Clubhouse යෙදුම පරිශීලක දත්තවල රහස්‍යතාවයට හානි කරන බව IFF පවසයි

News Jun 26, 2021

පසුගිය වසරේ සිට Cloubhouse ලැබූ අසීමිත ජනප්‍රියත්වය නිසාම මේ වන විට Cloubhouse දිනපතාම මිලියන ගණනින් පරිශීලකයන් විසින් භාවිතා කරනු ලබයි. එහි ප්‍රතිථලයක් ලෙස Facebook,Twitter මෙන්ම Linked In පවා Cloubhouse සදහා විකල්පයන් ඉදිරිපත් කර ඇති බව මීට පෙරදී අප වාර්තා කලා.
කෙසේ වෙතත් ඉන්දියාවේ IFF (Internet Freedom Foundation) නිවේදනය කරන්නේ Clubhouse දැන් සිය සේවාව සැපයීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා පරිශීලක දත්ත එකතු කරමින් සිටින බවයි.

Image:our.status.im

Cloubhouse හි පරිශීලක දත්ත පිළිබදව IFF මෑතකදී වාර්ථාවක් බෙදාගත් අතර, එහි දැක්වෙන පරිදි මේ වසරේදී Android සදහා සහය දැක්වීමත් සමග ඉන්දියාවේ පමණක් මිලියන 2.6 අධික පරිශීලකයින් පිරිසක් Cloubhouse භාවිතා කරනු ලබයි. නිසි ආකාරයට රහස්‍යතා ( privacy policy) නොමැති වීම නිසා යෙදුම අවශ්‍ය ගණනට වඩා පෞද්ගලික තොරතුරු එකතු කරමින් සිටියි.

Image:internetfreedom.in

IFF වාර්ථාවට අනුව, Clubhouse විසින් නම,ලිපිනය,පරිශීලක සම්බන්දතා තොරතුරු, දුරකතන අංක වැනි දත්ත රුස් කරයි. එමෙන්ම IP, උපාංග නාම,මෙහෙයුම් පද්දති, උපාංගයේ Save කර ඇති දුරකතන අංක වැනි තොරතුරුද ඔවුන් ලබා ගනු ලැබේ. එපමණක් ‌නොව ‌යෙදුම එකතු කරගන්නා දත්ත තෙවන පාර්ශවයට බෙදාගැනීම නැවතීමට Clubhouse සතුව කිසිදු ප්‍රතිපත්තියක් නොමැති බවද ඔවුන් සදහන් කරයි.

“We believe that civil rights audits of social media entities are extremely important. In this day and age, these entities hold immense power in regulating speech and it is important that there is an independent evaluation of how such regulation takes place,” stated IFF India.
“A comprehensive human rights audit is the only way to mitigate the dual-threat of hate & disinformation on the one hand and state/corporate surveillance on the other,” further added the organization.


සාමාන්‍යයෙන් Clubhouse යෙදුම සෑම සංවාදයක්ම පටිගත කරන අතර ඒවා මකා දමන අවස්ථාවක් ගැන පැහැදිලි තොරතුරක් නොමැති බවත් IFF අවධාරණය කරයි.
මෙම කරුණු උපුටා දක්වමින් IFF, Clubhouse ආයතනයෙන් ඉල්ලා සිටින්නේ හිමිකම් ප්‍රතිපත්තියක් සහ සිවිල් අයිතිවාසිකම් විගණනයක් සඳහා ස්වේච්ඡා සේවකයෙකු ඉදිරිපත් කරන ලෙසයි.මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ක්ලබ්හවුස් දරන උත්සාහයන් විමර්ශනය කිරීම සඳහා වරින් වර විගණනයක් කළ යුතු බව එම සංවිධානය යෝජනා කරයි.

Via : IFF, Beebom / Images : Gettyimages

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.