසියාතික වැලදගැනීම.

Google සමාගමේ පරිශීලකයින් විශාල පිරිසක් ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව ආසියාතික රටවල සිටිනවා. ‌පෞද්ගලික පරිශීලකත්වය පිළිබදව ‌දක්වන අඩු සැලකිල්ල හා Android වැනි මෙහෙයුම් පද්දති නිසාත් යුරෝපයේ මෙන් නීති හා නියාමනයන් ආසියාතික රටවල නොමැතිවීම මෙයට හේතුවක්. ආසියාව තුල වෙළදපොල වර්ධනය කිරීම සදහා ඔවුන් Google හි ඉහල තනතුරු පවා ආසියානුවන් වෙත පිරිනැමීමට තරම් ඔවුන් සූක්ෂමයි.

google හි විධායකය, ආසියානුවන්ට 

පරිශීලක පෞද්ගලිකත්වයට හානිකිරීම.

පෙර සදහන්කල පරිදි Google විසින් එකතු කරගත් පරිශීලක දත්ත දැන්වීම් සදහා පමණක් ලබාගෙන ඔවුන් එතනින් නවතින්නේ නැහැ. සමාගම් වලට දත්ත විකිණිම හා වෙනත් දත්ත අවභාවිතා කිරීම් පිලිබදවත් ඔවුන්ට විවිධ රටවල් තුල අධිකරණවල නඩුගොනුවී තිබෙනවා.

Google ‌ට එරෙහිව DuckDuckGo

DUCK.COM 

Google ආරම්භ කිරීමටත් පෙරසිටම Yandex, Yahoo වැනි වෙබ් අඩවි පැවතියත් ඔවුන්ට Google සමාගම සමග තරගකිරීමට හැකියාවක් තිබුනේ නැහැ. දියුණු ඇල්ගොරිතම් හා පසුකාලීනව Android මෙහෙයුම් පද්දතිය හදුන්වාදීම හා Gmail නිර්මාණය Youtube අත්පත්කරගැනීම නිසා Google වටා ඒකාධිකාරයක් බිහිවුනා කිවහොත් නිවැරදියි.

Google සමග තරගකාරීත්වයක් පැවති Yandex, Bing, Yahoo අතරට  Privacy පමණක් ඉලක්කකරගත් DuckDuckGo ‌බිහිවීම හා ඉතාමත් හොද Index කිරීමක් නිසා DuckDuckGO 2009 වසරේ සිට ලොව පුරා වේගයෙන් ජනප්‍රියත්වයට පත්වුනා. Drakweb හි Result පවා DuckDuckGo තුල Index වී තිබෙනවා.

DuckDuckGo Search Engine නිර්මාතෘ 

මේවන විට ඇමරිකානු කලාපය හා යුරෝපය තුල හා ආසියාව තුලත් DuckDuckGo පරිශීලකයින් වර්ධනය වී තිබෙනවා. DuckDuckGo පරිශීලක දත්ත එකතු කිරීම හෝ ඒවා ප්‍රසිද්ධකිරීම සිදුකරන්නේ නැහැ. එම නිසා ඔබට ඔනෑම දෙයක් අතිශය පෞද්ගලිකව ‌Search කිරීමට හැකියාව ලැබෙනවා. DuckDuckGo වෙබ් අඩවිය ‌වෙතට පිවිසීම හෝ DuckDuckGo ඔබගේ WebBrowser එකේ Default Search Engine එක ලෙස සකසාගත හැකියි ඒ වගේම ජංගම දුරකතනවලට සැකසූ DuckDuckGo යෙදුමද ඔබට පරිශීලනය කල හැකියි.

Google ට කරන්න බැරි ඒත් DuckDuckGo කරන වැඩ
DuckduckGO සෙවුම් යන්ත්‍රය මේවන විට සීග්‍රයෙන් ‍අන්තර්ජාල පෞද්ගලිකත්වයට මුල් තැන දෙන ජනතාව අතර ජනප්‍රිය වන සෙවුම් වෙබ් අඩවියක්.ඒ වගේම Google ආයතනයට වඩා
ලොකේ පුරා වනාන්තර හදන Ecosia Search Engine
දේශගුණික විපර්යාසයක්, ඔබ කරන සෑම ක්‍රියාවකින්ම වගේ දේශගුණික තත්වයන්ට බලපෑමක් ඇති වෙන්න පුලුවන් . ඔබගේ වාහානය , නිවස ඔබ ඉවතලන දේවල් වලින් විතරයක් නෙ
Images: becomingminimalist

Tags

Madusanka

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.