චීනය cryptocurrency සේවාවන් බිඳ දැමීමත් සමඟ Bitcoin අගය ‌පහතට

News May 24, 2021

චීනයේ cryptocurrency මෙහෙයුම් අත්හිටුවීමත් සමග Cryptocurrency වල අගය පසුගිය දිනවලදී පහතවැටෙමින් පවතින බව මිළ දර්ශක වල සටහන් විය. චීන රජයේ මෙම තීරණය ඩිජිටල් මුදල් පරිසර පද්ධතියේ ව්‍යාකූලත්වයට හේතු වී තිබේ. චීන රජය ඩිජිටල් මුදල් ඉලක්ක කරගත් පලමු අවස්ථාව මෙය බව ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කරයි.

crypto mining යනු චීනයේ ප්‍රධාන කර්මාන්තයක් වන අතර ලෝකයේ ක්‍රිප්ටෝ සැපයුමෙන් 70% චීනය සතුය. කෙසේ වෙතත් චීනයේ මෙම නිවේදනයෙන් පසුව, ඹිට්cඔඉන් විශාල බලපෑමකට ලක්වූ අතර. 2021 අපේ‍්‍රල් මාසයේදී එහි ඇමරිකානු ඩොලර් 64,895 ක් වූ වටිනාකමෙන් 50% කින් පමණ පහත වැටුණි.

Image:englishbulletin.com

මේ අනුව Huobi Mall චීනයේ සියලුම Crypto මෙහෙයුම් නවතන ලද අතර සිය සේවාදායකයින් හට කලබල නොවන ලෙස  දැනුම් දී ඇත. එමෙන්ම BTC.TOP සිය චීන මෙහෙනුම් නවතා දමා ඇත්තේ කලාපීය අවධානම ගැන සලකා බලමින්ය. මේ නිසා Crypto Mine සේවාවන් විදේශයන්ට අලෙවි කරමින් පවතින අතර අවසානයේ චීනයට ක්‍රිප්ටෝ වෙළදපල අහිමිව යනු ඇත.

Via - Gizmochaina

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.