ශ්‍රී ලංකාවේ සිට United Kingdom Sim පතක් හා දුරකතන අංකයක් නොමිලේ නිවසටම ගෙන්වා ගන්නා ආකාරය.

How To Dec 21, 2021

ලංකාවේ පදිංචි පුද්ගලයෙක්ට UK දුරකතන අංකයක් හා එයට අදාල සිම්පතක් නිවසටම ගෙන්වා ගන්නා ආකාරය සහ එය Active කරගෙන ලංකාවෙ සිටම UK සිම්පත භාවිතා කරන ආකාරය පිලිබද ලිපියක් තමා අපි ඔබවෙත අද ගෙන එන්නේ.

එක්සත් රාජධානියේ දුරකතන සේවා සපයන සමාගමක් තමා giffgaff කියන්නේ. giffgaff සිම්පතක් එක්සත් රාජධානියෙන් පිටත රටක සිටින පුද්ගලයෙක්ට උවත් පහසුවෙන් නිවසටම ගෙන්වාගෙන Active කර භාවිතා කල හැකියි.

මේ Giffgaff සිම්පතකට එක්සත් රාජධානියෙන් පිටතදී අධාල රටේ Roaming මගින් සාමාන්‍ය ආකාරයට සිග්නල් ලැබෙනවා. ලංකාවෙ නම් Giffgaff සිම්පතකට සිග්නල් ලැබෙන්නේ Dialog Axiata සමාගමෙන්. ඒ කියන්නේ ලංකාවේ පුද්ගලයෙක් GiffGaff සිම්පතක් භාවිතා කරනවිට සිග්නල් ලැබෙන්නේ Dialog වලින් ඒත් මේක Dialog සමාගමට කිසිදු සම්බන්දයක් නෑ. මේක කියවන අය Roaming ගැන දන්නවා ඇතිනේ.

Giffgaff සිම්පතක් නිවසට ගෙන්වාගන්න අපිට Nic එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මේක තැපැල් මාර්ගයෙන් නොමිලේම ඔබගේ ලිපිනයට එවනවා.

සිම්පතක් ඇණවුම් කිරීම

ඔබ මුලින්ම Giff Jaff සිම්පතක් ඇණවුම් කරන්න ඔනෑ වෙබ් අඩවිය මගින්. එතනට ගිහින් අදාල විස්තර පුරවලා Submit කරන්න. ඔබට සති දෙකක් ඇතුලත සිම්පත ලැබෙනවා.

Giffjaff Order your free SIM

Activate කිරීම

මට ලැබුන Giff සිම්පත

දැන් දින කිහිපයකින් ඔබට ලියුම් කවරයකින් සිම් එක ලැබෙනවා. සිම් එක සහ Activation Code එක එහි අඩංගු වෙනවා. ඔබ මුලින්ම සිම්පත දුරකතනයකට ඇතුලත් කරන්න ඔනෑ.ඔබට සිම් එක දුරකතනයට දැමූ සැනින් එය Dialog සමග සම්බන්ද වී Signal ලබාදෙනවා. ඔබට කිසිදු Settings වෙනස් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.

ඉන්පසුව ඔබට ලැබී ඇති Email එකේ ආකාරයට, නැතිනම් මේ සබැදියෙන් පිවිසිලා සිම් එක Activate කරන්න ඔනෑ.

Activate Sim

ඔබගේ සිම් කාඩ් එකේ Print කරලා තිබෙනවා Activation Code එක.

පසුව ඔබ Giffgaff ගිණුමක් නිර්මාණය කරගන්න ඔනෑ ගිණුම නිර්මාණය කිරීමෙන් පසුව අපි පැකේජයක්  තෝරාගතයුතුයි ‌පවුම් 10 සිට Giffgaff පැකේජ තිබෙනවා එයින් එකකට මුදල් ගෙවා පැකේජයක් තොරාගැනීමෙන් පසුව ගිණුම Activate වී ඔබට දුරකතන අංකයක් හා අනෙකුත් පහසුකම් හිමිවෙනවා.

Giffgaff packeges

ඔබට පෙනෙනවා ඇති මෙහි ඇති පැකේජයක් ලංකාවෙ අපිට නම් සැලකිය යුතු මුදලක් වෙනවා ඉතින් මේක අවශ්‍ය අයට පමණක් ලබාගන්න. නිකරුනේ ඇණවුම් යවන්න එපා.

Tags

Madusanka

Along with Indrajith Bandara

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.