Huawei විසින් P30 සදහා අත්හදාබලමින් තිබූ HarmonyOS මෙහෙයුම් පද්දතිය තවමත් පූර්ණ වශයෙන් දුරකතන මාදිලියක් සදහා නිකුත් කරනොමැත. නමුත් මේවන විට චීනයේ දැවැන්ත තාක්ෂණික සමාගම Harmony මෙහෙයුම් පද්දතිය නිළ වශයෙන් P50 සමග නිකුත් කිරීමට තීරණය කර ඇත.

Image:android.com.pl

අන්තර්ජාතික මාධ්‍ය වාර්ථාකරනේ Harmonyos Beta 2.0 පරික්ෂණ ක්‍රියාවලිය සම්පූර්ණ කර ඇති අතර දැන් 3.0 Beta පරීක්ෂණ අවසන් කිරීමෙන් පසු ස්ථාවර නිකුත් කිරීමකට සමාගම සූදානම් බවයි. Huawei දැනටමත් P 40, P30, Mate 30 Pro 5G සදහා Beta අනුවාදයන් ලබාදී ඇත.දියත් කිරීමෙන් පසු P40 මාදිලිවල AndroidOS ඉවත්කර HarmonyOS ස්ථාපනයට සමාගම පියවර ගනු ඇත.

Image:sputniknews

2021 අප්‍රේල් සිට මේ ආකාරයට Harmony OS වෙත මාරුවීම ආරම්භ කිරීමට නියමිත අතර එය ස්මාර්ට් දුරකතන ඇතුලුව ස්මාර්ට් ඔරලෝසු , ස්මාර්ට් TV උපාංග මිලියන 300-400 අතර ප්‍රමාණයක් සදහා එකවර දියත් කිරීමට සූදානමින් සිටියි.

HarmonyOS Vs Android ම‌ොනවද වෙනස්කම්
Banzgeek is a Sri Lankan technology news website. It is one of the leading technology Tutorials And News Blog websites in Sri Lanka powered by Sinhala language.Although it aims to provide technical articles and provide free IT knowledge, today even technical news is published in Sinhala.

Via : Gizmochaina , digitaltrends , movilzona