පසුගිය දිනවල twitter විසින් Instagram Stories වලට සමාන අංගයක් fleets නමින් හදුන්වාදුන් අතර එහෙත් සෑම පරිශීලකයෙක්ම මේ නව විශේෂාංගය කෙරෙහි වැඩි උනන්දුවක් නොදක්වයි, එවන් පරිශීලකයින්ට තම වැඩකටයුතු පෙර පරිදි කරගෙන යාමට අවශ්‍යනම් fleets ඉවත්කරගැනීමට ක්‍රමයක් තිබේ.
තවමත් fleets සදහා on/off කිරීමේ පහසුකම ලබාදී නොමැත.නමුත් ට්විටර් විසින් එය නුදුරේදීම ලබාදෙනු ඇත. නමුත් ගිණුම් වල fleets පමණක් mute කල හැකි අතර tweets පමණක් දැකබලා ගත හැකිය.
මේ සදහා ආකාර දෙකක් පවතී.
1.ක්‍රමය
fleets කොටසේ icon එක තත්පර කිහිපයක් press කරන්න . mute විකල්පය තෝරන්න.mute fleets ලබාදෙන්න.


2.ක්‍රමය
fleets බැලීමට fleets කොටස මත ක්ලික් කරන්න.ඉහල දකුණු කෙලවරට වන්නට ඇති ඊතලය කොටස මත ක්ලික් කරන්න.එහි mute ක්ලික් කරන්න.දැන් mute fleets ලබාදෙන්න.



මේ ආකාරයෙන් තනිතනිව ගිණුම් වල fleets mute කිරීම සිදුකල හැකි වුවත්.සියලුම ගිණුම් වලින් එකවර fleets mute කිරීමේ පහසුකමක් තවමත් ලබාදී නොමැති අතර එය නුදුරේදීම ලබාදෙන බව twitter නිවේදනය කරයි.එතෙක් fleets අවශ්‍ය නොවන අය සියලු ගිණුම් වෙන් වෙන් වශයෙන් mute කල යුතුය.