Tesla ප්‍රධාන විධායක නිලධාරි Elon Musk  ම‍ාධ්‍ය හමුවකදී පවසා සිටින්නේ සිය Cybertruck ව්‍යාපෘතිය අසමත් උවහොත් සමාන්‍ය ආකාරයේ pickup truck රථයක් නිපදවන බවයි.තවදුරටත් ඔටෝමෝටිව් නිවුස් වෙත අදහස් දක්වමින් මස්ක් හෙළි කළේ නව මාදිලියක් තැනීමට පෙර ප්‍රධාන ධාරාවේ මෝටර් රථ නිෂ්පාදකයින් විසින් සිදු කරනු ලබන සාමාන්‍ය පාරිභෝගික පර්යේෂණ තමන් නොකළ බවයි.

තමාට අවශ්‍යවූයේ අනාගත යුධ ටැංකියක් සෑදීමටයි. යනුවෙන් ඔවු තවදුරටත් අදහස්දක්ව‍ා සිටින‍වා.මේ වන විට Cybertruck සදහා ඇණවුම් 620,000 පමණ ඔවුන් වෙත ලැබී ඇති අතර ඔවුන් ඇණවුම් දත්ත ය‍ාවත්කාලීන කිරීමද මේ වන විට අත්හිටුවා දම‍ා ති‍බෙනවා.යම් කිසි ආකාරයෙන් මෙම ව්‍යාපෘතිය අසාර්ථක වුවහොත් Porsche 911 ට වඩා හොද ක්‍රීඩා රථයක් මෙන්ම F-150 වඩා හොද truck රථයක් නිපදවන බව ඔවුන් කියා සිටිනවා."මිනිසුන් සයිබර්ට්‍රක් වලට කැමති නම්, අපට ගැටලුවක් නැත . ඔවුන් එසේ නොකරන්නේ නම්, ඔව්. අපි යම් අලෙවිකරණ ව්‍යාපෘතියක් කිරීමට උත්සාහ නොකරමු. අපි උත්සාහ කරන්නේ මිනිසුන් ආදරය කරන නිෂ්පාදන නිර්මාණය කිරීමට ය යනුවෙන් මස්ක් වැඩිදුරටත් කියා සිටිනවා.

ඔවුන් Cybertruck නිර්මාණය ලබන වසරේ සිට ආරම්භ කිරීමට අදහස්කරන අතර ඒ සදහා නව Factoryය සදහා Texas හි Austin ප්‍රදේශය තොරාග‍ෙන තිබෙනවා.