Huawei හා Honor ස්මාර්ට්ෆෝන් සදහා හදුන්වාදුන් Android සදහා ඇති විකල්පය ගැන හුවාවේ සමාගම පසුගිය කාලයතුල බොහෝ හෙලිදරව් කිරීම් සිදුකරා.ගූගල් සතු Android සහ හුවාවේ සතු Harmony සතු වෙනස්කම් පිළිබදව අපි දැන් කතාකරමු.
HarmonyOS Vs Android
Linux kernel
Android සහ Harmony අතර ඇති මූලිකම අංගය ලෙස Linux kernel මත Harmony නිර්මාණය වී නොතිබීම සැලකිය හැකිය.හුවාවේ සිය අනාගත මෙහෙයුම් පද්දතියට සම්පූර්ණයෙන්ම නව microkernel එකක් නිර්මාණය කර ඇත.මයික්‍රො කර්නලයක් සම්පූර්ණයෙන්ම මොනොලිතික් කර්නලයකට වඩා (ලිනක්ස් වැනි) ප්‍රමාණයෙන් කුඩා වන අතර එයට මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අවම කේත ප්‍රමාණය පමණක් ඇතුළත් වේ. Huawei හි මයික්‍රො කර්නලයට දළ වශයෙන් ලිනක්ස් කර්නලයේ ඇති කේත ප්‍රමාණයෙන් 1/1000 ක් වැනි කොටසක් අඩංගුවේ. ඒ සදහා ඇතුලත් වන්නේ thread scheduling and IPC කොටසක් පමණි. file systems, device drivers, network drivers ආදිය පරිශීලක අවකාශය තුල ක්‍රියාත්මක වේ.
හුවාවේ කියාසිටින්නේ සිය කර්නලය ගූගල් සතු Fuchsia පද්දතියට වඩා 5 ගුණයකින් වේගවත් බවයි.නමුත් හුවාවේ දැඩිව කියා සිටින්නේ සිය මෙහෙයුම් පද්දතිය Android සදහා ආදේශකයක් නොවන බවත්.ඔවුන්ට දිගටම Android සමග වැඩකිරීමට අවශ්‍ය බවත්ය. Android තම සමාගම වාරණය කල දිනක භාවිතාවන Huawei දුරකතන සියල්ල දිනක් තුල Harmony වෙත Update කිරීමේ හැකියාව තමා සතුව ඇති බව Huawei නිවේදනය කර සිටියා.පසුගිය. දිනක ඔවුන් කියා සිටියේ ඉදිරියේදී Harmony මෙහෙයුම් පද්දතිය සහිත දුරකතන වෙළදපොලට දියත් කිරීමට කටයුතු කරන බවයි.2025 වන විට ලෝකයේ AI, IoT, සහ 5G මත පදනම් වූ තාක්ශණික පසුබිමක් පවතිනු ඇති බවත් එම අංශවලට වැඩි ප්‍රමුඛතාවයක් ලබාදෙමින් තම මෙහෙයුම් පද්දතිය සංවර්ධනය කිරීමට හුවාවේ සමාගම තීරණය කර තිබෙනවා.
ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා වේගවත් ?
HarmonyOS සෑදී ඇත්තේ සුමට අන්තර්ක්‍රියාකාරී අත්දැකීමක් ලබා දෙන අරමුණක් පදනම්වයි. Huawei සමාගම පවසන්නේ තම මෙහෙයුම් පද්දතිය ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා වේගවත් බවයි.නමුත් මෙහෙයුම් පද්දතිය පරිශීලකයන් අතරට පත්වන තෙක් එහිවේගය ගැන අදහසක් ලබාගත නොහැකිය.
#HarmonyOS is built with a deterministic latency engine that gives a smooth interactive experience. That means latency is at a minimum; bringing fluid interactive experience to the maximum #HDC2019 pic.twitter.com/p9bnwNHJq6
— Huawei Mobile (@HuaweiMobile) August 9, 2019
ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් සඳහා සහය නොදක්වයි !
ඇන්ඩ්‍රොයිඩ් තුලින් සිය පරිශීලකයන් ඉවත් කර ගැනීමට ඔවුන් App Gallery නිකුත් කිරීම සිදු කරනලද අතර එහි ජනප්‍රියත්වය තුලින් හුවාවේ ලෝකයා ආක්‍රමණය කරඇති ආකාරය සහ මෙහෙයුම් පද්දතියේ සාර්ථකත්වයද තීරණය කල හැකිය. ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් සහය නොදැක්වීම ගැන කිසිවෙකු කණගාටු විය යුතු නැත. පහසුවෙන්ම HarmonyOS සදහා සහය දක්වන ලෙස යෙදුම් සකස් කිරීමට සංවර්ධකයින්ට උපකාරී වන අවශ්‍ය සියලුම SDK සහ වෙනත් මෙවලම් සමාගම මේවන විටත් නිකුත් කර ඇත.

HarmonyOS මුලින්ම රූපවාහිනී වැනි නිෂ්පාදන සඳහා භාවිතා කරනු ඇත. ඉදිරි වසර තුන තුළ, මෙහෙයුම් පද්ධතිය කාර් හෙඩ් ඒකක ඇතුළු වෙනත් උපාංගවලත් භාවිතා වනු ඇත.
HarmonyOS හි පරමාර්ථය වනුයේ ස්මාර්ට්ෆෝන් සහ ලැප්ටොප් පරිගණකවල අඩු මතක ධාරිතාවක් තුල වීශාල කාර්යයක් සිදුකල හැකි මෙහෙයුම් පද්දතියක් බවට පත්වීමයි . මේ ආකාරයට, බොහෝ උපාංග HarmonyOS හරහා ක්‍රියා කළ හැකි බව Huawei පවසයි.
“අපට අනාගතයේදී එය (ඇන්ඩ්‍රොයිඩ්) භාවිතා කළ නොහැකි නම්, අපට වහාම HarmonyOS වෙත මාරු විය හැකිය,” - Yu
කෙසේ උවත් එහි සාර්ථකත්වය සංවර්ධකයන්ට සහය දැක්වීමේ හැකියාව මත තීරණය වනු ඇති බව ප්‍රවීණයින්ගේ මතයයි.