Google Play Music සැප්තැම්බර් මාසයේ සිට අත්හිටුවීමට තීරණය කරයි

News Aug 5, 2020

Google Play Music  සැප්තැම්බර් මා‍සයේ අග සිට අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබෙනවා.එමෙන්ම මෙම මස අගසිට purchases කිරීම්ද සියල්ලක්ම අත්හිටවන බවත් එම සමාගම නිවේදනය කර තිබෙනවා.

ගූගල් Play Music වෙනුවට දැන් Youtube  Music  වෙතට එම සේවාව ප්‍රතිස්ථාපනය කිරීම මේ ‍‍වන විටත් සිදුවෙමින් පවතී.ගූගල් ප්ලේ භාවිතා කරන්නන්ට ඔවුන්ගේ ගීත එකතුවන් යූ ටියුබ් සංගීතයට මාරු කිරීමට ඉඩ ලබා දී ඇති අතර එය music.youtube.com/transfer වෙතින් ඔබට ලබාගත හැකිය.

ගූගල් සමාගමේ උපාය ම‍ාර්ගය වී ඇත්තේ තම ප්‍රතිවාදීන් වන Spotify සහ Apple Music සමග තරග කිරීමට එය Youtube සේවාව සමග එකතු කර නව මුහුණුවරක් ලබා දීමටයි.එමෙන්ම නව Youtube Music උපාංගයට assistive playlist creation විශේෂාංගයද ඇතුලත් වනු ඇත.Android TV සමගද Youtube music සේවාව එක් කරන අතර එය Google Assistant සමග ඒකාබද්දව ක්‍රියාත්මක වේ.

Tags

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.