කෙටියෙන් පැවසුවහොත් Internet of Things යනු පරිගණක සහ ස්මාර්ට්ෆෝන් වලින් ඔබ්බට අන්තර්ජාලයේ බලය වෙනත් දේ, ක්‍රියාවලි සහ පරිසරය දක්වා ව්‍යාප්ත කිරීමයි.

අපගේ නිවසේ ඇති උපකරණ වල සිට විශාල කර්මාන්ත ශාලාවල ඇති උපකරණ දක්වා පද්දති අන්තර්ජාලයෙන් පාලනය කලහැකි බව ඔබ අසා ඇති. එමෙන්ම පුද්ගලයෙකුගේ ජීවිතය  අන්තර්ජාලයට සම්පූර්ණයෙන්ම වෙනස් කල හැකි බවත් ඔබ අසා ඇති.නමුත්  සත්‍ය වශයෙන්ම iot මෙලෙස නිර්වචනය කල හැකිය.

“ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් (අයිඕටී) යනු එකිනෙකට සම්බන්ධිත පරිගණක උපාංග, යාන්ත්‍රික හා ඩිජිටල් යන්ත්‍ර, වස්තූන්, සතුන් හෝ පුද්ගලයින්ට අනන්‍යතා හඳුනාගැනීම් ලබා දී ඇති අතර මිනිසුන්ට-මිනිසෙකුට හෝ මිනිසෙකුට අවශ්‍ය නොවී ජාලයක් හරහා දත්ත මාරු කිරීමේ හැකියාවයි. ”

iot සරලව තවදුරටත් හැදින්වුවහොත් , ඔබ මේ මොහොතේ මෙම ලිපිය කියවන උපාංගය ගැන සිතන්න එය දුරකථනයක් හෝ පරිගණකයක් විය හැකිය. නමුත් එය අනිවාර්යයෙන් අන්තර්ජාලයට සම්බන්ද වී ඇත. දැන් ඔබ ස්මාර්ට් නොවන ජංගම දුරකතනයක් ගැන සිතන්න ඔබට ඇමතුම් හා කෙටි පණිවිඩ හැරෙන්නට කිසිවක් කල නොහැකිය. නමුත් එයට අන්තර්ජාලය සම්බන්ද කර වැඩිදියුණු කිරීමෙන් පසු ඔබට කල නොහැකි දෙයක් නොමැත.මෙලෙස අප අවට ඇති උපකරණ අන්තර්ජාලයට සම්බන්ද කිරීමට හැකිනම් අපට විශාල ප්‍රතිලාභ රැසක් ලබාගත හැකිය.

image:dzone.com

ඒ අනුව Internet of Things යනු සරල සංකල්පයකි, පරිසරයේ ඇති සියලුම දේ අන්තර්ජාලයට සම්බන්ද කිරීම iot ලෙස හැදින්විය හැකිය.

IoT වැදගත් වන්නේ ඇයි ?

උපාංගයක් අන්තර්ජාලයට සම්බන්ද වූ විට එයට දත්ත යැවීම හා දත්ත ලබාගැනීමේ හැකියාව ලැබෙන අතර මේ නිසා ‌එම උපකරණ වලට බුද්ධියක් ලැබී ඇත. ඔබට ඔබගේ දුරකතනයෙන් ලොව ඔනෑම ස්ථානයක සිට ඔබට අවශ්‍ය ගීතයක් ඇසීමේ හැකියාවක් ඇත නමුත් ඔබගේ දුරකතනයේ සියලුම ගීත ගබඩා කර ඇති නිසා නොවේ. වෙනත් ස්ථානයක ගබඩා කර ඇති  දත්ත එම උපකරණයට ලබා ගත හැකි නිසාය.

5G ආගමනය සහ දුරකථන සන්නිවේදන තාක්ෂණයේ විකාශය
මානව ඉතිහාසය අධ්‍යනය කිරිමේදී සන්නිවේදනයට හිමිවන්නේ ඉතාමත් වැදගත් ස්ථානයක්.විවිධ සන්නිවේදන ක්‍රම පිළිබඳව අපට සාක්ෂි හමුවන්නේ ක්‍රි.පූ 206 වැනි ඉතා ඈතඅතීතයේදී. මිනිසාගේ පරිණාමයත් සමඟ සන්නිවේදන තාක්ෂණයද ක්‍රමයෙන් දියුණු වුනා වගේමඑයට අවස්ථා කිහිපයකදීම උත්ප්‍රේරක ලෙස නව සොයා ගැනීම් කිහිපයක් එකතු ව…

