1.මොකක්ද ? firebase හොස්ට් කියන්නේ?

firebase කියන්නේ ගූගල් ආයතනය විසින් පවත්වාගන යන ආයතනයක්.යෙදුම් සංවර්ධනයකිරීම් සදහා තමා මේ සේවාව බහුලව භාවිතා කරන්නේ. නමුත් static වෙබ් අඩවි නොමිලේ,ආරක්ෂිතව පහසු‍‍වෙන්ම හොස්ට් කරගන්න පුලුවන් සේවාවක්.1 GB Disk , 10GB Bandwith එකක් ඔබට ලබාගත හැකියි.නමුත් WordPress , Ghost , Joomla වගේ සයිට් හොස්ට් කරන්න හැකියාවක් නැහැ.

මේකට කිසිම මුදලක් අයකරන්නේ නැහැ.ඒවගේම SSL නොමිලේම ලබාදෙනවා.100% Uptime එකක් හොද CDN එකක් එක්ක වසරකට 90$ පමණ වටින හොස්ට් එකක් නොමිලේ ලබාදෙනවා.

2.අවශ්‍යවන දේවල්

ගූගල් ගිණුමක්

ඔබට මේ සදහා ගූගල් ගිණුමක් අවශ්‍යයි.නැත්නම් නව ගිණුමක් නිර්මාණය කරගන්න.

Firebase-CLI:

මේ CLI එක භාවිතා කරන්න ඔබ පරිගණකය‍ට Node.Js ස්ථාපනය කරගන්න අවශ්‍යයි.ඔබේ පරිගණකයේ Node.Js නැතිනම් මෙතනින් Download කරගන්න.

Step 1: firebase Project එකක් නිර්මාණය කරගන්න.

google Firebase වෙත පිවිස අලුත් firebase Project එකක් නිර්මාණය කරගන්න.

Open Project

ඉන්පසුව Hosting වෙත පිවිස Get Started මගින් වෙබ් අඩවියක් සදහා ගොනුවක් සාදන්න.

‍Fire base Hosting

Step 2: CLI ඔස්සේ ලොග් වන්න

දැන් ඔබ පරිගණකයට Install කරගත්ත Node.js වල Command Prompt එක Open කරගන්න.

Node js Command Prompt

දැන් Firebace CLI එක පරිගණකයට Install කරගන්න අවශ්‍යයි. ඒ සදහා පහත Command එක දෙන්න.

npm install -g firebase-tools

Step 3: Firebase Login

Install කිරීමෙන් පසු දැන් ඔබගේ Firebase තුලට ලොග්වීම සිදුකරන්න පහත Command එක Run කරන්න.

firebase login

දැන් ඔබගේ වෙබ් බ්‍රවුසරය මගින් ඔබගේ ගූගල් ගිණුමට ස්වයංකීයවම ලොග් වනු ඇත.සාර්ථකව ලොග් වූ පසු ඔබගේ Command Prompt එක හා බ්‍රවුසරය මෙලෙස දිස්වනු ඇත.

Logged Auth

Step 4: Initializing project

දැන් තිබෙන්නේ ඔබ‍ග‍ේ HTML ගොනු සහිත වෙබ් අඩවිය වෙබ් සර්වරයට උඩුගත කිරීම.ඒ සදහා ඔබගේ Project එකට පිවිසීමට පහත ඇති Command එක Run කරන්න.

firebase init

දැන් ඔබට Hosting feature එක Select කිරීම අවශ්‍යවනවා . ඒසදහා පහත පරිදි දිස්වන මෙනුවේ Hosting Configure and deploy තෝරන්න.(මේ සදහා  Space Key භාවිතා කරන්න)

Choice Hosting

පසුව ඔබ Use an existing project හි ඔබ කලින් සාදා ගත් project එක තොරාගන්න.දැන් What do you want to use as your public directory? (public) යන තීරුව දිස්වූ විට Enter ලබාදෙන්න.

Configure as a single-page app (rewrite all urls to /index.html)? සදහා N ලබාදී Enter  කරන්න.

Choice Project

ඉන්පසුව ඔබගේ Command Prompt එක තුල පෙන්වන Folder එකට යන්න.එහි ඇති Public Folder තුලට පිිවිසෙන්න.

Root Files

දැන් එම ෆෝල්ඩරයට වෙබ් අඩවිය/ පිටු ඇතුලත් කර ෆෝල්ඩරය වසා දමන්න.ඉන්පසු නැවතත් Command Prompt කවුලුවේ පහත ඇති විධානය ලබාදෙන්න.

firebase deploy

පසුව මදවේලාවකින් පසු සාර්ථකව වෙබ් පිටු  ඇතුලත් වූ පසු  ‍ Command Prompt එක තුල වෙබ් අඩවියට අදාල තොරතුරු දර්ශණය වනු ඇත.

Complete

දැන් එහි දැක්වෙන Subdomain මගින් ඔබට වෙබ් අඩවිය නැරබිය හැකිය.

Step 4:ඩොමේනයක් සම්බන්ද කිරීම

ඩොමේනයක් එකතු කිරීම සදහා Firbase Console තුල ඇති Hosting Dashbord වෙත පිවිසෙන්න.එහි ඇති Add Custom Domain ක්ලික් කරන්න.

Add Domin

දැන් එයට ඩොමේනය ඇතුලත් කර Continue කරන්න.

Verify Domain
Copy This Recoard

ඉන්පසුව ඔබගේ ඩො‍ම‍ෙන් පාලන පුවරුවට පිවිස එහි ඇති DNS Zone යාවත්කාලීන කරන්න. TXT Record හා A record සදහා TTL පැයක් නොහොත් විනාඩි 60 ලබාදී Save කරන්න.ලබාදෙන TXT තහවුරු කරගැනීමෙන් පසුව ඔබට A record යාවත්කාලීන කිරීමට හැකියාව ඇත. සැ.යු – DNS යාවත්කාලීන වීමට විනාඩි 5 – පැය 24 කාලයක් ගතවනු ඇත.

DNS Namechp

දැන් ඔබගේ වෙබ් අඩවියට Auto SSL සමගින් ඩොමේනය ක්‍රියාකරවනු ඇත.ඔබට මේ සම්බන්ද ගැටලු ඇත්නම් කමෙන්ට් කරන්න.