Huawei සහ ZTE වලින් පසුව, එක්සත් ජනපද වාණිජ දෙපාර්තුව විසින් සුප්‍රසිද්ධ චීන ඩ්‍රෝන් සමාගමක් වන 'DJI' සමාගම අසාදු ලයිස්තුවට (Blacklist) වෙතට ඇතුලත් කර ඇත.මෙම ලයිස්තුවට SMIC ඇතුලුව තවත් සමාගම් ගණනාවක් ඇතුලත්ය. එක්සත් ජනපදය DJI සමාගම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව සලකා තම රට තුල ගණුදෙනු කිරීම තහනම් කිරීමට කටයුතු කර ඇත.

එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව පවසන පරිදි මෙම චීන සමාගම් උසස් සුපරීක්ෂණ කටයුතු සිදුකරමින් (analysis) විශාල ලෙස මානව හිමිකම් කඩකරමින් සිට්න බවයි.එමෙන්ම එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති වලට පටහැනිව නිශ්පාදන අලෙවිකරන චීන සමාගම් රැසක් ඉදිරියේදී තහනම් කිරීමට කටයුතු කරමින් සිටින බව ඔවුන් නිවේදනය කරනවා.

DJI තහනමද Huawei තහනමට බෙහෙවින් සමානය.එක්සත් ජනපද අපනයනය කිරීම් තවදුරටත් තහනම් කර ඇත.දෘඩාංග හෝ වෙනත් අමතර කොටස් සැපයුම් දාමයද මේ නිසා බිදවැටීම සිදුවන අතර එක්සත් ජනපදය තුල DJI පියාසර කරවීමද ඉදිරියේදී තහනම් වියහැකි වුවත් තවමත් එවැනි තත්වයක් ඇතිවී නැත. මෙම තීරණය ගැන DJI ආයතනය කලකිරීමට පත්වී ඇති අතර. ''දැනට ඇමරිකාවේ ගණුදෙනුකරුවන්ට අපගේ නවතම නිශ්පාදන මිලදී ගත හැක.අපගේ සමාගම ලෝකයට ප්‍රතිලාභගෙන දෙන කර්මාන්තයක් ලෙස නවීනතම නිශ්පාදන සිදුකිරීමට නිරතුරුව කැපවී සිටියි.''  යනුවෙන් නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත.

DJI ගුවන්ගත කිරීමට තවමත් තහනමක් එක්සත් ජනපද වාසීන්ට නැත.නමුත් Huawei හි වර්ථමානය දෙස බැලුවහොත් DJI සමාගමට මෙම වාරණය නිසා අවිනිශ්චිත අනාගතයකට මුහුණදීමට සිදුවනු ඇත.

Via - Gizmochaina,Thevarge