OVH යනු යුරෝපයේ විශාලතම Cloud සැපයුම්කරු වන අතර ලෝකයේ තුන්වන විශාලතම Webhosting සමාගමයි. බදදා (10) අලුයම ඇතිවූ ගින්නක් හේතුවෙන් OVH Strasbourg Data Center හි දෙවන කොටස වන (SBG2) සම්පූර්ණයෙන්ම විනාශයට පත්වී ඇති අතර SBG 1 හි කොටසකටද හානිවී ඇත. SBG 3 හි ups පද්දතියටද බලපෑමක් ඇතිවී ඇත.



හානියෙන් කිසිදු සේවකයෙකුට හානිසිදුවී නොමැතිබව OVH සමාගම නිවේදනය කර ඇත. නමුත් ගින්න පැතිරෙන අවස්ථාවේ සම්පූර්ණ SBG 1 , SBG 2 , SBG 3 , SBG 4 බිදවැටි තිබූ අතර වෙබ් අඩවි විශාල ප්රමාණයක් බිදවැටී ඇත (Rust Game ,WP Rocket, Piwigo හා Imagify) එමෙන්ම වීඩියෝ Game සේවාවන් කිහිපයක්ම බිදවැටීමට ලක්වී ඇත. මේ වන විට ගින්න නවතාදමා තිබුනත් SBG 2 හා SBG 3 හි සේවාවන් සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත. OVH හි නිර්මාතෘ Octave Klaba පවසන්නේ ඇතැම් දත්ත නැවත ලබාගත නොහැකි ලෙස විනාශවී ඇති බවයි. මේ නිසා ඇතැම් වෙබ් අඩවි Backup නොමැතිව දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ දී ඇත.
We have a major incident on SBG2. The fire declared in the building. Firefighters were immediately on the scene but could not control the fire in SBG2. The whole site has been isolated which impacts all services in SGB1-4. We recommend to activate your Disaster Recovery Plan.
— Octave Klaba (@olesovhcom) March 10, 2021
Incendie à #OVH à Strasbourg.
— Momotchi (@momotchiii) March 10, 2021
Son CEO "avait pris une décision" sur son entrée en Bourse imminente... https://t.co/gbgH3PpeNi pic.twitter.com/zxWc62JRhJ
OVH සිය සේවාවන් බහුතරයක් යථාතත්වයට ගනිමින් සිටින අතර 15 වෙනිදා වන තෙක් SBG 3 සේවා ලබානොදෙන බව ඔවුන් පවසයි. SBG 4 මේ වන විට ධාවනය වෙමින් පවතින බව OVH වෙබ් අඩවිට සදහන් කරයි. ovh හි Data center 27 න් විශාල කොටසක් යුරෝපය පුරා පැතිරී පවතී.ගින්න නිසා ovh සේවාවන් අඩු ජවයකින් ක්රියාත්මක වන බව සමාගම සදහන් කරයි.

