තමන්ගේ සමාජ ජාල ගිණුම් විතරක් නෙවේ සෑම අන්තර්ජාල ගිණුමකටම වැදගත් ⁣වන එකම දෙය password එක.

ඉතිං මේ ලිපිය password එකක් ප්‍රබලව හදාගන්නේ කොහොමද කියන එක ගැනයි.

අපි වර්තමානයේදී ඉනිනේ Digital යුගයක. ඉතිං අපි මුදල් ගනුදෙනු, බැංකු කටයුතුත් වගේම සන්නිවේදන කටයුතු, රැකියා කටයුතු වගේ විවිධාකාරයේ කටයුතු බොහෝමයකට Digital Devices සහ services භාවිතා කරනවා.

නමුත් එම services වල ආරක්ෂාව වෙනුවෙන් අපිට password භාවිතා කිරිම අනිවාර්යයි. මේ passwords, අපිට Digital ලෝකයේදි අපේ accounts වල සහ services වල එකම ආරක්ෂක උපක්‍රමය කරගන්න යෝග්‍ය නෑ.

ඒ හේතූව නිසාම අපි Two-step-authentication අනිවාර්යෙන් භාවිතා කල යුතුයි. නමුත් password එක අන්තර්ජාල සේවා වලදි අපේ ආරක්ෂාව සඳහා තියෙන ප්‍රබලම මුරකරුවා. සමහර services වලදි වගේම account වලදි Two-step-authentication පහසුකම නැති නිසා ඉතාම ප්‍රබල password එකක් භාවිතා කල යුතුමයි...

Private details යොදන්න එපා.

තමාගේ private details, password එකට යොදාගැනීම වැඩි පිරිසක් කරන ලොකු වැරැද්දක්. ඒ කියන්නේ තමන්ගේ උපන් දිනය, තමන්ගේ පෙම්වතියගේ, පෙම්වතාගේ නම, පාසලේ නම, සුරතලාගේ නම, දෙමව්පියන්ගේ නම, සහෝදරයාගේ නම, වැඩකරන ආයතනයේ නම වගේ තොරතුරු, ඔය private details විදිහට සලකන්න පුළුවන්. කවුරු හරි පුද්ගලයෙක්ට ඔයාගේ password එක හොයාගන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නේ, ඔයාගේ විස්තර හොයාගන්න එක විතරමයි. තමන්ගේ පෞද්ගලික විස්තර හැමදෙයක්ම facebook එකේ publish කරන කාලේක private details හොයාගන්න එක අමාරු වැඩක් නෙවේ...

Dictionary Attacks වලට ලක්වෙන passwords යොදාගන්න එපා.

මොකද්ද මේ Dictionary Attacks කියන්නේ? ඒකේ තේරුම තමයි, Dictionary එකක තියෙන වචන try කරලා බලන එක. මේ කාරණය අනිවාර්යෙන් මතකයේ තියාගන්න... Hackerවරුන් නිකම් password try කර කර ඉන්නේ නෑ. පැය කිහිපයක් ඇතුළත විවිධාකාරයේ passwords බිලියන ගාණක් try කරන්න පුළුවන් programs වලින් තමයි Hackerවරුන් වැඩ ගන්නේ. ඒ කාරණය නිසාම Dictionary එකක තියෙන වචන password එකට යොදාගන්න එක, කොහෙත්ම සුදුසු නෑ...

හැමෝම පොදුවේ භාවිතා කරන වචන යොදාගැනීම.

මේ කාරණය ආකාර දෙකකින් පෙන්වන්න පුළුවන්. මීට අවුරුදු 20කට 30කට විතර කලින් passwords සංකිර්ණ වෙන්න ඕනේ කියන අදහස තිබිලා නෑ. ඉතිං ඒ කාලේ Hackerවරුන් දැනගෙන හිටියා හැමෝම පොදුවේ භාවිතා කරන passwords කීපයක් තියෙනවා කියලා. Admin, Man, Mod වගේ වචන තමයි password වලට යොදාගෙන තියෙන්නේ

දැනුත් ඔය පොදුවේ භාවිතා කරන passwords තියෙනවා. උදාහරණ විදිහට 123456, 123456789, qwerty, password, 111111, 12345678, abc123, 1234567, password1, [email protected] වගේ passwords ඕනම කෙනෙක්ට සරලව guess කරන්න පුළුවන්.

