Facebook සමාගම Smartwatch නිශ්පාදනයට සැරසෙයි

News Feb 14, 2021

Facebook තම දෘඩාංග නිශ්පාදනයේ කොටසක් ලෙස රහසිගතව Smartwatch නිපදවමින් සිටින බව The Information  මගින් ආවරණය විය.මෙම උපාංගය Android පදනම් කරගත් Smart ඔරලෝසුවක් ලෙස වාර්තා  උවත් පසුව අනාවරණය වී ඇත්තේ ඔවුන් ඒ සදහා තමන්ගේම මෙහෙයුම් පද්දතියක් නිර්මාණය කරමින් සිටින බවයි.

Image:newsupdate.com

එය පණිවිඩ යැවීම, health & fitness සමග Facebook hardware ecosystem උපාංග Oculus virtual reality headsets , Portal video chat devices සමග සම්බන්ද කිරීමේ හැකියාව මේ සමග ලැබෙනුු ඇතිබව වාර්තාව සදහන් කරයි. Facebook විසින් මෙම වසර අගදී Smart glasses , Facebook සන්නාමයෙන් හදුන්වාදීමට නියමිතව තිබේ.

Image:marketingland.com

වාර්ථාවේ සදහන්වන ආකාරයට මෙම උපාංගයට Whatsapp හා Messenger සමග ක්‍රියාත්මක විය හැකි අතර health & fitness සම්බන්දව ඔවුන් වැඩි අවධානයක් මෙම උපාංගය නිපදීවීමේදී ලබාදී තිබෙනවා. 400$ වැනි මිලකට ලබන වසර තුල මෙම උපාංගය වෙළදපොලට එළිදැක්වීමට ඔවුන් සූදානම් බව පැවසුවත් Facebook තවමත් මේ පිළිබදව නිළ වශයෙන් නිවේදනයක් සිදුකර නැහැ.

Via : Theverge , Gizmochina

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.