රොයිටර් වාර්ථාවකට අනුව huawei ආයතනය යටතේ ඇති ස්මාර්ට් දුරකතන නිශ්පාදනය කරන අංශයක්වන honor ඒකකය Digital China සමූහය හා Shenzhen රජය වෙත ඇමරිකානු ඩොලර් බිලියන 15$ මුදලකට විකුණාදැමීමට තීරණය කර ඇත.වාර්ථාවන ආකාරයට honor සතු පර්යේෂණ සංවර්ධන හා බෙදාහැරීමේ ඒකක සියල්ල විකූණාදැමීමට එම මුදල තක්සේරු කල හැකි බවයි. කෙසේ වෙතත් රොයිටර් සදහන් කරන්නේ වෙළද නාමය සතු ස්මාර්ට්ෆෝන් අංශය පමණක් විකුණාදැමීමට තීරණය කර ඇති බවයි.එම නිසා ගනුදෙනුවට හොනර් සතු වෙනත් ඒකක විකුණා දැමීම ගැන තවමත් තීරණයක් ගෙන නොමැත.

මෙම ගණුදෙනුව සදහා ගැණුම්කරුවන්ලෙස TCL හා Xiaomi සමාගම්ද ඉදිරිපත්වී ඇත.කුමණ ගැනුම්කරුවෙකු මිලදී ගත්තද එම ගණුදෙනුව නිසා පහත වැටෙමින් ඇති huawei සමාගමේ ශ්‍රේණිගත කිරීම් නැවත යථාතත්වයට ගැනීමට ගැනීමට හැකිවනු ඇතැයි ඔවුන් විශ්වාස කරයි.
දැනට එක්සත් ජනපද වෙළද සීමාවන් යටතේ දැඩි අර්බුදකාරී තත්වයට පත්වීඇති huawei සමාගම මේවන විට ආයතනික නැබුරු උපාංග හා ඉහළ මට්ටමේ ජංගම දුරකතන නිපදවීම කෙරෙහි වැඩි අවධානයක් දක්වා ඇත. 2020 අවසන්වන විට ඔවුන් නැවතත් ශ්‍රේණිගත කිරීම්වල පහතට විසිවෙමින් පවතී. ඔවුන් මෙහෙයුම් පද්දති ගැටලුව යම්කිසි මට්ටමකින් පාලනය කිරීම සිදුකලද දෘඩාංග ගැටලුවට විශාල වශයෙන් මුහුණදෙමින් සිටියි.

කෙසේවෙතත් මෙම නව ගණුදෙනුව මගින් බිදවැටෙමින් පවතින පාඩු පියවාගන සමාගමට ඉදිරියට යාහැකිවනු ඇතිබව ජත්‍යන්තර මාධ්‍ය සදහන් කරයි.එක්සත් ජනපද නව පාලනයක් තුලත් huawei සමග ගැටීම තව දුරටත් ඉදිරියට සිදුවනු ඇත එමෙන්ම huawei සමාගම සතු මෙම කොටස කුමන ගැනුම්කරුවෙකු මිලදී ගැනීම සිදුකලද ඔවුන් සමග උවත් එක්සත් ජනපද ගැටීම් ආරම්භවනු ඇත.ඒ අනුව මෙම ගනුදෙනුව කොතරම් ලාබදායී උවත් ගැනුම්කරුගේ අනාගතයට එය විශාල අහිතකර බලපෑමක් වනු ඇතිබව විශ්ලේෂකයින්ගේ මතයයි.
via- gizmochaina , androidauthority