ඔබ වෙබ් අඩවියක් නිර්මාණයට පෙර ඩොමේනයක් මිලදී ගැනීමට පෙර අනිවාර්යනේම සිදුකල යුතුයි.මේ විශේෂාංගය තුලින් අපි කතාකරන්නේ නිවැරදිව ඩොමේනයක් තෝරා ගන්නා ආකාරය සහ මිලදී ගන්නා ආකාරය . ඔබට ඩොමේන ගැන නිතර හටගන්නා ගැටලු කිහිපයක් ගැන අපි කතාකරනවා.

අපිට ගැලපෙන ඩොමේන් එක මොකක්ද?

ඩොමේන් එකක් මිලදී ගන්න ඕනෑම පුද්ගලයෙක්ටම ඇතිවන ගැටලුවක් තමා කොහොමද අපිට ගැලපෙනම ඩොමේන් එක මිලදීගන්නේ කියන කාරනය.ඩොමේන් එක තොරාගැනීමේදී විශේෂයෙන්ම අපි බලන්න ඔනෑ අදාල වචන වල කෙටි බව . ඔයාගේ ඩොමේන් එක කෙටියි නම් භාවිතා කරන අකුරු සංඛ්‍යාව අඩුයි නම් ඔයාගේ වෙබ් අඩවියේ නම ඔනෑම පුද්ගලයෙක්ට ඉක්මනින් මතකයට එනවා. එය ඔබගේ වෙබ් අඩවියේ සාර්ථකත්වයට ඉහලින්ම බලපාන එක් හේතුවක්. එමෙන්ම වෙබ් අඩවියේ නම පහසුවෙන් උච්චාරණය කිරීමටත් හැකියාව තිබිය යුතුයි.

.com/.org./.net .lk මෙව්වගෙන් මොකක්ද තෝරාගන්න ඔනෑ ?

අවශ්‍යතාවය අනුව අපිට Extension එක තෝරාගන්න වෙනවා. මේවන විට විවිධ Tld ඩොමේන වර්ග 800 අධික ප්‍රමාණයක් තිබෙනවා මේ අතරින් .com/.org/.net යන ඩොමේන වඩාත් ජනප්‍රියයි එමෙන්ම .xyz/.online යන ඩො‍මේනත් භාවිතාවනවා. මිලගණන් හා අධික තරගකාරී ආයතන භාවිතාකිරීම නිසා මෙම ඩොමේන ජනප්‍රියත්වයට පත්වී තිබෙනවා. එමෙන්ම රටක් නියෝජනය කරන .lk/in./.uk/.sg වැනි ඩොමේනයක් ඔබ මිලදී ගන්වානම් ඔබ එම රටේ පුරවැසියෙකු විය යුතුයි. ඔබගේ වෙබ් අඩවිය ගෝලීය වශයෙන් ග්‍රාහකයන් අපේක්ෂා කරන වෙබ් අඩවියක් නම් ඔබට පුලුවන් tld ඩොමේනයක් භාවිිතාකරන්න. ඔබ යමක් රටේ ජනතාව ඉලක්කකර බෙදාහැරීමට අපේක්ෂාකරනවානම් ඔබට පුලුවන් .lk ඩොමේනයක් තෝරාගන්න. කෙසේ වුවත් කුමන වර්ගයේ ව්‍යාපාරයක් සදහා .com ඩොමේන වඩාත් සුදුසුයි.

ඩොමේනය ලියාපදිංචි කරන්නේ කොහොමද ? කොහෙන්ද?

ඩොමේනය ලියාපදිංචි කිරීම සදහා වසරකට 8$-13$ අතර සීමාවක මුදලක් වැයවනවා. .lk ඩොමේනයක් නම් ඒ සදහා ශ්‍රී ලංකා මුදලින් රු3000.00 පමණ මුදලක් වැය වනවා. ඔබ සෑම වසරකටම වත‍ාවක්ම ඩොමේනය renew කිරීම කිරීම සිදුකර යුතුයි. ඒ සදහාත් ඩොමේනය ලියාපදිංචි කරන මිලට සමාන මුදලක්ම වැයවනවා .මෙම ලින්කුව භාවිතාකර ඔබට ඔබ මිලදී ගැනීමට යන ඩොමේනය සදහා ඩොමේන් රෙජිස්ටර් කරන සමාගම් ලබාදෙන මිලගණන් සන්සන්දනය කර බැලිය හැකියි. https://www.domcomp.com

ඩොමේනයක් ලියාපදිංචි කිරීම‍ෙදී ඔබ ඉතා වගකීම් සහගතව සේවය ලබාදෙන ආයතනයකින් එම ඩොමේනය ලිය‍ාපදිංචි කර යුතුයි . ‍ඩොමේන සදහා ලොව සෑම ආයතනයක්ම එකම මිලක් පමණක් පවත්වා ගනී. එම මිල ගණන් තීරණය කරන්නේ ICANN නම් ආයතනයයි. Tld ඩොමේන මිලදී ගැනීමට සුදුසු ලොව ප්‍රමුඛ පෙල සමාගම් ලෙස Namechep , Godaddy , Name.com, Namesilo ,PDR , Bluehost, google Domains යන ආයතන නිර්දේශ කරනවා. Namechep ආයතනයෙන් ඩොමේනයක් මිලදීගන්නා ආකාරය ගැන අපි ඉදිරියේදී කතා කිරීමට බලාපොරොත්තුවනවා.

