"Facebook" මව් සමාගමේ නාමය "Meta" බවට පත්වෙයි. සමාජ ජාල නාමය Facebook ලෙස ඉදිරියටත්.

News Oct 29, 2021

Facebook සමගමේ නාමය වෙනස් කිරිමට යන බව අප මීට පෙර දී ඔබව දැනුවත් කරා මතක ඇති.

ඔවුන් අද දිනයේ දී ඔවුන්ගේ සමාගමේ නාමය "Meta" යනුවෙන් වෙනස් කර ඇත. Facebook සමාගමේ, official facebook page එක "Meta" ලෙසද change කර ඇත. එලෙසම ඔවුන්ගේ නිල Twitter ගිණුමද "Meta" ලෙස change කර ඇත.

එහි video එකක් පළ කරමින් ඔවුන්, එහි පවතින Apps වල නාමයන් එලෙසම පවතින බව සඳහන් කර ඇත. ඒ අනුව;‌‌

Facebook‌‌
WhatsApp‌‌
Instagram‌‌
Messenger‌‌
යන apps වල නාමයන් ඉදිරියටත් පවතිනු ඇත.

වෙනස් කරන ලද්දේ facebook.inc (facebook සමාගමේ) නිල නාමය වන අතර, එය යටතේ පවතින සේවාව facebook වේ.‌‌එනම් "Meta" සමාගම යටතේ පවතින 'facebook' සේවාවයි. (Facebook එක අයත් වන්නේ "Meta" සමාගමටය.) Meta සමාගමේ මේ පිළිබඳව විස්තර කරමින් යොමු කල තිබු Tweet එක පහතින් වේ.

Cover Image: people.com

Tags

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.