හැම website එකකටම එකම password එක භාවිතා කිරිම.

අපිට password use කරන්න වෙන්නේ sites එකක හෝ දෙකක විතරක් නෙවෙයි. Facebook account එකට, Email account එකට, Online banking වලට වගේ විවිධ තැන්වලට password use කරන්න සිද්ධ වෙනවා. මේ කාරණය සරල උදාහරණ කාරණයක් විතරයි. සමහර අය websites, online banking services විස්සකට විතර password භාවිතා කරනවා. ඉතින් ඔය passwords ඔක්කොම මතකයේ තියාගන්න අසීරුයි. ඒකට ගොඩක් දෙනෙක් කරන දෙය එකම password එක හැමතැනටම පාවිච්චි කරන එක. ඉතිං මේ ක්‍රමය ඉතාම භයානකයි. Password එක ඉතා ප්‍රබල වුණත්, එක site එකක use කරන password එක කොහොමහරි කෙනෙක් හොයාගත්තොත්, අන්තර්ජාල තුළ පවතින හැම account එකක්ම අනාරක්ෂිතයි.

Password එක ලියා තබාගැනීම.

ප්‍රබල password එකක් මතකයේ තබාගැනීම ඉතාම දුෂ්කර දෙයක්. ඉතිං passwords ගණනාවක් මතකයේ තියාගන්නේ කොහොමද? කොහොමටවත් බෑ. ඉතිං ඒ කාරණයටත් විසදුම් තියෙනවා. Password එක Notepad එකක type කරල, ඒක Cripterner වගේ දත්ත කේතනය කරන විශ්වාසවන්ත software එකකට දාලා, ඒ software එකට password එකක් දාන්න පුළුවන්. මේක කරදරකාරීයි නමුත් ආරක්ෂිතයි. තව LastPass, 1Password, Dishlane වගේ විශ්වාසනීය password manager software එකක් හෝ App එකක් භාවිතා කරන්න පුළුවන්. එහෙම අවස්ථාවකදීත් එක ප්‍රබල password එකක් විතරයි මතක තියාගන්න අවශ්‍ය, ඒවායේ android, iOS apps වලදි fingerprints යොදාගන්නත් පුළුවන්.

නමුත් Lastpass app එක භාවිතයේදිත් පරිස්සම් වෙන්න වෙනවා. කාලයකට කලින් ඒ site එකේ usersලා බොහෝ පිරිසකගේ passwords leak වෙලා තිබ්බා.

Passwords වෙන කෙනෙකුට ලබා දීම.

මේ දෙය නම් password එකක් හදාගැනීම පිළිබඳව නම් නෙවෙයි. තමන්⁣ ගණුදෙනු කරන බැංකුවෙන් වගේ call කරල password ඉල්ලන වංචාකරුවන්ට අහුවෙන එකයි. ඒ වංචාකරුවන් call කරන්නේ "මම අහවල් බැංකුවේ card center එකෙන්. ඔබතුමා අපිත් එක්ක හොඳට ගණුදෙනු කරල තියෙන නිසා ඔබතුමාට, රුපියල් 100,000/=ක් අපි ලබාදෙන්න තීරණය කරල තියෙන නිසා අපිට මේ විස්තර දෙන්න." කියල password ඉල්ල ගන්නවා.‌‌ඒක වංචාවක්. බැංකුවකින් කවදාවත් call කරල ඔය විස්තර අහන්නේ නෑ.

අපි අහවල් සේවයෙන්, මේ link එක click කරලා යන්න, දැන් password type කරන්න කියලා එන emails ගැන වලටත් අහුවෙන්න එපා.

ප්‍රබල password එකක් හදාගැනීම

මුල්ම කාරණාව තමයි තමන් use කරන password එක short password එකක් නොවීම. අනිවාර්යයෙන්ම ප්‍රබල password එකක Capital Letters සහ Simple Letters, mix කරල, අනිවාර්යයෙන්ම numbers සහ symbols කිහිපයක් ඇතුළත් විය යුතුයි. ඒ විහිහට password එකක් හදාගත්තා නම් ඉතාම ප්‍රබල password එකක් වෙනවා.

මෙන්න හොඳ password එකකට උදාහරණයක්:-‌‌o|NT?199`g5L.R;]cBDlP0rL%IboIz(+Uy(/HMt3