[Updates] ගෝලීයව WhatsApp, Facebook, Messenger, Oculus සහ Instagram බිදවැටෙයි.

News Oct 4, 2021

මේ වන විට ලොව පුරා Facebook සමාගමට අයත් සියලුම වෙබ් අඩවි බිදවැටී ඇති බවට Downdetector වෙබ් අඩවිය ඔස්සේ වාර්ථා වෙමින් පවතී. ලොව පුරා Facebook සමූහය‌ට අයත් Facebook, Messenger , Whatsapp සහ Instagram සහ Oculus ද මෙම තත්වයට මුහුණ දෙමින් ඇත.

Facebook සමාගම මෙම තත්වය මේ වන විට යථාතත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින අතර Facebook හි විධායක නිළධාරියෙකු වන Andy Stone මේ පිළිබදව Twitter ඔස්සේ පැහැදිලි කිරීමක්ද කර ඇත.

Facebook සමූහය ඉක්මනින් නැවතත් ක්‍රියාත්මක වනු ඇත ඔබගේ දත්ත පිළිබදව කලබල විය යුතු නැති අතර ඒවා යථාතත්වයට පැමිණි වහාම අප නවතම තොරතුරු යාවත්කාලීන කරන්නෙමු.

Update 10/05/2021 6.56 am

Twitter හි security researchers කිහිප දෙනෙකු පවසන ආකාරයට සියලුම වෙබ් අඩවිවල ‌ඩොමේනවල DNS Records ඉවත්ව ඇති අතර ඒ නිසාවෙන් මෙම ගෝලීය බිදවැටීම සිදුවී ඇත. මේ වන විට මෙම දෝශය යථා තත්වයට පත්කිරීමට කටයුතු කර ඇති අතර සියලුව සේවාවන් සුපුරුදු පරිදි වැඩකරමින් ඇත.

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.