Bing මත පරිශීලකයින් වැඩියෙන්ම සොයන වචනය ”Google” බවට අනාවරණය වේ.

News Oct 2, 2021

නඩු කටයුක්තකදී යුරෝපා සංගම් මහාධිකරණයට ඉදිරිපත් කළ ලේඛනයකට අනුව තරඟකාරී search engine එකක් වන Bing මත පරිශීලකයින් වැඩියෙන්ම සොයන වචනය Google බවට හෙලිව ඇත.

මෙම දත්ත ඉදිරිපත්කරමින් එහිදී Google හි නීතිඥ Alfonso Lamadrid අධිකරණයට පවසා ඇත්තේ මිනිසුන් Google භාවිතා කරන්නේ ඔවුන් බලකරන නිසා නොව එයට මිනිසුන් කැමති නිසා බවට මෙය කදිම සාක්ෂියක් බවයි.

ප්‍රතිවාදී සෙවුම් යන්ත්‍ර වලට වඩා අසාධාරණ වාසියක් ලබා ගැනීම සඳහා ගූගල් සිය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිතා කළ බවට මෙහිදී Google ‌වෙත චෝදනා එල්ල වේ.බොහෝ ජංගම දුරකතන පරිශීලකයන් Google හැරෙන්නට වෙනත්  search engine භාවිතා නොකරන අතර 5% පමණක් ජංගම දුරකතනයේ පෙරණිමි search engine එක වෙනුවට වෙනත් එකක් වෙත යොමුවන බවත් මෙය අසාධාරණ ඒකාධිකාරයක් බවත් ඔවුන් පවසයි.

මෙලෙස විවිධ රටවල අධිකරණ ගණනාවක Google සමාගමට විරුද්ධව නඩු විභාග වෙමින් පවතින අතර අසීමිත ලෙස පරිශීලකයන් ආකර්ෂණය කරගනිමින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය උල්ලංගණය කිරීම නිසා Google වෙත ඇතැම් පරිශීලකයින් අකමැත්තක් දක්වයි. බොහෝවිට Google සේවාවන් භාවිතා කරන්නේ ආසියාතික රටවල් වන අතර බොහෝ ඇමරිකන් සහ යුරෝපා රටවල ජනතාව Bing, Duck වැනි සේවාවන් භාවිතයට හුරුව ඇත.

Via: Bloomberg , BBC   /   Image: searchenginejournal

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.