Microsoft විසින් internet Explorer  සදහා තවදුරටත් සහය නොදක්වන බව පසුගිය දිනක සදහන්කරනු ලැබුවා.ඒ අනුව Microsoft 365 සේව‍ා‍වන් Internet Explorer 11 වෙත සහය දැක්වීම ඉදියේදී අවසන් වනු ඇත. ජනප්‍රිය OneDrive, Outlook සේවාවන් සහ Microsoft Teams සේවාවන්ද නොවැම්බර් 30 සිට නවතා දැමීමට ඔවුන් තීරණය කර තිබේ.

internet Explorer ව‍ෙනුවට දැන් Chromium-based Microsoft Edge බ්‍රව්සරය භාවිතාවන අතර පැරණි internet Explorer අත්හැරීමට අකමැති අයෙක් වේ නම් ඔවුන් සදහා  Internet Explorer Legacy අංගය භාවිතා කල හැකිවේ.

‍මෙම internet Explorer අවසන් ගමන් යාම අන්තර්ජාල පරිශීලකයන්ට එතරම් වැදගත් නොවූවත් තවමත් ලොව ඇතැම් බැංකු හා රජයේ ආයතනවල යෙදුම් IE සමග පමණක් සහයෝගය දක්වයි. මෙම හේතුව නිසා ලබන වසර වන තෙක්ම ඔවුන්ට පැරණි අනුවාදය භාවිතා කිරීමට සිදුවනු ඇත.නව Edge යාවත්කාලීන කිරීම්වලට සම්පූර්ණයෙන්ම IE සතු හැකියාවන්ද ඇතුලත් කර Edge පමණක් ඉදිරි Windows updates සදහා ලැබෙනු ඇත.

IE හි කඩාවැටීම ආරම්භවන්නේ 2012න් පසුවයි. 2015 දී එහි උපරිමය පැමිණි අතර පරිශීලකයින් වේගවත් chrome Engines හා Firefox වැලදගනු ලැබීය.මේවන විට IE සතුව පවතින්නේ බ්‍රව්සර් වෙළඳපොලේ  5.8% කොටස් ප්‍රමාණයක් පමණි