Facebook සමාගම සිය මව් සමාගම් නාමය වෙනස් කිරීමට තීරණය කරයි

News Oct 20, 2021

Facebook සමාගම සිය ව්‍යාපාරික පැවැත්ම පිළිබදව දැඩි අවධානයක් යොමුකර ඇති අතර Metaverse කෙරෙහි අවධානය යොමු කරමින් නව නමක් සමග සමාගම නැවත Rebrand කිරීමට සැලසුම් කරමින් සිටියි.

Facebook හි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ඔක්තෝම්බර් 28 වන දින සමාගමේ සමුළුවේදී නම වෙනස් කිරීම ගැන සාකච්ඡා කිරීමට නියමිත බව පැවසීය. Whatsapp හා Instagram වැනි යෙදුම් හා ඒවා ‌යටතේ ඇති වෙළදනාම සියල්ලම එකම මව්සමාගමක් යටතට ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි. මෙහිදී වර්තමානයේ ඇති Facebook සේවාවන්හි කිසිදු වෙනසක් සිදුනොවන අතර Google හි මව් සමාගම Alphabet මෙන් Facebook හා ඒ යටතේ ඇති වෙනත් සමාගම් සියල්ල එක මව්සමාගමක් යටතට ගැනෙන අතර සමාගම Metaverse සංකල්පය මත ක්‍රියාත්මක වේ.

Metaverse යනු අනාගත සමාජ ජාල තාක්ෂණයේ සංකල්පයකි. එනම් අඛණ්ඩ, හවුල්, ත්‍රිමාණ අතථ්‍ය අවකාශයන්ගෙන් සමන්විත, සමාජ ජාලයන්ය. මේ මගින් පරිශීලකයින් අතත්‍ය විශ්වයක ජීවත් කරවිය හැකිය. - Wikipedia

සමාගම මෑතකදී එලිදැක්වූ Oculus virtual reality සේවාව එම දැක්ම සාක්ෂාත්කර ගැනීමේ මූලික පියවර බවට සමාගම මෑතකදී ප්‍රකාශ කරනු ලැබුවා.

කෙසේ වුවත් මෙම නම් වෙනස් කිරීම සිදුවන්නේ ‌‌Facebook හා එහි සේවාවන් ලොව අනාරක්ෂිතම සමාජ ජාලය ලෙස හංවඩු ගැසී ඇති යුගයකය. ‌සමාජ ක්‍රියාකාරීන්, නීති සම්පාදකයන් නිරන්තරයෙන්ම Facebook සමාගමේ ක්‍රියාකලාපය ගැන අප්‍රසාදයෙන් පසුවෙයි.

Via : Theverge, Gizmochaina / Image : appleinsider

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.