DuckduckGO සෙවුම් යන්ත්‍රය මේවන විට සීග්‍රයෙන් අන්තර්ජාල පෞද්ගලිකත්වයට මුල් තැන දෙන ජනතාව අතර ජනප්‍රිය වන සෙවුම් වෙබ් අඩවියක්.ඒ වගේම Google ආයතනයට වඩා සියදහස් ගුණයකින් ඉදිරියෙන් සිටින සෙවුම් යන්ත්‍රයක් .මේ ලිපියෙන් කතා කරන්නේ Google ට කරන්න බැරි ඒත් DuckDuckGo එකේ තිබෙන පහසුකම් කිහිපයක් ගැන.

1.කෙටිකරන ලද ලින්ක් වල Original ලින්ක් ලබා ගැනීමට හැකි වීම
https://bit.ly/2YCr4LC මේ ආකාරයෙන් කෙටිකරන ලද ලින්ක් එකක අන්තර්ගතය ඒක ක්ලික් කරන්නේ නැතිව ඔබට බලාගන්න පුලුවන් . ඔබට පුලුවන් අන්තර්ජාලයේ ආරක්ෂිත බව තවත් වැඩි කරගන්න. “expend” අඩංගුකර අදාල ලින්ක් එක ඇතුලත් කරන්න.

2.යමෙකුගේ සමාජ ජාල පැතිකඩ බැලීමට හැකිවීම
සෙවුම් යන්ත්‍රයෙන් ඉවත්නොවී පුද්ගලයෙකුගේ ට්විටර් සමාජ ජාල පැතිකඩ ඔබට නැරඹිය හැකියි. @username ලෙස සර්ච් කරන්න.එවිට අදාල ගිණුමේ තොරතුරු ඔබට එක් පිටුවක පෙන්වනු ඇත.එමෙන්ම Gravatar සදහාද එය ක්‍රියාත්මක වේ.එමෙන්ම ගූගල් හි ඇති වෙබ්අඩවි අන්තර්ග සෙවීම සදහා භාවිත කරන Site:domain.com හි සිදුවන ක්‍රමයටම මෙහිද වෙබ් අඩවි තුලට පිවිසීමෙන් තොරව ඔබට සෙවීම් කළ හැකිය. නමුත් වැදගත් කරුණ වන්නේ එම ප්‍රතිථල නැරඹීමට වෙබ් අඩවියට පිවිසීමෙන් තොරව Duck තුලම එම ප්‍රතිථල නැරඹිය හැකිවීමයි.

3.මුරපද නිර්මාණය
ආරක්ෂිත මුරපදයක් ඔබට නිර්මාණය කිරීම මෙමගින් වඩාත් පහසුයි. Duck මත “Password 20” ලෙස ඔබට අක්ෂර 20 ක මුරපදයක් ලබාගත හැකියි.එමෙන්ම මතක තබාගැනීම පහසු අක්ෂර 4කින් නිර්මාණය වන මුරපදයක් අවශ්‍ය නම් “Random passphrase” ලෙස සර්ච් කරන්න.


4.ටයිමරයක් ලබාගැනීමට (stopwatch)
සාමාන්‍යයෙන් මෙම ටයිමරය ගූගල් වෙබ්අඩවිය තුලත් අඩංගුයි නමුත් Duck duck Go සතු ටයිමරයේ විශේෂත්වය වන්නේ. ඔබ ටයිමරය ආරම්භ කල හා නවත්වන ලද වේලාවන් සියල්ල Timeline එකක ලිස්ට් එකක් පහතින් ලබාදෙනවා. “stopwatch” ලෙස සර්ච් කරන්න.

5.අක්ෂර සිම්පල් හෝ කැපිටල් ලෙස ඉක්මනින් පරිවර්ථනය සදහා
මාතෘකා හෝ කුඩා ජේදයන් Simple හෝ UPPERCASE ලෙස ඉක්මනින් ඔබට මෙමගින් පරිවර්ථනය කරගතහැකියි. ඔබට Simple අක්ෂර පේලියක් UPPERCASE කිරීමට අවශ්‍ය නම් “Uppercase “ ලෙස මුලට යොදා සර්ච් කරන්න . මේ ආකාරයට “Uppercase banzgeek sinhala feed” එය මෙලෙස ඔබට ලබාගත හැකියි. “BANZGEEK SINHALA FEED”

6. Web Site Uptime පරික්ෂාවට
ඔබට වෙබ් අඩවියකට පිවිසීමට නොහැකිනම් අදාල වෙබ් අඩවියේ දෝශයක්ද නැතිනම් ඔබගේ සබදතාවයේ ගැටලුවක්ද යන්න ඔබට පරික්ෂාකර හැකියි. ඒ සදහා “Is domain.com down ” ලෙස සර්ච් කරන්න.

7. Developer සදහා
සංවර්ධකයන් සදහා අවශ්‍යකරන අත්‍යාවශ්‍ය මෙවලම් කිහිපයක් ඔවුන් නොමිලේ ලබාදෙනවා.පහත ඇත් ලින්ක් මගින් ඔබට එම උපාංග නිරීක්ෂණය කර හැකියි.
- Generate lorem ipsum text
- Encode URLs to machine-readable text
- Convert binary to decimal
- Show a list of special characters and their HTML values
- Show HTML value for any special character
- Show colours based on hexadecimal values

8.figlet Tool ( ASCII Art)
DuckDuckGo හි ඇති තවත් විශේෂ උපාංගයක් මේ මගින් ඔබට යම් වචනයක ASCII Art එකක් ක්ෂණිකව සකසාගත හැකියි.එදිනෙදා ජීවිතයට එතරම් වැදගත් නොවන එහෙත් ගූගල් සතුව නොමැති හැකියාවක් “figlet” ලෙස ටයිප් කර අදාල චචනය ඉදිරිපත් කරන්න.“figlet Banzgeek “
