'Joker' වෛරසය ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලට නැවත පැමිණ ඇත. එයට ඔබේ බැංකු ගිණුම් හිස් කළ හැකිය

News Aug 26, 2021

බෙල්ජියම් පොලීසිය  එරට ජනතාවට අනතුරු අගවා ඇත්තේ Joker වෛරසය නැවතත් Andoid දුරකතනවලට පැමිණ ඇති බවයි. මෙම අනිශ්ට මෘදුකාංගයට පරිශීලකයිගේ අනුමැතියකින් තොරව ‌ජංගම දුරකතනයෙන් ගෙවීම් කටයුතු සදහා දායක විය හැකි අතර ඔබ නොදැනුවත්වම බැංකු ගිණුම් හිස්කල හැකිය.
මෙම joker වෛරසය 2017 දී හදුනාගත් අතර Google Play යෙදුම් සමගින් උපාංග වලට ඇතුල් වීම සිදුවේ. මේ හේතුවෙන් යෙදුම් 1700 පමණ Google Play වෙතින් ඉවත්කිරීමට ඔවුන්ට සිදුවීය.
නැවතත් ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් 24 ක ‘ජෝකර්’ වෛරසය 2020 සැප්තැම්බර් මාසයේදී සොයා ගන්නා ලදී. දැන් මෙම තත්වය ලොව පුරා වර්ධන වෙමින් පවතින බව entrepreneur වෙබ් අඩවිය සදහන් කරයි.

ජෝකර් වෛරසය ක්‍රියා කරන්නේ කෙසේද?


සයිබර් ආරක්‍ෂක සමාගමක් වන Quick Heal Security Lab හි පර්යේෂකයින් සදහන් කරන්නේ මෙම වෛරසය ආසාදිත ස්මාර්ට් ජංගම දුරකථන වලට OTP වැනි කෙට් පණිවිඩ ආදිය කියවිය හැකි බවයි. මෙම වෛරසය බොහොවිට කරන්නේ පරිශීලකයා දැනට භාවිතා කරන යෙදුම් වලට ගෙවන ලද අනුවාදයට ( Paid ) යෙදුම් පරිශීලකයා නොදැනුවත්වම Upgrade කිරීමයි.

ජෝකර් වෛරසය දැනට ඇතුල් වී ඇත්තේ කුමන ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් වලද?

Google Play මෙම යෙදුම් තුල දැනට joker හදුනාගන ඇති අතර ඒවා Google Paly ‌වෙතින් ඉවත්කර ඇත.

  • Auxiliary Message
  • Element Scanner
  • Fast Magic SMS
  • Free CamScanner
  • Go Messages
  • Super Message
  • Super SMS
  • Travel Wallpapers

කෙසේ වෙතත් පර්යේෂකයින් සදහන් කරන්නේ මේවන විටත් හදුනා නොගත් යෙදුම් මගින් මිලියන ගණනක් දුරකතන වලට මෙය ආසාදනය වී ඇති බවත් පරිශීලකයින් තමන් දැනටමත් මෙම සයිබර් වංචාවට ගොදුරු වී ඇති බව ඔවුන් නොදන්නා බවයි.

Zscaler සමාගම තවත් සැක සහිත යෙදුම් 16 ක නම් ප්‍රසිද්ධ කර ඇත.

Private SMS
Hummingbird PDF Converter - Photo to PDF
Style Photo Collage
Talent Photo Editor - Blur focus
Paper Doc Scanner
All Good PDF Scanner
Care Message
Part Message
Blue Scanner
Direct Messenger
One Sentence Translator - Multifunctional Translator
Mint Leaf Message-Your Private Message
Unique Keyboard - Fancy Fonts & Free Emoticons
Tangram App Lock
Desire Translate
Meticulous Scanner

මෙම වෛරසයෙන් ආරක්ෂා වීමට ඔබ‌‌ට කල හැක්කේ මෙම අණාරක්ෂිත යෙදුම් ඔබගේ දුරකතන‌යෙන් ඉවත් කිරීමත්. ඔබට අත්‍යාවශ්‍ය නොවන යෙදුම්ද දුරකතනයෙන් ඉවත් කර දමා නිරතුරුව යාවත්කාලීන කිරීමත්ය. ඔබගේ බැංකු කටයුතු වලට ගන්නා දුරකතන සිම්පත් Android නොවන සමන්‍ය කුඩා දුරකතනයකින් භාවිතා කිරීමෙන් මෙම වෛරසය මගින් 100% ආරක්ෂා විය හැකිය.

Via: entrepreneur.com / Zscaler , Images: republicatimes

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.