Tesla හී නවතම මෝටර් රථ තුල කැමරා සහ  tracking උපාංග භාවිතාවන අතර මෝටර් රථය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය ස්වභාවයකින් යුක්ත වේ. මේ නිසා පසුගිය දිනක චීන හමුදාව සයිබර් ආරක්ෂාව සලකා Tesla මෝටර් රථ තම රටතුලට ගෙන ඒම තහනම් කරනු ලැබීය. මේ පිළිබදව අදහස් දක්වමින් Elon musk කියා සිටියේ ඇමරිකානු රජය වෙනත් රටවල ඔත්තු බැලීම සදහා තම මෝටර් රථ උපයෝගී කරගන්නා බව දැනගතහොත් තමා Tesla සමාගම වසාදමන බවයි.

Image:nvl5

පසුගිය සතියේ Reuters  වාර්තාකල ආකාරයට චීන හමුදාව Tesla නිශ්පාදන තම රටතුල තහනම්  කිරීම තීරණය කල අතර චීන බලධාරීන්  විශ්වාස කරන්නේ රට පිළිබඳ ඔත්තු බැලීම සඳහාත් රජයේ තොරතුරු රැස් කිරීම සඳහාත් මෙම මෝටර් රථ භාවිතා කළ හැකි බවයි.

පසුගිය සතියේ ඇලස්කාවේ පැවති ඉහළ පෙළේ චීන හා එක්සත් ජනපද තානාපතිවරුන්ගේ රැස්වීමකදී මෙම කරුණ පිළිබදව මතභේදාත්මක තත්වයක් ඇතිවිය. මේ කරුණ පිළිබදව වැඩිදුරටත්  Musk පවසි ඇත්තේ රටවල් අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් තිබිය යුතු බවයි.

Via : Beebom