Clubhouse සමාජ ජාලයේ සමාජ ආකර්ශණයත් සමග අනෙකුත් බොහෝ සමාජ (Linked In, Twitter) ජාලයන් මීට පෙරදී Voice පාදක කරගත් සමාජ ජාල පහසුකම් දියත් කිරීමට කටයුතු කරනු ලැබීය. දැන් සාමාජ ජාල දැවැන්තයාද Voice පදනම් කරගත් Audio Rooms පහසුකම දියත් කරනු ලැබීය. එය මෙම වසර මුලදී Facebook නිවේදනය කරනු ලැබූ නව ශ්‍රව්‍ය නිෂ්පාදන පෙළෙහි එක් අංගයක් වේ.

මෙම පහසුකම් දැනට එක්සත් ජනපද IOS පරිශීලකයන් හට Facebook යෙදුම ඔස්සේ අත්විදීමේ හැකියාව ලබාදී ඇත.

Live Audio Rooms on Facebook

Image:news.1j.nz

මෙම පහසුකම මගින් පරිශීලකයන්ට Clubhouse වලදී මෙන් Room සදහා සවන්දීමේ හැකියාව ලබාදී ඇත. Audio Room නිර්මාණය කිරීම Facebook Group සහ පුද්ගලයින්ට සිදුකල හැකිය. එකවර පුද්ගලයින් 50 දෙනෙකුට එකවර කතා කල හැකිය. එය Clubhouse සහ Twitter Space හි ක්‍රියාකාරීත්වය‌‌ට බෙහෙවින් සමානය. නමුත් තවත් වෙනස්කම් කිහිපයක්ම ‌Facebook Audio Rooms තුල අඩංගුය.

මෙහිදී Room ඔස්සේ යම් අරමුදල් සදහා මුදල් එකතු කිරීමේ හැකියාව ලබාදී ඇත. Facebook Audio හි අතුරු මුහුණත්ද Twitter Space සහ Clubhouse අතුරු මුහුණත් (UI) සදහා බෙහෙවින් සමානය.

Podcasts on Facebook

Poadcast යනු Facebook වෙත හදුන්වා දුන් නව පහසුකම් වලින් එකක් වන අතර මේ මගින් පරිශීලකයන්ට Poadcast සදහා සවන් දීමේ හැකියාව පවතී. Facebook යෙදුමෙන් ඉවත් වී වුවත් දිගටම Poadcast සදහා සවන් දීමට මේ මගින් හැකියාව ඇත. මෙම විශේෂාංගය Pages සදහා ලබාදීමට නියමිතය.

මෙම පහසුකම් දෙකම මේ වන විට එක්සත් ජනපදයේ IOS සදහා ලබාදී ඇති අතර ඉදිරි දින කිහිපය තුලදී එය ලොව පුරා දියත්වනු ඇත. 2021 වසර තුලදී Facebook තවත් වෙනස්කම් කිහිපයකට ලක්වීමට නියමිතය.

2021 දී Twitter වෙත එක්වන නවතම විශේෂාංග
ලොව විශාලතම Microblog වෙබ් අඩවිය වන twitter වෙබ් අඩවිය ඉදිරි සති කිහිපය තුල තම සේවාවන් සදහා විශාල වෙනස්කම් කිහිපයක් එක්වන බවට ප්‍රකාශයට පත්කර ඇත. පරිශීලක

Via : Beebom , Facebook