Google සමාගම කෙරෙහි ජනතාව තුල ඇති විශ්වසනීයත්වයට හානි කරමින්.මීට පැය කිහිපයකයක සිට ගූගල් හි Youtube,Maps,Gmail,Drive වැනි සේවාවන් ලොවපුරා විශාල බිද වැටීමකට ලක්වී ඇති අතර එම සේවා සම්පූර්ණයෙන්ම බිද වැටීමකට ලක්වෙමින් පවතී.

Downdector වෙබ් අඩවිය හා Twitter වාර්ථා අනුව මෙහි විශාලතම බිද වැටීම යුරෝපයෙන් වාර්ථාවී ඇත.එමෙන්ම ආසියාතික රටවල් සදහාද මෙම බිද වැටීම සාමාන්‍ය වශයෙන් බලපා ඇත.
මේ වන විට ඉන්දියාවෙ මෙම සේවාවන් නැවතත් සුපුරුදු ලෙස ක්‍රියාත්මක වනබවට සමාජ ජාල තුලින් වාර්ථාවේ.කෙසේ වෙතත් ජර්මනිය තුල ඇතැම් සේවාවන් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වුවත් අනෙකුත් යුරෝපීය රටවල තවමත් ගැටලු නිරාකරණය වී නොමැත.එමෙන්ම එක්සත් රාජධානියේ මෙම සේවාවන් ක්‍රියාත්මක වීමට විශාල පැටවීම් කාලයක් ගත වන බවත් එරට සමාජ ජාල පරිශීලකයින් වාර්ථාකර සිටියි.

7.02pm - 12/14/2020
ඇතැම් රටවල තවමත් මෙම දෝශ වාර්ථාවීම සිදුවුවත්. මේ වන විට බොහෝ ගැටලු නිරාකරණය වී ඇති බව අපට දක්නට ලැබේ.මේ මොහොත වන විට සියල්ල සුපුරුදු ලෙස ක්‍රියාත්මක වන බව Google Status Dashboard තුලින් දක්නට ලැබේ. මෙම වසර තුල google සේවාවන් බිද වැටුනු දෙවන අවස්ථාව මෙයයි.
We’re all clear folks! Thanks for staying with us.
— Google Workspace (@GoogleWorkspace) December 14, 2020