ලොකේ පුරා වනාන්තර හදන Ecosia Search Engine

Articles Aug 31, 2020

දේශගුණික  විපර්යාසයක්, ඔබ කරන සෑම ක්‍රියාවකින්ම වගේ දේශගුණික තත්වයන්ට බලපෑමක් ඇති වෙන්න පුලුවන් . ඔබගේ වාහානය , නිවස ඔබ ඉවතලන දේවල් වලින් විතරයක් නෙවෙයි.  ඔබ පරිසරය ආරක්ශා කිරීමට සමාජ ජාල වලට  පිවිසෙන විටත් විශාල පාරිසරික බලපෑමක් පරිසරයට ඇති වෙනවා. මොකද තොරතුරු තාක්ශණයේ කිසිම දෙයක් පරිසර හිතකාමී නෙවෙයි. අපි පරිසරයට ඇත්තටම ආදරය කරනව නම් අපි මේ තාක්ශණික ලෝකයෙනුත්  ටිකක් ඉවත්වෙලා ඉන්න එක  හොදයි.

Ecosia කියන්නේ, ලොව පුරා වනාන්තර නැවත වගා කිරීම හා පරිසර පද්දති ආරක්ෂා කිරීම පමණක්ම අරමුණ කරගනිමින් ආරම්භ කරපු ජර්මානු අන්තර්ජාල සෙවුම් යෙදුමක් . Ecosia නිර්මාණය වන්නේ Christian Kroll අතින් 2009 වර්ශයේදී. වනාන්තර විනාශය සහ පරිසර දූශණය දැකල ඔහුට හිතිලා තියෙනවා මේ වෙනුවෙන් යමක් කිරීමට සහ ලෝකයට මේ හරහා පණිවිඩයක් ද‌ෙන්න. අදවන විට ඔවුන් මිලියන 60 පමණ පැළ ලෝකයට දායාද කරල තියෙනවා .

Ecosia සෙවුම් යන්ත්‍රය

තාක්ශණය

Ecosia සෙවුම් ප්‍රතිථල ලබාගන්නේ Bing API එකක් භාවිතා කරල නමුත්  ඔවුන් සතු විශේෂ ඇල්ගොරිදම් භාවිතා කරලා ‌‌සෙවුම්  ප්‍රතිථල Bing එකට වඩා ගුණාත්මක කරල තියෙනවා.ඒ වගේම අපි දන්න DuckDuckGO වගේම මේ ආයතනයත් පරිශීලකයන්ගේ  ප‌ෞද්ගලිකත්වයට ගරු කරනවා. වෙබ් සර්වර් සදහා භාවිතා කරන්නෙත් 100% පුනර්ජනනීය බලශක්තිය.ඒ වගේම භාශාවන් 26 සහය දක්වනවා.

‌Ecosia වෙබ් අඩවිය බලගන්වන්නේ පුනර්ජනනීය බල ශක්තියෙනි. 

ආදායම

Ecosia අනෙක් සෙවුම් යන්ත්‍ර වගේම ආදායම් ලබන්න‌ේ දැන්වීම් භාවිතයෙන් ඒ සදහා දැන්වීම් ලබාගන්නේ DuckduckGO වගේම  Microsoft Advertising තුලින්.ආයතනයේ ආදායමෙන් 80%  ක‌ොටක්ම ඔවුන් යොදවන්නේ මේ වනාන්තර වගාකිරීම සදහා. යමෙකුට ඒ ගැන යම්කිසි සැකයක් තියෙනවනම් ඔවුන්ගේ financial reports ඔවුන්ගේ Blog අඩවිය  හරහා ගවේශණය කිරීමේ හැකියාවත් තිබෙනවා.

මේක කියවන ක‌ෙනෙනෙක්ට  හිතෙන්න පුලුවන්  එතරම් විශාල පිරිවැයක් දරන්න ඔවුන්  එතරම්  මුදලක් ඉතිරිකරගන්නේ  කොහොමද කියල ?මේ සදහා Microsoft සමාගම ඔවුන්ට Api සේවය  ලබාදෙන්නේ සාමාන්‍ය මිලට වඩා අඩු මිලකට ඒ නිසා සමාගමේ ආදායම විශාල වශයෙන් වන සංරක්ශණයට යොදවන්න ඔවුන්ට හැකිවෙලා තිබෙනවා.ඒ වගේම Bing ඉංජිනේරුවන් පිරිසක්ද මේ සදහා සහය ලබා  දෙනවා . තාක්ශණය පැත්තෙන් මේක Duckduck Go සෙවුම් යන්ත්‍රයට බෙහෙවින්ම සමානයි.

