Hutch Home Broadband සේවාවන් ලබාදීමට සූදානම් වන බව වාර්තා වෙයි.

News Jan 10, 2022

ශ්‍රී ලංකාවේ තුන්වනුවට විශාලතම අන්තර්ජාල සපයන්නා වන Hutch මේ දක්වා Mobile Broadband ‌ඔස්සේ පමණක් අන්තර්ජාල සේවා ලබාදෙන ලදී. CK Hutchison Holdings සමාගමට අයත් Hutch පසුගිය වසරවලදී සේවාවල ගුණාත්මක භාවය ‌වැඩිදියුණු කිරීම් අඛන්ඩව සිදු කරන ලද අතර වාසිදායක අන්තර්ජාල පැකේජ කිහිපයක්ද හදුන්වා දෙනු ලැබීය. Etisalat සමාගමත් Hutch සමග ඒකාබද්ද කිරීම 2018 දී සිදුවූ අතර ඒමගින් මේ වන විට සිය පාරිභෝගික ජාලය මිලියන 4.2 දක්වා වැඩිකරගැනීමට ඔවුන්ට හැකිවී ඇත.

Hutch 4G coverage map

Hutch Sri Lanka ආයතනය Home Broadband සේවා ඉදිරියේදී ලබාදීමට සුදානම් බව සඳහන් කර සිටිනවා. අප විසින් Twitter ඔස්සේ Tweet එකක් යොමු කරමින් ඇසු ප්‍රශ්නයකට reply යොමුකරමින්  Hutch  මේ පිළිබඳව සඳහන් කර සිටියා.

සේවාවන් දියත් කරන කාල වකවානු මෙහි සදහන් කර නැතත්. එම ‌සේවාවන් නුදුරේදීම පාරිභෝගිකයන්ට ලැබෙනු අතැයි අප අපේක්ෂා කරන්නෙමු. මේ වන විට මිලෙන් අඩුම දුරකතන හා අන්තර්ජාල සේවා ලබාදෙන සමාගම වන්නේ Hutch Sri Lanka ආයතනයයි.

Cover Image : Hutch Facebook

Tags

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.