2021 වසරේ නරකම සමාගම ලෙස Facebook නම් ‌කරයි

News Dec 22, 2021

සෑම වසරකම වෙළදපල වටිනාකම හා වෙනත් විවිධ සාධක මත පදනම්ව වසරේ හොදම සමාගම ලෙස Yahoo Finance විසින් විවෘත සමීක්ෂණයක් සිදුකරනු ලබයි. එහිදී වසරේ හොදම සමාගම ලෙස Microsoft පත්වූ අතර 2021 වසර සදහා නරකම සමාගම ලෙස Meta ( Facebook) නම් විය.

yahoo Finance සමීක්ෂණයේදී 1541 ක් Facebook නරකම සමාගම ලෙස නම් කරමින් ජන්දය ලබාදී ඇත. ලොව නරකම සමාජ ජාලය ලෙස ‌Facebook කිරුලු පැලදීම අරුමයක් නොවේ. සෑම වසරකම විශාල නඩු සංඛ්‍යාවක් Meta වෙත ලැබෙන අතර සාමාන්‍යයෙන් මිලියන 400 ඉක්මවූ දඩ මුදල් ගෙවීමට සමාගමට සිදුවේ. එමෙන්ම අනාරක්ෂිත දත්ත ගබඩා කිරීම් හා සීමාව ඉක්මවා ‌පෞද්ගලිකත්වයට හානිකරීම වැනි බොහෝදේ නිසා Facebook දිනෙන් දින අප්‍රසාදයට පත්වී ඇත. එමෙන්ම Facebook හි ඇල්ගොරිතම් සමාජයට සිදුකරන බලපෑමද සුලුපටු එකක් නොවේ. Apple සමාගම සමග පවා ගැටුම් ඇතිකරගැනීමට Facebook කටයුතු කරනු ලැබුවේ Apple හි පෞද්ගලිකත්ව ‌කොන්දේසි නිසා ව්‍යාපාරයට සිදුවන පාඩුව වලක්වා ගැනීමටය.

Meta සතු Instagram පවා බොහෝ සමාජීය බලපෑම් ඇතිකරමින් පවතී. ඉන්ස්ටග්‍රෑම් හි ප්‍රධාන විධායක නිලධාරී ඇඩම් මොසෙරිට මෑතකදී නව යොවුන් වියේ ආරක්ෂාව පිළිබඳ මතුවන ගැටළු සඳහා සෙනෙට් අනුකමිටුවට මුහුණ දීමට සිදු විය. ගැටළු විසඳීම සඳහා දැන් විශේෂාංග එකතු කිරීම ආරම්භ කර ඇතත්, තවත් විසදීමට බොහෝ ගැටලු instagram තුල ඇත.

මෙම පරීක්ෂණයට සහභාගීවූවන් පැවසුවේ Facebook හි නව මුහුණුවර Facebook හි අපකීර්තියෙන් බලධාරීන් සහ මහජනතාව අවධානය වෙනතකට යොමු කිරීමේ මාර්ගයක් බව

Via : Beebom / Images : arcticnow

Tags

Madusanka

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.