Microsoft විසින් Windows 11 නිළ වශයෙන් එලි දක්වයි. අලුත් Windows 11 ගැන දැනගනිමු

Windowes Jun 25, 2021

Microsoft සමාගම විසින් නිළ වශයෙන් Windows 11 මෙහෙයුම් පද්දතිය ජූනි 24 දින එලිදක්වනු ලැබුවා. මෙම දියත් කිරීම 'Next Generation Of Windows' ලෙසින් සමාගම හදුන්වාදී තිබෙනවා. පසුගිය දිනවල මෙහි Beta අනුවාදයක් අන්තර්ජාලය හරහා සංසරණය වූ අතර Windows 11 මෙහෙයුම් පද්දතිය පිළිබදව විශාල කතාබහක්ද තාක්ෂණික ලෝකයේ සිදුවුණා. නව Windows 11 සංස්කරණය සම්පූර්ණයෙන්ම අතුරුමුහුණත් (UI) වෙනසකට ලක්ව ඇති අතර ඒ සදහා නව පහසුකම් රැසක්ද එකතු වී තිබෙනවා.

Image:Microsoft

Windows 11 තුල Start Menu සහ Taskbar මධ්‍යගත කිරීම මෙහි කැපී පෙනෙන වෙනසක් වී තිබෙනවා. එමෙන්ම Customize කරගත හැකි නව Widgets පහසුකමක්ද මෙයට ඇතුලත්. පරිශීලක අත්දැකීම් සියල්ලම ‌විශාල වෙනසකට ලක්ව ඇති අතර Sound experiences ද වැඩිදියුණු කිරීමකට ලක්ව තිබෙනවා.Windows 10 වලට වඩා 11 සැහැල්ලු හා Speed වෙන අතර පද්දතියේ සැහැල්ලු බව ඇතිකිරීමට  Direct Storage නම් පහසුකමක් හදුන්වා දී තිබෙනවා. එමෙන්ම Windows 11 සදහා ලබාදෙන Updates වල ධාරිතාවය 45% පමණ අඩුකිරීමටත් සමාගම තීරණය කර තිබෙනවා.

Image:gsminfo

එමෙන්ම මෙහි ඇති වැදගත්ම කාරණය වන්නේ මෙම මොහෙයුම් පද්දතිය Android Apps සදහා සහය දැක්වීමයි. Microsoft විසින් මේ පිළිබදව පසුගිය වසරේදී නිවේදනය කර අතර Android App බාගත කිරීම Amazon AppStore මගින් සිදුවන බව සදහන් වනවා. Intel Bridge නම් තාක්ෂණයක් මේ සදහා යොදාගන්නා බවත් ඉදිරි මාසවලදී මෙහි වැඩිදියුණු කිරීම් සිදු කරන බවත් සමාගම කියා සිටිනවා.

Image:Microsoft

Windows 11 System requirements

  • A modern 1Ghz 64-bit dual-core processor
  • 4GB RAM
  • 64GB drive
  • 9-inch display
  • 1366x768 resolution
  • UEFI, Secure Boot & TPM 2.0 compatible
  • DirectX 12 compatible graphics / WWDM 2.x

Windows 11 සහය දක්වන්නේ 64 Bit සදහා පමණක් වන අතර . පෙර පැවති Windows 10 පද්දතිය 2GB Ram සදහා සහය දැක්වුවත් 11 පද්දතිය 4GB Ram අවම Ram ධාරිතාවක් ඉල්ලා සිටිනවා. මෙම මෙහෙයුම් පද්දතිය ධාවනය වීමට නම් උපාංගයේ තිරය අවම අගල් 9 විය යුතු බව සමාගම නිවේදනය කරනවා. එමෙන්ම මෙම පද්දතියද නොමිලේම භාවිතාකිරීමද සිදුකල හැකියි.

මෙම උපාංගය ඔබගේ පරිගණකයට සහය දක්වනවාදැයි දැනගැනීමට  PC health Check Tool ඔබගේ පරිගණකයේ Install කිරීම මගින් සිදුකල හැකියි. එළිදැක්වීමෙන් පසු නිළ වශයෙන් Windows නිකුත් කිරීමක් මේ වන තෙක් සිදුකල නැති අතර මෙහෙයුම් පද්දතිය ස්ථාවර වීමට තවත් මාස 7-8 ගතවනු ඇත. දැනට පවතින Windows 10 සදහා සමාගම 2025 වන තෙක් සහය දැක්වීමටද තීරණය කර ඇත.

Via : windows central , Beebom , 9to5google , Microsoft

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.