Headphone/Earbuds වල ඉතිහාසය සහ වර්ථමානය

Articles Aug 11, 2020

Headphone සදහා වසර 80 පමණ ඉතිහසයක් හිමිවේ.මුලින්ම සන්නිවේදනය හා සංගීත නිශ්පාදන කටයුතු සදහා ඒව‍ා භ‍‍ාවිතා විය.පසුව 70 දශකයේ ගෘහස්ත භ‍ාවිතය සදහා මේවා එක්විය.

1880

1880 දී ලොව පළමු හ‍ෙඩ්ෆෝනය නිපදවා තිබේ.ඒ දුරකතන ම‍ෙහෙයුම් ක්‍රියා කරවන පුද්ගලයන් සදහාය.ඒවා එක කනක් සදහා පමනක් භාවිතා විය. එම හ‍ෙඩ්පෝනයක බර රාත්තල් 10 පමණ වූ බව සදහන්වේ. පසුව 1890 දී වෙදනලාවක අකරයේ හ‍ෙඩ්ෆෝනය නිපදවිය.ඒවා ධනවතුන් විසින් ඔපෙරා සංගීතය ඇසීම ‍සදහා භාවිතා විය.

1910

1910 දී Nathaniel Baldwin විසින් කැනඩාවේ ඔන්ටාරියෝ හි පළමු සාර්ථක හෙඩ් ෆෝනය නිපදවා ඇත. ඒ ලෝක යුද්දයේ සන්නිවේදනය සදහාය . නමුත් එමගින් ගොරහැඩි හඩක් නිකුත් වී ඇත. ඔහු විසින් එම උපකරණ එක්සත් ජනපද හමුදාවට යුද කටයුතු සදහා අලෙවිකර ඇත.කස‍ේවෙතත් එය පැලද සිටීම පහසු කාර්යයක් වී නොවූබව සදහන් වේ.

1920

Earbuds නිර්මාණය කර ඇත්තේ 1920 දීය.ශ්‍රවණ අපහසුතා ඇති කුඩා පිරිසට හා ගුවන්විදුලි ආයතන වල භාවිතයට එම උපකරණය පලමුවෙන්ම යොදාගන ඇත.මෙම සොයාගැනීමත් සමග ‍අනවශ්‍ය බර අඩුවී හෙඩ්ෆෝන් වල සැහැල්ලු බවක් ඇති විය.

1st Earbuds 

1937

Beyerdynamics විසින් 1937 දී පළමු dynamic හෙඩ්ෆෝනය නිපදවීය.(DT-48) නමුත් ජනතාව ගැන HIFI  පිළිබද දැනුමක් නොතිබීම නිසා මේවා අලෙවිය මන්දගාමීවිය.දෙවන ලෝක යුධ සමයේදී බෙයර්ඩිනමික්ස් නිෂ්පාදනය නතර කළේය. යුද්ධයෙන් පසු ඔවුන් නව මාදිලියක් වන “Stielhorer” නිපද විය.

1958

1958 දී John C Koss විසින් ලොව පළමු stereo හෙඩ්ෆෝනය නිපදවිය.එය අතේ ගෙනය‍ා හැකි පලමු හෙඩ්ෆෝනයද වේ.ඉහල ගුණාත්මක මට්ටමේ stereo අත්දැකීසමක් මේ මගින් හිමිවිය.

1968

වර්ථමානයේ ශබ්ද පරිපාලන කර්මාන්තයේ දැවැන්තම සමාගමක් වන Sennheiser විසින් 1968 දී ලොව පලමු වානිජ stereo හෙඩ්ෆෝන්ය නිපදවීය.මෙය කොතරම් ජනප්‍රිය වූවාද කිවහොත් මෙම ලිපිය ලියන 2020 වන වි‍ටත් ලොව හොදම වෘත්තීමය හෙඩ්ෆෝනය නිශ්පාදකයා ජර්මනියේ Sennheiser සමාගමයි.ආරම්භයේදීම ඔවුන් එක්‍ හෙඩ්ෆෝනයක් සදහා නියම කරවන ලද මිල $55000 කි.

1976

70 දශකයේ මුල් භාගයේදී හෙඩ්ෆෝන් මිල විශාල ලෙස අඩුවිය. ඒ Samsung සමාගමට අයත් harman AKG හා Pioneer Sound, Numark තරග කරුවන් ලෙස  හෙඩ්ෆෝන් නිශ්පාදනයට පිවිසීමත් සමගයි.

1980

1980 කාලයේදී Sony Walkman හෙඩ්ෆෝන් හදුන්වාදීමත් සමග හෙඩ්ෆෝන් ‍භ‍ාවිතය විවිධ ලෙස වෙනස්විය.

2002

එකල ලොව හොදම DJ ශිල්පිය‍ෙක් ‍වන  Val Kolton  විසින්  V-Moda හෙඩ්ෆෝන් නිපදවිය එය මුලුමනින්ම විලාසිතාවන් පදනම් කරගත් ලෝහ නිමාවකින් යුතු සරල හෙඩ්ෆෝනයකි.

2006

වර්ථමානයේදී විලාසිත‍ාවක් වී ඇති Beats මාදිලිය 2006 දී Dr. Dre විසින් හදුන්වාදී ඇත. ප්‍රසිද්ද පුද්ගලයන්ගේ Reviws වැඩිකරගනිමින් ඔවුන් නිශ්පාදන වල මිල ඉහල දමමින් විශාල සාර්ථකත්වයක් ලබාගන ඇත.

imore.com

වර්ථමානය වන විට සියලුම දහස්ගණනක් නිශ්පාදකයින් Blue-tooth තාක්ශණය මගින් රැහැන් රහිතව ගුණාත්මක හෙඩ්ෆෝන් නිපදවමින් සිටියි

2020

2020 දී Elon Musk විසින් හෙඩ්ෆෝන් කර්මානත්ය උඩුයටිකුරුකරමින් Neuralink නමින් හිස තුල තැම්පත් කිරීමට හැකි හෙඩ්ෆෝනයක් හා චිපයක් පිළිබද ආවරණය කරනු ලැබීය. මිනිස් කෙස්වලට වඩා සිහින් වයර් කිහිපයකින් පුද්ගලයෙකුගේ මොළයට ඇතුල් කරන ශල්‍ය රොබෝවකට සංගීත ප්‍රවාහ තාක්ෂණය ඇතුළත් කිරීමට නියුරලින්ක් සැලසුම් කරයි.මේ දශකය තුල මෙය එළිදක්වනු ඇත.

Neuralink 

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.