පහසුවෙන් සිංහල ටයිප් කරන්න හොදම App එක

Local Feb 27, 2021

Dream Keyboard යනු ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකථනවල සිංහල ටයිප් කිරීමට භාවිතා කළ හැකි නවතම කීබෝඩ් ඇප් එකකි. මෙය ලංකාවේ නිර්මාණය කරන ලද ඇප් එකක් වන අතර මෙතෙක් කිසිදු සිංහල කීබෝඩ් එකක ඇතුළත් නොවන පහසුකම් ගණනාවක් මෙයට ඇතුළත්ව ඇත.

මෙම ඇප් එක මගින් ශබ්දානුකූල ක්‍රමය (සිංග්ලිශ්) සහ සම්මත විජේසේකර ක්‍රමය භාවිතා කර සිංහල ටයිප් කළ හැක. ආකර්ෂණීය අතුරු මුහුණතක් සහිත වන අතර විවිධ අලංකාර තේමා ගණනාවක් නොමිලේම භාවිතා කිරීමට හැකියාව ඇත. නවීන කීබෝඩ් ඇප්වල අඩංගු වන,

Gestures
අක්ෂර දෝෂ හඳුනා ගැනීමේ පහසුකම්
හඬ මගින් ටයිප් කිරීම  
Clipboard ය හැසිරවීම
කීබෝඩ් එක හරහාම ඡේද/වචන සැකසීම
විවිධ හැඩ සහිත අකුරු (stylish fonts) වලින් ටයිප් කිරීම
කීබෝඩ් එකෙහි අකුරු හා icon වල වර්ණය වෙනස් කිරීම වැනි පහසුකම් සහ තවත් පහසුකම් ගණනාවක් මෙම ඇප් එකට ඇතුළත්ව ඇත.

මීට අමතරව ඉමෝජි හා අංක තීරුව, වචන සහ ඉමෝජි , පෞද්ගලික ශබ්දකෝෂය භාවිතය, ඉමෝජි භාවිතය වැනි සාමාන්‍ය පහසුකම් ගණනාවක් ද මෙහි අඩංගුය. මෙම ඇප් එකෙහි විශේෂතාවක් වන්නේ ඉතා අඩු බැටරි, RAM, Storage හා CPU භාවිතයක් සහිත වීමයි. එනිසා කුඩා දුරකථනවල ද ඉතා හොඳින් ක්‍රියාත්මක වීමේ හැකියාව පවතී. එමෙන්ම ඇප් එකෙහි අඩංගු සියලු පහසුකම් නොමිලේ භාවිතා කළ හැක. පහළ links හරහා මෙම ඇප් එක ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයටත් ලබාගන්න.

Sinhala Keyboard - Dream Keyboard - Apps on Google Play
Dream Keyboard යනු ඉංග්‍රීසි හා සිංහල භාෂා දෙකම මගින් ටයිප් කළ හැකි යතුරුපුවරුවකි. මෙම ඇප් එකෙහි අඩංගු සියලු පහසුකම් ඔබට නොමිලේ භාවිතා කළ හැක. පහසුකම් : 🇱🇰 සිංහල ටයිප් කිරීම• ශබ්දානුකූල ක්‍රමය (සිංග්ලිශ්) හා සම්මත විජේසේකර ක්‍රමය භාවිතා කර ටයිප් කළ හැක ⌨ සුපිරි පෙනුම• යතුරුපුවරුවක පැවතිය හැකි…

ඒ වගේම හොද ප‌ෞද්ගලිකත්ව ප්‍රතිපත්තියක් මේ යෙදුම සතුවනවා පරිශීලකයන්ට මෙතනින් Privacy Policy කියවල බලන්න පුලුවන්. Developers Team එක සම්බන්ද කරගැනීමට facebook පිටුව සම්බන්ද කරගන්න .‌‌

Tags

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.