මේ සදහා අපට ක්‍රම දෙකක් භාවිතා කළ හැකියි. මේ සදහා ඔබට SSH Access අවශ්‍යයි.
ක්‍රමය 1:
SSH හරහා Root වෙත ලොග් වන්න. දැන් පහත ඇති විධානය ලබාදෙන්න.
cat /sys/block/sda/queue/rotational
ඉන්පසු ලැබෙන ප්රතිථලයේ 0 හෝ 1 සදහන් වනු ඇත. මේ සදහා 1 ලැබේ නම් ඔබගේ වෙබ් අඩවිය HDD මත ධාවනය වන අතර 0 ලැබේනම් එය SSD සර්වරයක් මත ධාවනය වේ.
ක්‍රමය 2:
මෙම ක්රමයටත් SSH ක්‍රමයට Root ප්‍රවේශය අවශ්‍යවේ.
SSH ලොග් වී smartctl මෙවලම ස්ථාපනය කරන්න. ඒ සදහා පහත විධානය ලබා දෙන්න.
sudo apt-get install smartmontools
ඉන්පසුව SSD , HDD පරික්ෂා කිරීමට මෙම විධානය දෙන්න.
sudo smartctl -a /dev/sd
ඉන්පසුව ප්‍රතිථලය දිස්වනු ඇත.