නමුත් ඔබ lk ඩොමේනයක් මිලට ගන්නවානම් අදාල කාර්යය සම්පූර්ණයෙන්ම වෙනස් . මෙම ඩොමේන ඔබට මිලදී ගත හැකිවන්නේ දේශීය ආයතයන් මගින් ඔබ LK ඩොමේනයක් මිලදී ගන්නවානම් Nic.lk , Peekhosting , Register.lk යන ආයතන හරහා ඔබට ලියාපදිංචි කර හැකියි . එමෙන්ම මෙම ඩොමේනය මිලදී ගැනීමට ඔබ ශ්‍රී ලංකික පුරවැසියෙක් විය යුතුයි.

මොකක්ද who is Protection කියන්නේ ?

අපි ඩොමේනය ලියාපදිංචි කරන විට අපේ නම , ඊමේල්, දුරකතන අංකය , ලිපිනය ආදී තොරතුරු අදාල ආයතනයට ලබාදෙන්න සිදුවෙනවා ඉතින් එම දත්ත Who is Look up හරහා Public වනවා . ඒ හරහා යමෙකුට පුලුවන් ඔබගේ ඩොමේනයේ තොරතුරු දැක බලා ගන්න. මේ තොරතුරු Hide කරන්න ඩොමේන් රිජිස්ටර්වරුන් who is Protection උපාංගය ලබාදෙනවා. මෙය ඔබ අමතර මුදලක් ගෙවා මිලට ගැනීමට සිදුවනවා නමුත් ඇතැම් ඩොමේන් රිජිස්ටර් කරන්නන් එය නො‍මිලේ නිකුත්කරනව‍ා. (namesilo) . නමුත් lk ඩොමේන වලට මෙවැනි උපාංගයක් අවශ්‍ය නැහැ. ඔවුන් දත්ත Public කිරීමක් සිදුකරන්නේ නැහැ.

who is facebook.com

ඩොමේන් එක Renew කරන්න බැරිවුනොත් මොකද වෙන්නේ ?

ඔබ නියමිත කාලය අවසානයේදී මුදල්ගෙවා ඔබගේ ‍ඩොමේනය අලුත් කරන්න ඔනෑ .( උදාහරණයක් ලෙස ඔබ ඔබගේ රියදුරු බලපත්‍රය මතක් කරගන්න) ඔබ ඩොමේනය අලුත් නොකලහොත් අදාල ආයතනය විසින් ඔබගේ ඩොමේනය කැන්සල් කර අලෙවියට යොමු කරනවා . එවිට වෙනත් පුද්ගයයෙකුට ඔබගේ ඩොමේනය මිලට ගත හැකියි. සාමාන්‍යයෙන් එලෙස කැන්සල්කරන ලද ඩොමේනයක් මුල් මාස 5 ඇතුලත $400 වැනි මුදලකට ඔවුන් මිලක් ලබාදෙනවා. එම කාලය ඇතුලත ඩොමේනය කිසිවෙක් මිලදී නොගත හොත් නැවත එය සුපුරුදු 10$-12$ වැනි මුදලකට අලෙවිකරනවා.

Free Domain ගන්න බැරිද ?

ඔබට කිසිදු අවස්ථාවක Tld Domain (.com/.net./org/.xyz) වැනි ඩොමේන නොමිලේ ලබාගත නොහැකියි. නමුත් නොමිල‍ේ ලබාදෙන Country Code ඩොමේන කිහිපයක් තිබෙනවා. TK/CF/ML/GQ යන ඩොමේන ඔබට මෙලෙස නොමිලේ ලබාගත හැකියි. නමුත් මෙම ඩොමේන වල ඇති දුර්වල බව වන්නේ මෙම ඩොමේනයක් භාවිතා කර නිර්මාණය කරන වෙබ් අඩවිවලට පැමිණෙන ග්‍රාහකයින් ප්‍රමාණය වැඩිවන විට ඩොමේනය කැන්සල්කර වැඩි මිලට විකුණා දැමීමයි‍. අත්හදා බැලීම් සදහා පමණක් මෙම ඩොමේන භාවිතාකර හැකියි . නොමිලේ එම ඩොමේන ලියාපදිංචි කරගැනීමට http://freenom.com වෙත පිවිසෙන්න.

Transfer කරනවා කියන්නේ මොකක්ද?

ඔබ දැනට ඩොමේනයක් ආයතනයක ලියාපදිංචිකර තිබෙනවානම් ඔබට අදාල ආයතනය ගැන අප්‍රසාදයක් හෝ එම ආයතනයට වඩා හොද ආයතනයකින් සේවාව ලබා ගැනීමට ඔබට ඩොමේනය වෙත් ආයතනයකට මාරුකිරීම සිදු කර හැකියි. ඩොමේනය Transfer කිරීමටත් ඔබට නව ආයතනයට මුදල් ගෙවීමට සිදුවනවා.