Elon Musk ගේ ප්‍රසිද්ධ කිරීම් නිසා Signal යෙදුමේ New Signups ඉහලට, WhatsApp පසුබෑමක

News Jan 9, 2021

Encrypted messaging පණිවිඩකරණ යෙදුමක් වන Signal සංවර්ධකයින් පවසන්නේ මේ වන විට තම යෙදුමේ විශාල පරිශීලකයින් සංඛ්‍යාවක් ඉහල ගොස් ඇති බවයි තදබදය නිසා දුරකථන අංක සත්‍යාපනයද ඇතැම් අවස්ථාවල ප්‍රමාද වන බව සමාගම පවසනවා.

ලාභ නොලබන Signal Foundation යෙදුම මෙලෙස විශාල වර්ධනයක් දැකීමට හේතුන් දෙකක් මූලික වී තිබෙනවා.ඒ Tesla ප්‍රධාන විධායක නිළධාරී Elon Musk සහ WhatsApp හි නව රහස්‍යතා ප්‍රතිපත්තීන්. පසුගිය දිනක ලොව ධනවත්ම පුද්ගලයා වූ Elon Musk එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ට කඩා වැදුණු මැර කල්ලියේ සාමාජිකයින්ට අන්තර්ජාලයෙන් සංවිධානය වීමට උදව් කිරීම සම්බන්දයෙන් Twitter මගින් දැඩිව විවේචනය කිරීම් සිදුකර ඇත. ඉන්පසුව Twitter ඔස්සේ ඔහුගේ අනුගාමිකයින්ට WhatsApp හි තරගකරුවෙකු වන Signal භාවිතා කරන ලෙස twitter ඔස්සේ පණිවිඩයක් ලබාදී ඇත.

එමෙන්ම 2021 පෙබරවාරි 8 දින WhatsApp , Facebook සමග තොරතුරු හුවමාරු කරගන්නා  නව රහස්‍යතා ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමත් Elon මහතාගේ Twitter ගිණුමත් නිසා WhatsApp පසුගිය පැය කිහිපය තුල විශාල පසු බැසීමකට ලක්වෙමින් පවතී.නව රහස්‍යතා ප්‍රතිපත්තිය ලබන මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත. නමුත් එය  ක්‍රියාත්මක වීමටත් පෙර WhatsApp වෙතින් මිනිසුන් ඉවත් වෙමින් සිටින අතර Signal,Telegram,Kik වැනි විකල්ප වෙත මිනිසුන් වැඩි වශයෙන් නැඹුරු වෙමින් පවතී.

image : .cloudfront.net

Signal යනු facebook සමාගමට End to End Encrypted තාක්ෂණය සපයන Signal Foundation නිර්මාණය කරන ලද ලාභ නොලබන යෙදුමකි.පරිශීලක පරිත්‍යාගයන්ගෙන් නඩත්තු කරන ලද යෙදුමක් වන Signal පසුගිය වසරේ ඇමරිකාවේ කලු ජාතික අයිතිවාසිකම් ඉල්ලා සිදු කරන ලද සටන් වලදී ඇමරිකානුවන් රහසේ සංවිධානය වීමට  භාවිතා කරන යෙදුමයි.Signal හි රහස්‍යතාවය නිසා ආරක්ෂණ අංශවලට ඔවුන්ගේ තොරතුරු අණාවරණය කරගැනීමට නොහැකි විය.එමෙන්ම signal බොහෝ කලක සිට මාධ්‍යවේදීන් පණිවිඩ හුවමාරු කරගැනීම සදහා භාවිතා කරනු ලැබීය.මේ වන විට එයට ලොව පුරා පරිශීලකයින්ගේ විශාල ඉල්ලුමක් ඇතිවෙමින් පවතී මේ

Signal Private Messenger - Apps on Google Play
Millions of people use Signal every day for free and instantaneous communication anywhere in the world. Send and receive high-fidelity messages, participate in HD voice/video calls, and explore a growing set of new features that help you stay connected. Signal’s advanced privacy-preserving technolog…

මෙම මතභේදවලට ප්‍රතිචාර වශයෙන් WhatsApp ප්‍රකාශයක් නිකුත්කරමින් කියාසිටින්නේ නව රහස්‍යතා යුරෝපයට බල නොපාන බවත් මිනිසුන්ගේ පුද්ගලික සන්නිවේදනයට මෙය බලනොපාන බවත්ය.කෙසේ වෙතත් එම නිවේදනවලට පරිශීලකයන් සැලකිල්ලක් දක්වා නොමැත.

WhatsApp වෙනුවට භාවිතා කලහැකි හොදම ආදේශක
Banzgeek is a Sri Lankan technology news website. It is one of the leading technology Tutorials And News Blog websites in Sri Lanka powered by Sinhala language.Although it aims to provide technical articles and provide free IT knowledge, today even technical news is published in Sinhala.
Telegram, Premium features හා Ad මගින් මුදල් ඉපයීමට තීරණය කරයි.
Banzgeek is a Sri Lankan technology news website. It is one of the leading technology Tutorials And News Blog websites in Sri Lanka powered by Sinhala language.Although it aims to provide technical articles and provide free IT knowledge, today even technical news is published in Sinhala.

Via - Thevarge , PCmag

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.