එමනිසා යම් දෙයක් ස්මාර්ට් වීමට හෝ බුද්ධිමත් වීමට එයට විශාල ගබඩා කිරීමේ හැකියාවක් හෝ සුපිරි පරිගණකයක් අවශ්‍ය නොවේ.සිදු කල යුතු වන්නේ සියල්ල විශාල ධාරිතාවක් සහිත සුපිරි පරිගණකයකට සම්බන්ද කිරීමයි.

iot‌ මෙම කරුණ අනුව කොටස් තුනකට ‌බෙදිය හැකිය ,

  • තොරතුරු රැස්කර යවන දේවල්.
  • තොරතුරු ලබාගෙන ඒ මත ක්‍රියා කරන දේවල්.
  • දෙකම කරන දේවල්.

තොරතුරු රැස් කිරීම සහ යැවීම

මේ නමින් හැදින්වෙන්නේ සංවේදකයි. (Sensors) උෂ්ණත්ව සංවේදක, චලන සංවේදක, තෙතමනය සංවේදක, වායු ගුණාත්මක සංවේදක, ආලෝක සංවේදක ආදිය මේ යටතට ගත හැකිය.මේවා මගින් නිවැරදිව දත්ත එක්රැස් කිරීම මගින් නිවැරදි තීරණ ගැනීමේ හැකියාවක් පවතී.අපගේ පෙනීම, ඇසීම, සුවඳ, ස්පර්ශය සහ රසය අපට, මිනිසුන්ට, ලෝකය පිළිබඳ හැඟීමක් ඇති කිරීමට ඉඩ දෙන ආකාරයටම සංවේදක මගින් උපකරණ වලට ලෝකය ගැන හැගීමක් ලබා දිය හැකිය.

විවිධ වර්ගයේ Sensors image electronicshub.org

තොරතුරු ලැබීම සහ ක්‍රියා කිරීම

ඔබගේ මෝටර් රථයේ දුරස්ථ පාලකය මගින් සංඥා ලැබුනු විට පමණක් දොරවල් විවෘත වේ.atm එකක කාඩ්පත ඉවත්වූ විට පමණක් මුදල් නිකුත් කරයි.මේ සදහා උදාහරණ රැසක් අවට පරිසරයෙන් දැකබලා ගත හැක.

දෙකම කිරීම

උදාහරණයක් ලෙස, අප ගොවිපලක වගාවක් ගැන කතාකරමු.ගොවියාට බෝග වලට කොපමණ ජලය දැමිය යුතු දැයි පැවසීමට සංවේදක මගින් පාංශු තෙතමනය පිළිබඳ තොරතුරු රැස් කළ හැකිය නමුත් ඒ සදහා ගොවියෙකු අවශ්‍ය නොවේ.පසෙහි තෙතමනය කොපමණ ද යන්න මත පදනම්ව වාරිමාර්ග පද්ධතියට අවශ්‍ය පරිදි ස්වයංක්‍රීයව ක්‍රියාත්මක විය හැකිය.

එමෙන්ම එම පද්දතිය වැඩිදියුණු කිරීමෙන් පසු  වාරිමාර්ග පද්ධතියට එහි අන්තර්ජාල සම්බන්ධතාවයෙන් කාලගුණය පිළිබඳ තොරතුරු ලබාගත හැකි අතර වැසි ලැබෙන දිනවලදී ජලය සැපයීමෙන් වැලකී සිටිය හැකිය.එමෙන්ම බෝගවල වර්ධනය පසෙහි තත්වය ආදිය නිරීක්ෂණය , පලිබෝද රෝග පාලනය ආදිය යන සියල්ල පාලනයට පද්දතිය සුපිරි පරිගණකයක් හරහා සම්බන්ද කිරීමට ඇල්ගොරිදම වැඩිදියුණු කිරීම iot හරහා සිදු කල හැකිය.මේ අනුව දිනෙන්දින වර්ධනය වන ලෝක ජනගහනයට ආහාර නිශ්පාදනය මහා පරිමාණයෙන් සාර්ථකව සිදු කිරීම කල හැකිය.අවශ්‍යනම් වෙනත් ග්‍රහලෝකයක උවත්.

iot සදහා සූදානම් වන ශ්‍රී ලංකාව 

දැන් ඔබට iot සංකල්පයෙහි වැදගත්කම හොදින් පැහැදිලි වන්නට ඇත.iot විශාල පරාසයක විහිදී ඇති තාක්ෂණයක් වන අතර එය ලෝකය ආක්‍රමණය කරමින් සිටියි.