අන්තර්ජාලය, අද ආහාර, ඇදුම් පැළදුම්,වාතය,ජලය තරමටම මානවයාගේ මූලික අවශ්‍යතාවයක් බවට පත්වෙලා. අන්තර්ජාල පරිශීලකයෙකුගේ මූලික අරමුණ තමා වේගවත් හා ආරක්ෂිත අන්තර්ජාල සබදතාවයක් පරිශීලණය කරන එක. ඒත් ඇතැම් කරුණු නිසා තමන්ගේ අන්තර්ජාල සබදතාවය ගැන අපිට සෑහීමකට පත්වෙන්න බැහැ. විශ‌ේෂයෙන් අපේ රටේ අයට.

1.1.1.1 DNS කියන්නේ Cloudflare සමාගම විසින් සපයන තුන්වන පාර්ශවයේ DNS සේවාවක් 1.1.1.1 ගැන දැනගනීමට පෙර අපි DNS ගැන දැනගන ඉමු. අන්තර්ජාලයේ වෙබ් අඩවි හා යෙදුම් හැමදෙයක්ම ගබඩාවෙන්නේ ‌‌පරිගණක (Servers) තුල මෙම දත්ත ගබඩා ලෝකයේ විවිධ ස්ථානවල සිට ගෝලීය ජාලයට සම්බන්ද කරල තිබෙනවා. මේ පරිගණකවල ගබඩා කර තිබෙන වෙබ් අඩවි වලට පරිගණක විසින් IP ලිපින ලබා දී තිබෙනවා. නමුත් වෙබ් අඩවියක් මානවයින්ට IP ලිපිනවලින් මතක තබාගන්න බැහැ මේ නිසා තමා සෑම වෙබ් අඩවියකටම ‌‌ඩොමේනයක් ලබාදී තිබෙන්නේ. (Eg: google.com , Facebook.com) මේ ‌ඩොමේන සදහා අදාල වෙබ් අඩවිවල IP ලිපින සම්බන්ද කර තිබෙනවා. ‌ඒ නිසා ‌ඩොමේනය ටයිප් කිරීම මගින් පරිශීලකයින්ට පුලුවන් අදාල වෙබ් අඩවියට පිවිසෙන්න. මෙන්න මේ ‌ඩොමේනය හා  වෙබ් සර්වරය අතර සබදතාවය ඇතිකරන්නේ DNS සේවාදායක වලින්.  මේක සරලවම කිව්වොත් නාමාවලියක් වගේ සියලුම වෙබ් අඩවිවල IP, DNS සේවාදායකය සොයාගත යුතුයි. පසුව ‌ඩොමේනයට ලැබෙන ඉල්ලීම් අදාල IP එකට යොමුකල යුතුයි.

image:f5.com

මේ DNS සේවාදායක කළමණාකරන කරන්නේ ඔබගේ අන්තර්ජාල සපයන්නා හරහා. පොදුවේ අන්තර්ජාල සේවා සපයන්නා ඔබට ලබාදෙන පොදු DNS සේවා දායක වල තදබදය වැඩියි. ඇතැම් විට ආරක්ෂාව දුර්වලයි. මේ දෝශ නිසා අන්තර්ජාල සම්බන්දතාවය බිද වැටීමට හෝ මන්දගාමී වීමේ හැකියාව වැඩියි. ඒ වගේම ISP ඔබගේ ක්‍රියාකාරකම් සහ හැසිරීම නිරීක්ෂණය කිරීම DNS මගින් සිදුකරනවා.

1.1.1.1

මතුන්වන පාර්ශවයේ DNS විසදුමක් ලෙස අපි ඔබට 1.1.1.1 යෝජනා කරන්නේ ඉහත අපි කතාකරපු සියලුම දුර්වලතාවලට විසදුම් ඒ තුල තිබෙන නිසා. 1.1.1.1 යනු ලොව වේගවත්ම DNS ජාලයයි. එමෙන්ම ඔබගේ ලොග් ඔවුන් නිරීක්ෂණය නොකරයි. ඒවා පැය 24 පසු ස්වයංකීයවම මකාදමයි. මෙම නිසා වේගවත් Load වීමක් හා ආරක්ෂාවක් ඔබගේ අන්තර්ජාල සබදතාවට හිමිවේ. 1.1.1.1 ජාලයට බලය සපයන CloudFlare සමාගම දැන් ලොව පුරා නගර 200 තම සේවාදායක ස්ථාපනය කර ඇත. ( කොළඹ නගරයද ඇතුලුව) ‌1.1.1.1 ‌සේවාවේ ගුණාත්මක බවට මෙය හේතුවී ඇත.

වේගවත්ම DNS සබදතාවය.

1.1.1.1 + WARP

WARP යනු 1.1.1.1 සේවාවේ මෑත කාලීන වැඩිදියුණු කිරීමකි. 1.1.1.1 සේවාවේ නව මුහුණුවරක් ලෙස එය හැදින්විය හැකියි. මේ මගින් DNS සේවාවන් වලට අමතරව අන්තර්ජාල සබදතාවේ ආරක්ෂිත කේතනය කිරීමක් සිදුකරයි. එනම් 1.1.1.1 සාමාන්‍ය භාවිතය මගින් ඔබගේ DNS සබදතාව පමණක් ආරක්ෂිත කරන අතර 1.1.1.1 සමග WARP භාවිතය මගින් ඔබගේ සම්පූර්ණ අනතර්ජාල සබදතාවයම ආරක්ෂිත කරවයි එය VPN ලබාදෙන සේවාවට බොහෝ සමානය.

1.1.1.1 ස්ථාපනය කරනා ආකාරය

1.1.1.1 සේවාව සම්පූර්ණයෙන් නොමිලේ ලබාගත හැකි අතර එය සැකසීමට දැන් අමතර දැනුමක් අවශ්‍ය නැත. ඔබගේ උපාංගයේ DNS සැකසුම් වෙත ගොස් එහි ඇති DNS IP ලිපිනය වෙනුවට 1.1.1.1 ‌ලිපිනය ලබාදෙන්න. නැතිනම් 1.1.1.1 යෙදුම් හෝ මෘදුකාංගය Download කිරීම මගින් මෙම සේවාව ලබාගත හැකිය.

1.1.1.1: Faster & Safer Internet - Apps on Google Play
A More Private Internet
‎1.1.1.1: Faster Internet
‎1.1.1.1 w/ WARP – the free app that makes your Internet more private. 1.1.1.1 w/ WARP makes your Internet more private and safer. No one should be able to snoop on what you do on the Internet. We’ve created 1.1.1.1 so that you can connect to the Internet securely anytime, anywhere. • A better way…