Google Photos වෙනුවට ආරක්ෂිතව භාවිතාකර හැකි වෙනත් ආදේශක

Articles Nov 13, 2020

ගූගල් ජායාරූප සේවාව තවදුරටත් නොමිලේ අසීමිතව භාවිතා කිරීමට ඔබට අවස්ථාවක් නැහැ.මොකද ඔවුන් පසුගිය දිනක නිවේදනය කරා තවදුරටත් එය පරිශීලකයින්ට නොමිලේ ලබා නොදෙන බව.එම නිසා බොහෝ පරිශීලකයන් මේ මොහොත වන විට වෙනත් සේවාවන් වෙතට යොමුවීමට වැඩි කැමැත්තකින් පසුවන බව අපට පෙනී යනවා.

ඇයි ඔබ google photos  භාවිතා කිරීමෙන් වැලකිය යුත්තේ ?

ඔවුන් පෞද්ගලිකත්වයට මුල් තැන දෙන බව දන්නවා සිටියත් ඇත්ත වශයෙන්ම ඔවුන් දැන්වීම් සදහා ඔබගේ ඡායාරූප නිරීක්ශණය කිරීම සිදුකරනවා.සරලවම කිවහොත් google photos යනු පෞද්ගලික දත්ත ගබඩාවක් නෙවෙයි !

ඔබ Nike සපත්තු පැලදගෙන ඡායාරූපයක් ගූගල් ඉමේජ් වෙත උඩුගත කලබව සිතන්න.ඔවුන් එම ඡායාරූප ස්වයංක්‍රීය Google AI එකක් මගින් නිරීක්ශණය කිරීමෙන් පසු  ඔබ nike නිශ්පාදන ලෝලියෙක් බවට ඔබගේ පැතිකඩ තුල තැම්පත් කරයි. එතැන්සිට අන්තර්ජාලයේ ඔබට දක්නට ලැබෙන්නේ nike දැන්වීම් පමණි. මෙලෙස  විශාල ලෙස පරිශීලක දත්ත ගූගල් සේවාවන් තුලින් ලීක් වීමක් සිදුවේ. මෙවැනි දත්ත සූරාකෑමේ ක්‍රියාපිළිවෙත නිසාවෙන් දිනකට විශාල පිරිසක් ගූගල් වෙතින් ඉවත්ව ආරක්ෂාව තකා වෙනත් ආරක්ෂිත සේවාවන් පරිශීලනයට යොමුවෙයි.

පහත දක්වා ඇති ආදේශකයන් google photos වලට වඩා ආරක්ෂාවක් සහ විශේෂාංග ඔබට ලබා දෙනු ඇත.සංස්කරණය,බෙදාගැනීම හා කළමණාකරණය කිරීම හා  ආරක්ශිත කේතනය කිරීම වැනි පහසුකම් වලින් සමන්විත යෙදුම් කිහිපයක් අපි ඔබට හදුන්වාදෙනවා.

Piwigo

Piwigo යනු වෘත්තීමය ඡායාරූප ශිල්පීන් හා ව්‍යාපාර පවා භාවිතා කරන විශිෂ්ට ඡායාරූප කළමකණාකරණය කරන යෙදුමකි. digiKam, Shotwell, Lightroom හා ජංගම යෙදුම මගින් සෘජුවම ඡායාරූප උඩුගත කිරීම සිදුකල හැකිය.එමෙන්ම ටැග් භාවිතා කිරීම හා කණ්ඩායමක් ලෙස භාවිතා කිරීම වැනි පහසුකම් රැසක් මෙමගින් ලබාදේ. self-hosted මෘදුකාංගයකි.

Slidebox

ඉමේජ් දහස්ගණනක් එකවර කළමණාකරණය කිරීමට,ඡායාරූප ඇල්බම් බවට පරිවර්ථනය කිරීම වැනි දේ පහසුවෙන් සිදුකිරීමට මෙම සේවාව වැඩිවශයෙන් භාවිතා කරනු ලබයි.ඔබ ඡායාරූපයක් මකා දැමුවහොත් එය ඉක්මනින් ඉවත්නොවේ. recovey කිරීමට කාලයක් ලබාදේ.iOS and Android සදහා ලබාගත හැකිය.

Zyl

ප‌ෞද්ගලිකත්වය ගැන සැලකිලිමත් වන පරිශීලකයින්ට වඩාත් සුදුසුම සේවාවකි.පරිශීලනයට ඉතාමත් පහසු සරල ලෙස හදුන්වාදී ඇති ජංගමයෙදුමකින් සමන්විතය.GDPR නීතීන් වලට අනුකූලවන ලෙස ලබාදෙන සේවාවකි.

Piktures

ගූගල්ට සමානම පෙනුමක් සහිත සේවාවක් සොයන අයෙකුට මෙම යෙදුම වඩාත් සුදුසුය.අලංකාර අතුරු මුහුණතක් සහිත භාවිතා කිරීමට පහසු මෙම යෙදුම මගින් ඔබ මාසයක් තුල උඩුගත කරන ඡායාරූප ගණන කැලැන්ඩරයක් මගින් දර්ශණය කරයි.photo මෙන්ම video,gif සදහාත් මෙය සහය දක්වයි.නොමිලේ මෙන්ම මුදල් ගෙවා උවත් භාවිතා කර හැකි අතර ගෙවා භාවිතාකරන අයට Dropbox syncing සේවාව භාවිතා කල හැකිය.

Flickr

පොදුවේ මෙන්ම පෞද්ගලිකවද භාවිතා කර හැකි Flickr ‌ෙවබ් අඩවිය කිසිදු සීමාකිරීමක් නොමැතිවම ඡායාරූප ගබඩා කිරීමට භාවිතා කල හැකිය.සංස්කරණය කිරීමේ පහසුකමක්ද වෙබ් අඩවියට මෑතකදී හදුන්වාදෙනු ලැබීය.වෙනත් ඡායාරූප ශිල්පීන් follow කිරීම හා ඡායාරූප ප්‍රසිද්ද කිරීම වැනිදේද මෙම වෙබ් අඩවිය මගින් සිදුකල හැක.

Cluster

ජායාරූප හුවමාරු කිරීමේ සමාජ ජාලයක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.ඔබට ජායාරූප උඩුගත කර ඒවා බැලීමට පරිශිලකයින්ට ආරාධනා කල හැක. එමෙන්ම පරිශීලකයින්ට ඡායාරූප සදහා comment කිරීම‌ උවත් සිදුකල හැකිය.

cloud storage භාවිතා කිරීම

මීට අමතරව ඔබගේ ඡායාරූප හා ගොනු පොදුවේ ගබඩාකිරීම සදහා ආරක්ශිත cloud storage භාවිතා කල හැකිය. Yandex Disk , Mega NZ , Dropbox , pCloud, Icedrive ,OneDrive, Degoo වැනි සේවාවන් ඒ අතර වේ.

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.