වලාකුළු පරිගණක යනු කුමක්ද? What Is Cloud Computing?

Articles Feb 19, 2020

වලාකුළ යනු කුමක්ද ? වලාකුලු වල දත්ත ගබඩා කරන්නේ කෙසේද ආදී ප්‍රශ්න ඇතැම්විට ඔබ ඔබගෙන්ම අසා තිබෙනවා ඇත.ඇතැම් විට ඔබ ඒ ගැන වැරදි අවබෝධයකින් පසුවනවා ඇත.එම නිසාවෙන් වලාකුලු පරිගණක ගැන නිවැරදි දැනුමක් ලබා ගැනීම වර්තමාන ලෝකය තුල ජීවත්වන සියලුම දෙනාට ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත.

සරළව කිවහොත්, වලාකුළු පරිගණකකරණය යනු ඔබේ පරිගණකයේ ඇති දෘඩ තැටියේ දත්ත ගබඩා කිරීම වෙනුවට අන්තර්ජාලය හරහා දත්ත සහ වැඩසටහන් ගබඩා කිරීම සහ ප්‍රවේශ වීමයි.එනම් අන්තර්ජාලයේ ඇති සේවාදායක (වෙබ් සර්වර් තුල ) දත්ත තැම්පත් කිරීමත් , අවශ්‍ය වූ විට ඒවා පිටතට ගැනීමත්ය. ඔබ පරිගණකයේ ඇති දෘඩ තැටියේ ඔබේ දත්ත තැම්පත් කිරීම local storage and computing ලෙස හැදින්විය හැකිය . එමෙන්ම වෙබ් සේවාදායක තුල දත්ත ගබඩා කිරීම Cloud Computing ලෙස හැදින්විය හැකිය.

වලාකුලු පරිගණකකරණයට එතරම් දීර්ඝ ඉතිහාසයක් න‍ොමැත.නමුත් දෘඩ තැටියේ දත්ත ගබඩා කිරීම හතරවන පරම්පරාවේ පරිගණක වල ආරම්භයේ සිට සිදුවූවකි.කෙසේ වුවත් බහුතරයක් ජනතාව වලාකුලු පරිගණක වල තම දත්ත තැම්පත් කිරීමට වඩා පෞද්ගලික පරිගණක වල දත්ත තැම්පත් කිරීමට ප්‍රිය බවක් පෙන්වයි.නමුත් වලාකුලු පරිගණක වල දත්ත ගබඩා කිරීම සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට ගිය වඩාත් ආරක්ෂිත දියුණ ක්‍රමයකි.

Cloud Computing හි යෙදුම් කිහිපයක් පවති ඒ අතරින් වෙබ් අඩවි හොස්ට් කිරීම – Cloud Hosting පෞද්ගලික දත්ත ගබඩා කිරීම – Cloud Storage යන අංශයන් බහුලව භාවිතා කෙරේ , Web Hosting හා Cloud Hosting යනු අංශ දෙකකි.

එසේම ඔබගේ කාර්යාලයක ඇති පෞද්ගලික දත්ත ගබඩාවන් Cloud අංශයට අයත් නොවේ,ඒවා network attached storage (NAS) ලෙස හැදින්වේ

Cloud ක්‍රියාත්මක වන්නේ කෙසේද ?

Cloud යන නම ඇසූ සැනින් ඔබට අහසේ ඇති වලාකුළක් සිහිවනු ඇත. නමුත් අප කතා කරන Cloud Computing හි අභ්‍යාවකාශය සමග කිසිදු සම්බන්දයක් නැත. සියල්ල ගෝලීය අන්තර් ජාලය සමග ක්‍රියාත්මක වේ. ලොව විවිධ ස්ථානවල ඇති දත්ත මධ්‍යස්ථාන වල ඇති දෘඩ තැටි තුල පරිශීලක දත්ත තැම්පත් කෙරේ . පරිශීලකයාට අන්තර්ජාලය හරහා දත්ත ගබඩා කිරීම හා ලබා ගැනීම සිදු කිරීම කර හැකිය. ඊට අමතරව දත්ත බෙදා ගැනීම හා සමමුහුර්තකරණය සිදු කර හැකිය. මෙම නිසා පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලොව ඕනැම තැනක සිට තමන්ගේ දත්ත ගබඩාව පිවිසීම සිදු කර හැකිය.

google Drive , one Drive , I Cloud ආදිය Cloud සමමුහුර්ත සේවාවන් වේ. එමෙන්ම වලාකුළු මත පදනම් වූ පරිගණක උපකරණයක් ලෙස Chromebook හැදින්විය හැක. මෙය සම්පූර්ණයෙන්ම වලාකුලු මත පදනම් වූ උපාංගයකි Chrome OS මගින් අතුරු මුහුණතක් සපයයි.

දුර්වලතා

වලාකුලු පරිගණකවල දුර්වලතා ලෙස ප්‍රධාන වශයෙන් ගෝලීය අන්තර්ජ‍ාල සබදතාවල වේගය සැලකිය හැකිය. දුර්වල අන්තර්ජාල සබදතා සහ කලාප පළල සැලකිය හැකිය. ජාල බිද වැටීම් , සර්වර් ඩවුන් වීම වැනි හේතු නිසා වලාකුළු පරිගණක කරණය පැතිරීමට අභියෝගයන් වී ඇත. වලාකුළු පරිගණක තාක්ෂණය භාවිතා කිරීම නිසා පරිසර දූෂණය අවම කර ගැනීමට හැකියාව ලැබී ඇත.

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.