මන්දගාමී අන්තර්ජාල සබදතාවක් තුලත් Zoom භාවිතා කරන ආකාරය

How To Oct 5, 2020

නිවසේ සිට වැඩකරන අයට නැතිවම බැරි දෙයක්නේ මේ zoom කියන්නේ.ඒත් අපේ රටේ සමහර ප්‍රදේශවල තිබෙන අන්තර්ජාල සැපයුම් වල වේගයත් එක්ක video Meeting එකක් තියනවා කියන්නේ ගොඩක් අය අපහසුතාවයට පත්වෙන කරුණක්.සාමාන්‍යයෙන් zoom භාවිතා කරන අයට අවම 500kbps වේගයක්වත් අවශ්‍යවෙනවා සාර්ථකව meeting එකකට සම්බන්ද වෙන්න. ඉතින් පහත ක්‍රම කිහිපය උත්සහ කරල බැලුවොත් සිග්නල් ගැටලු තියෙන අයට අන්තර්ජාල සම්බන්දතාවය සැලකිය යුතු මට්ටමින් වේගවත් කරගන්න පුලුවන්.

Reset your router

‌zoom භාවිතා කිරීමට පෙර ඔබගේ රවුටරය සියලුම සම්බන්දතා වලින් ඉවත් කරන්න ජව සැපයුමත් ‍ක්‍රියාවිරහිත කරලා මිනිත්තුවකට විතර පස්සේ ආයෙත් පණගන්වන්න.මොකද රවුටරයේ මතක ධාරිතාව නිදහස් කිරීමට වගේම රවුටයේ යාවත්කාලීන කිරීම් වලට ඒ දේවල් වැදගත් වෙනවා.

Manage Wi-Fi channels

‌බහුතරයක් රවුටර්තුල dual band භාවිතා කිරීමේ හැකියාව ති‌බෙනවා.ඒ කියන්නේ 2.5Ghz සංඛ්‍යාතය සහ 5GHz සංඛ්‍යාතය තුලින් සම්බන්දතා භාවිතා කරන්න පුලුවන් කියන එක.ඔබට පරිගණකය හෝ ජංගම දුරකතනය රවුටරය ලගටම අරන් ඇවිත් 5Ghz පරාසය භාවිතා කරන්න පුලුවන් නම් වඩාත් හොදයි.

Ethernet ක‌ේබල් භාවිතා කරන්න

wi-fi වෙනුවට ඔබ රවුටරයේ සිට උපාංගයට Ethernet සම්බන්දතාවක් භාවිතා කරන්න. wi-fi වලට වඩා කිහිපගුණයකින් රැහැන් වේගවත්.හැබැයි කේබලයක් තෝරාගන්නකොට හොද CAT - 6 වගේ හොද ගුණාත්මක කේබලයක් භාවිතා කරන්න 2m වගේ අඩු දුරක් තිබුනම හොදටම ඇති.ඒ වගේම කේබලය නිදහසේ තබන්න ක්ලිප් වලින් රදවන්න වගේ දේවල් කරන්න එපා.

cablechick.com.au

හොදට සිග්නල් තියෙන තැන ?

නිවසේ හොදටම අන්තර්ජාලය ලැබෙන ස්ථානයක් තොරාගන්න.වීදුරු ආවරණ වගේ තැන්වලින් ආවරණය වෙලා තියෙන තැන් වෙනුවට හොද විවෘත පරිසරකට යන්න.

“Flush” DNS

zoom භාවිතයට පෙර උපාංගවල DNS  (domain name system) Cache Clear කරන්න අමතක කරන්න එපා.Windows උපාංග වල Command prompt එකේ “ipconfig/flushdns” Command එක දෙන්න

වේගවත්ම Browser එක භාවිතා කරන්න

යෙදුම් භාවිතා කිරීම වෙනුවට හොද වේගවත්ම Browser එකක් භාවිතා කරන්න.දැනට තිබෙන වේගවත්ම Browser එකක් ලෙස Firefox හෝ Brave භාවිතා කරන්න.google crome වල තිබෙන අධික ram භාවිතය නිසා උපාංගය අනුව මන්දගාමී වෙන්න පුලුවන්.browser cache එකතුවීමත් zoom හිරවෙන්න එක හේතුවක්.browser cache ස්වයංක්‍රීයව ඉවත් කිරීමට extension එකක් භාවිතා කරන්න.

Brave

VPN

ඇතැම් vpn සේවාවන් භාවිතා කරන විට ‌අන්තර්ජාලය පැවති තත්වයටත් වඩා මන්දගාමීයි.නමුත් ‌හොද vpn සේවාවක් භාවිතා කරනවා නම් ඔබට zoom සුමටව භාවිතා කල හැකියි.

Stop Background Programs

මෘදුකාංග විශාල ගණනක් ක්‍රියායනය වන විටත් අන්තර්ජාල සම්බන්දතාවය දුර්වල වෙන්න පුලුවන් Automatically Updates , Voice Command වගේ දේවල් නවතා දමන්න.

Service On Win 10 

Clean Computer / Smart Phone

Junk Files , Temporary Files , Malware , Registry ඉවත්කරලා පරිගණකය‌ේ ක්‍රියාවලිය සාමාන්‍ය මට්ටමේ තබාගැනීම තුලිනුත්.අන්තර්ජාල සබදතාව වේගවත් කරගත හැකියි.

සාමාන්‍යයෙන් Zoom සදහා 600kbps වේගයක් (Upload & Download) අවශ්‍යවන අතර Skype සදහා අවම 120kbps ප්‍රමාණයක් ප්‍රමාණවත්ය.

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.