Google ට කරන්න බැරි ඒත් DuckDuckGo කරන වැඩ
DuckduckGO [https://duckduckgo.com/] සෙවුම් යන්ත්‍රය මේවන විට සීග්‍රයෙන්‍අන්තර්ජාල පෞද්ගලිකත්වයට මුල් තැන දෙන ජනතාව අතර ජනප්‍රිය වන සෙවුම් වෙබ්අඩවියක්.ඒ වගේම Google ආයතනයට වඩා සියදහස් ගුණයකින් ඉදිරියෙන් සිටින සෙවුම්යන්ත්‍රයක් .මේ ලිපියෙන් කතා කරන්නේ Google ට කරන්න බැරි ඒත් DuckDuckGo[https://duckduckgo.com/…

ගස් සිටුවීම පහසුය

ඔබ Ecosia මත යමක්  සොයන විට count එකක් දර්ශණය කරන ආකාරය ඔබට දැකබලා ගතහැකිය එහි අගය 50 ඉක්මවූ  විට එක් ගසක් සදහා මුදල් ආයතනයට ලැබේ එම වටිනාකම කලින් සිටවනු ලද ශාක නඩත්තුවට සහ නව වගාකිරීම් වලට යොදවනු ලබයි. එහි නියමුවා වන ක්‍රොල් පවසන්නේ ඉකෝසියා විසින් අරමුදල් සපයන සෑම රෝපණ ව්‍යාපෘතියකම අඛණ්ඩ ප්‍රගතිය අධීක්‍ෂණය කරන බවයි.එමෙන්ම මෙහි සෑම සේවකයෙකුම ආයතනයේ කොටස් කරුවන් වන අතර  Christian Kroll හට හිමිවන්නේ 1% කොටසකි.

Peru, Nicaragua, Colombia, Haiti, Brazil, Morocco, Spain, Senegal, Burkina Faso, Ghana, Madagascar, Uganda, Tanzania, Ethiopia, Kenya යන රටවල් වල බහුල ලෙස Ecosia ව්‍යාපෘති සිදුකරනු ලබනවා.ලෝකය තුල කාන්තාරකරණය වැළැක්වීම සහ පස සාරවත් ලෙස තබා ගැනීම , වනාන්තරයේ වාසය කරන සතුන් සඳහා ආරක්ෂිත වාසස්ථාන , ගස් සිටුවීම හා රැකබලා ගැනීම රැකියාවක් බවට පත්කර ස්ථාවර ආදායමක් නිර්මාණය කිරීම, ගස් අස්වැන්නෙන් ආහාර හා ආදායම ලබා දීම, සාරවත් පසෙන් කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම සහ අවසානයේ  ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයට සියලුම රටවලට සහය දීම Ecosia ව්‍යපෘතියේ දැක්ම වී තිබෙනවා.එමෙන්ම ගින්නෙන් විනාශවන වැසි වනාන්තර නැවත වගාකිරීමටද ඔවුන් සක්‍රීය දායකත්වය සපයනවා.

Microsoft බලගන්වන වෙළද දැන්වීම් 

ඔබටත් දිනපතා භාවිතය මගින්, Ecosia සමග පරිසර සංරක්ෂණයට නොමිලේම දායකවිය හැකි අතර  ඔබගේ ප‌ෞද්ගලික්වයත් ආරක්ශාව‌ෙනවා.  ඔබ කුමන අංශයක රැකියාවක් සිදු කලද ඒ ඔස්ස‌ේ කුමන හෝ ආකාරයට පරිසරය‌ේ පැවැත්මට සහයෝගය දෙන පරිසර හිතකාමී පුද්ගලයෙකු විය හැකි බව Ecosia මගින් ඔබට වටහාදෙනු ඇත.

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.