ශ්‍රී ලංකාවේ විශාලතම දුරකතන හා අන්තර්ජාල සේවා සපයන Dialog Axiata PLC විසින් Maldives-Sri Lanka Cable system (MSC) ආරම්භ කරන බව නිවේදනය කලා. මේ මගින් Dialog අන්තර්ජාල සම්බන්දතා තවදුරටත් වේගවත් කිරීමට හැකිවනු ඇත.

කිලෝමීටර් 840 ක් දිග ජාත්‍යන්තර සබ්මැරීන් ෆයිබර් ඔප්ටික් කේබල් පද්ධතිය මඟින් මාලදිවයිනේ Hulhumale සහ Mount Lavinia අතර සම්බන්ද කරනු ලබයි මේ මගින් දෙරට අතර low latency , bandwidth සීමාව වැඩිකර ගැනීමේ හැකියාව පවතී. මේ සදහා ජාත්‍යන්තර හවුල්කරුවන් ලෙස Dialog සමග මාලදිවයිනේ Dhiraagu සහ Ooredoo සමාගම් කටයුතු කරනු ලබයි. MSC කේබලය ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර සම්බන්ද කිරීමට ඉතිහාසයේ සිදුකරන ලද විශාලතම ආයෝජනයයි.

මැද පෙරදිග, ඉන්දියානු උප මහාද්වීපය සහ ගිනිකොනදිග අතර අඩු ප්‍රමාදයක් සමඟ අධිවේගී සම්බන්ධතාවයක් ලබාගැනීම සදහා Dialog විසින් BBG පද්දතිය ( Bay of Bengal Gateway ) මීට වසර කිහිපයකට පෙර ආරම්භ කල අතර MSC යනු එම ව්‍යාපෘතිය ආකාරයේම දෙවන ආයෝජනයයි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන මණ්ඩලය යන ආයතනවල අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය වසරක් වැනි කාලයක් තුල අවසන් වී ඇත.
“වසංගත අභියෝග මධ්‍යයේ අපගේ ජාත්‍යන්තර ඒකාබද්ධ හවුල්කරුවන් වන Ooredoo සහ Dhiraagu සහ HMN සමඟ වාර්තාගත වේලාවක මෙම ව්‍යාපෘතිය නිම කිරීමට ලැබීම සතුටට කරුණක්” යැයි DIALOG Axiata සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා පැවසීය.
Via : dailymirror , the island , MSN , psmnews